Royal Cashews සමාගම NCE රන් සම්මාන දිනයි

ROYAL CASHEW (LBN)

දේශීය කජු ගොවීන් බල ගන්වමින් ශ්‍රී ලාංකේය කජු සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන Royal Cashews සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ NCE අපනයන සම්මාන 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, නැවුම් සහ සකසන ලද අපනයන කෘෂි නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. Royal Cashews සමාගම 1999දී ඇරඹූ අතර ශ්‍රී ලාංකේය කජු නිෂ්පාදන ජාත්‍යන්තර තලයට රැගෙන යාම එහි මූලික අරමුණ විය. එය වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lanka වැනි සමාගම් රැසකින් සමන්විත සමූහ ව්‍යාපාරයකි. එම සමාගම් දේශීය ගොවීන්ගෙන් මිල දී ගන්නා කජු අස්වැන්න වැඩි දියුණු කළ නිෂ්පාදන බවට හරවා දේශීය හා විදේශීය වෙළෙඳ පොළට සපයයි.

 



 

කැනඩාව, චීනය, මැලේසියාව, ජපානය, එක්සත් ජනපදය, මාලදිවයින, ස්විට්සර්ලන්තය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන Royal Cashews මෙරට විශාලම කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි සැල් ජාලයටද හිමිකම් කියයි. One Galle Face, Shangri – La, Crescat, Marino Mall, K-Zone – ජාඇල සහ මොරටුව, Kandy City Center, Colombo City Center, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය – කොළඹ, වැලිපැන්න සේවා ප්‍රදේශය, නුගේගොඩ, ගාල්ල සහ බොරැල්ල වැනි ස්ථාන රැසක සමාගමට අයත් කජු අලෙවි සැල් පිහිටා තිබේ. Royal Cashews මාර්ගගත ක්‍රමයටද නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකසා ඇත. www.royalcashew.com වෙබ් අඩවිය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයකට රසයෙන් සහ ගුණයෙන් සපිරි Royal Cashews නිෂ්පාදන ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. Royal Cashews ISO 14001:2015, ISO 22000:2018, පාරිසරික කළමනාකරණ පද්ධති ප්‍රමිති සහතිකය, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති ප්‍රමිති සහතිකය, HACCP සහ GMP වැනි සියලු ප්‍රමිති සහතිකවලට හිමිකම් කියන මෙරට පළමු කජු සැකසුම්කරුද වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව