‘Ritzbury Summa Super 16 Junior Rugby Carnival 2024’ සඳහා තුන්වැනි වරටත් රිට්ස්බරි අනුග්‍රාහකත්වය දක්වයි

Image- Rugby 2024 (1) (LBN)

යොවුන් රග්බි ක්‍රීඩකයන් බලගන්වන ‘Ritzbury Summa Super 16 Junior Rugby Carnival 2024’ රග්බි සැණකෙළියට අඛණ්ඩව තෙවැනි වරටත් අනුග්‍රහය දැක්වීමට රිට්ස්බරි ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා රිට්ස්බරි දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම අනුග්‍රාහකත්වය දැක්විය හැක.

අඛණ්ඩව වසර 15 ක් පුරා පැවැත්වෙන ‘Summa Super 16 Junior Rugby Carnival’ රග්බි සැණකෙළිය යොවුන් රග්බි ක්‍රීඩකයන්ට තම දක්ෂතා විදහා දැක්වීම සඳහා ලැබෙන අනගි අවස්ථාවකි. වයස අවුරුදු 10 න් පහළ සහ 12 න් පහළ කාණ්ඩ යටතේ පැවැත්වෙන මෙම රග්බි සැණකෙළියට මෙවර පාසල් 44 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් සහභාගී වීමට නියමිතය.

 



 

‘Ritzbury Summa Super 16 Junior Rugby Carnival 2024′ රග්බි සැණකෙළියේ පළමු වටයේ තරග සැප්තැම්බර් 29 දින, දෙවැනි වටයේ තරග ඔක්තෝබර් 12 වැනි දිනද කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේදී (RSC) පැවැත්විණි. තුන්වැනි වටයේ තරග නොවැම්බර් 02 දින RSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, 4 වැනි වටයේ තරග නොවැම්බර් 16 දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

අවසන් වටයේ තරග මෙලෙස මහනුවර නගරයේදී පැවැත්වීම සඳහා සංවිධායක මණ්ඩලය විසින් ක්‍රමෝපායික තීරණයක් ගෙන ඇත්තේ, මෙම ජනප්‍රිය රග්බි සැණකෙළියට සහභාගී වීමට එම ප්‍රදේශයේ සිසුන්ට සහ පාසල්වලට වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණිනි.

“’Ritzbury Summa Super 16 Junior Rugby Carnival 2024’  යනු ශ්‍රී ලංකාවේ අනාගත රග්බි තරු කරළියට රැගෙන ඒම සඳහා අප දරන උත්සාහය මැනැවින් නිරූපණය කරන වැඩසටහනක්. නැවත වරක් මෙම සැණකෙළියට අනුග්‍රහය ලබාදීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වන අතරම, තරගාවලියේදී උපරිමයෙන් දස්කම් දැක්වීමට අදිටන් කරගන්නා මෙන් මා සියලුම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.” CBL Foods International සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.

මෙම රග්බි සැණකෙළියේ මූලික අරමුණ වන්නේ රග්බි ක්‍රීඩාවේ දියුණුවට අත්වැලක් වන අතරම නවක රග්බි ක්‍රීඩකයන්ට සුහද තරග මාලාවක් තුළදී තම දක්ෂතා විදහා දැක්වීමට අවස්ථාව සලසා දීම ය. ක්‍රීඩාශීලීත්වයට මුල්තැන දෙන මෙම රග්බි සැණකෙළියේදී ජයග්‍රාහකයන් තේරීමක් සිදු නොවන අතර, ඒ වෙනුවට අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් සහ සුහදත්වයෙන් යුතුව ක්‍රීඩා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබේ.

“ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නැවත වරක් මෙලෙස රිට්ස්බරි සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙවර මෙම රග්බි සැණකෙළියට පාසල් 44 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් සහභාගී වීමම එහි සාර්ථකත්වයට සාක්ෂි දරනවා.” සංවිධායක කමිටුවේ සභාපති ගෙහාන් ඩයස් මහතා පැවසී ය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ජනප්‍රියත්වය සහ ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ යමින් පවතී. එම නිසා ‘Ritzbury Summa Super 16 Junior Rugby Carnival 2024’ වැඩසටහන අතිශයින් සාර්ථක වනු ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු දල්වනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ චොක්ලට් කර්මාන්තයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන රිට්ස්බරි විශ්වාස කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව