
පසුගිය අප්‍රේල් මාසයේ සෞදි අරාබියේ දමාම් නගරයේදී පැවැත්වුණු 6 වැනි ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු විශේෂ ඇගයීමකට ලක්කිරීමට Ritzbury පසුගියදා කටයුතු කළේය. Ritzbury යනු දීර්ඝ කාලයක පටන් මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන සන්නාමයකි.
මෙම තරගාවලියේ විවිධ ඉසව්වල ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සමත් වූ අතර, ඒ අතරින් 5 දෙනෙකුම ‘Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහනේ සාමාජිකයෝ වූහ. ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් Ritzbury විසින් ඔවුන්ට උපහාර පිරිනමන ලදී.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය 2025 මැයි 02 දින කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යමය අත්වැලක් ලබාදීමද සිදු විය. මෙම අවස්ථාවට CBL Foods International (Pvt) Ltd හි අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවි නිලුක්ෂ බැස්ටියන්ස් යන මහත්වරුන්ද සහභාගී වූ අතර, ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දීම සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැරූ උත්සාහය සහ කැපවීම ඔවුන්ගේ ඇගයීමට ලක් විය. ඊට අමතරව Ritzbury ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහනේ උපදේශක සුසන්ත ප්‍රනාන්දු, Ritzbury කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ සහ Ritzbury සහකාර සන්නාම කළමනාකරු දුලාංජන් අබේසේකර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්වේදී රන් පදක්කමක් සහ සහය දිවීම ඉසව්වේදී රිදී පදක්කමක් හිමි කරගත් එම්. ජී. ටී. අභිෂේකා ප්‍රේමසිරි, මීටර් 100 ඉසව්වේදී සහ සහය දිවීම ඉසව්වේදී රිදී පදක්කම් දෙකක් හිමි කරගත් ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු, මීටර් 800 ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත් එච්. ඩී ශවිඳු අවිශ්ක, මීටර් 1500 ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ජී. ඩී. ළහිරු අචින්ත සහ උස පැනීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ජේ. එච්. පී. නේත්‍ය සම්පත් මෙම උත්සවයේදී ඇගයීමට ලක් වූහ.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම උදෙසා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ද විශේෂ ඇගයීමකට ලක්කිරීමට Ritzbury මෙහිදී කටයුතු කළේය. බුද්ධික නුවන්, අනුරාධ නානායක්කාර, ආර්. එච්. එම්. ජූඩ් චින්තක, කේ. එච්. ඒ. ඩී. එස්. අයි. කුලරත්න සහ සුරංජිත් සෙනරත් යන පුහුණුකරුවෝ එහිදී ඇගයීමට ලක් වූහ. ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරවීම සහ ඔවුන් පුහුණු කරවීම සඳහා මෙම පුහුණුකරුවන්ගෙන් ඉටු වූයේ ප්‍රශංසනීය මෙහෙවරකි.
2019 වසරේදී ආරම්භ වූ ‘Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහන, මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා Ritzbury ලබාදෙන සුවිශේෂී දායකත්වයේ තවත් වැදගත් ඉදිරි පියවරක් විය. මෙම වැඩසටහන රට පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශිෂ්ටතමයන් හඳුනාගෙන ඔවුන්ට සවිමත් අත්වැලක් පිරිනමයි. මේ වන විට පුළුල් වී ඇති ‘Ritzbury මව්බිමට වීරයෙක්’ වැඩසටහනේ සහයෝගය හිමි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 65 කි. මෙම වැඩසටහන මගින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට අත්වැලක් වීම සඳහා මූල්‍යාධාර පිරිනමනු අතර, එය සමස්තයක් ලෙස රටේ ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා ලබා දෙන අර්ථවත් දායකත්වයක් ලෙසද හැඳින්විය හැකි වේ.