RIOCOCO Lanka සමාගම Stevie American Business Awards රිදී සම්මාන ද්විත්වයක් දිනයි

RIOCOCO

පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර Marriot Marquee හෝටලයේදී සම්මාන උළෙල පැවැත්විණි. ශාන් හළඹ මහතා 2004දී ඇරඹූ RIOCOCO සමාගමේ ආයතනික ප්‍රධාන කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පිහිටා ඇත. මධ්‍යම පරිමාණයේ සිට ඉහළ තාක්ෂණික හරිතාගාර සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ පොල් වගා මාධ්‍ය නිෂ්පාදනය කරන ඔවුන් ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගමක් බවට පත් විය. එම සමාගම පසුගිය වසර කිහිපයේදී සිය මෙහෙයුම් රටවල් 65ක් පුරා ව්‍යාප්ත කර තිබේ.

 



 

“මෙවැනි ප්‍රමුඛ සම්මාන දෙකක් දිනා ගැනීමට ලැබීම භාග්‍යයක්. අපි විශිෂ්ට යමක් කළා කියලා දැනෙනවා. ඒ නිසයි අපට මේ සම්මාන දිනා ගන්න හැකි වුණේ. මේ ජයග්‍රහණය වඩාත් කැපවීමෙන් ඉදිරියේදීත් කටයුතු කරන්න අපට ලැබුණු අභිප්‍රේරණයක්. අපගේ ඊළඟ බලාපොරොත්තුව රන් සම්මාන දිනා ගැනීම. අප සමාගමේ ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද කාර්ය මණ්ඩලයට වගේම ලොව පුරා විහිදී සිටින පාරිභෝගිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.” RIOCOCO සමාගමේ උප සභාපති ටීෂා පෙරේරා මහත්මිය පැවසීය. 2002දී ඇරඹූ Stevie’ American Business Awards සම්මාන උළෙලේදී කැපී පෙනෙන ජයග්‍රහණ ලබන සහ විවිධ ක්ෂේත්‍ර උදෙසා ධනාත්මක දායකත්වයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් වේ. විවිධ ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් නවයකට අදාළව එම සම්මාන උළෙලට වාර්ෂිකව ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව 12,000 ඉක්මවයි. විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයන් ඇතුළු වෘත්තිකයන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් එහි විනිශ්චය සිදු කරන අතර දීර්ඝ ඇගැයීම්වලින් අනතුරුව සම්මානලාභීහු තෝරා ගැනෙති. ප්‍රධාන පෙළේ අලෙවිකරුවන් සහ රජයේ ආයතනවල අනුග්‍රහය යටතේ පැවැත්වෙන එම සම්මාන උළෙල ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙස හැඳින්වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව