ROKY Holdings විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි

ROKY Holdings IMAGE - 2

මෙරට ජල පවිත්‍රතා විසඳුම් සහ සේවා සපයන්නන් අතර ප්‍රමුඛයෙකු වන ROKY Holdings පෞද්ගලික සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. ROKY Holdings ප්‍රධාන විධායක නිලධාරී කසුන් රත්නායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. CIDA සහ CEA ආයතනවල ලියාපදිංචිය ලැබූ ROKY Holdings පානීය ජලය හා අපජලය පිරිසිදු කිරීම සහ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ සේවා සපයයි. ජලය පිරිසිදු කිරීම සඳහා වන සම්ප්‍රදායික පද්ධති, පැකේජ වර්ගයේ පද්ධති, RO NANO පද්ධති සහ දෙමුහුන් පද්ධති ඔවුන් සපයන සේවා අතර ප්‍රධාන වේ.

 



 

වර්තමානයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ නාවික හමුදාව වැනි රාජ්‍ය ආයතන, ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම්, සිංහ සමාජය හා රොටරි සමාජය, වෙනත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන වැනි පාර්ශ්ව රැසක් සමඟ එක් වී ඇති ROKY Holdings දිවයින පුරා පානීය ජල පවිත්‍රතා ව්‍යාපෘති රැසක් දියත් කර ඇත. ‘විශ්වාසයේ පිරිසිදුකම’ යන තේමාව මුල් කර ගනිමින් දැරිය හැකි මිලකට විශ්වාසවන්ත සේවා සපයන ROKY Holdings දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ඇත. පානීය ජල පවිත්‍රතා සේවා සහ නිෂ්පාදන සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වීම ඉලක්ක කර ගත් එම සමාගම කෙටි කාලයකින් සුවිශාල වර්ධනයක් ලබා ඇත. වාණිජ ව්‍යාපෘතිවලට අමතරව විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘතිද ක්‍රියාවට නංවන එම සමාගම පිරිසිදු පානීය ජල සැපයුම සීමා සහිත ප්‍රදේශ රැසක පානීය ජල පවිත්‍රතා ඒකක ස්ථාපනය කර ඇත. පාසල් දරුවන් සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයන් ඇතුළු සෑම ප්‍රජාවකටම ප්‍රමාණවත් පරිදි පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති සඳහා වෙනත් විවිධ ආයතනවලද සහයෝගය ලැබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව