Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

Richwin Investment and Credit

Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම ලෙසද සම්මානයට පාත්‍ර විය.

Richwin Investment and Credit සමාගම පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයන අතර ව්‍යාපාර සහ පෞද්ගලික ණය, ඉඩම්, වාහන සහ චෙක්පත් ඇප මත සපයන ණය, රන් ණය, සහ කණ්ඩායම් ණය ප්‍රධාන තැනක් ගනී. එම සමාගම පසුගිය කාලය පුරා පාරිභෝගිකයන් සහ ව්‍යාපාර බල ගැන්වීම ඉලක්ක කර ගත් නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. ආයෝජන සඳහා මාසික හෝ වාර්ෂික ආදායම, පිළිගත් ආයෝජන ගිවිසුම් සහතිකයක් සැපයීම, ආයෝජන මත ණය මුදලක් ගැනීමට ඇති හැකියාව වැනි වාසි රැසක් එම සමාගම සමග ආයෝජනය කරන පාරිභෝගිකයන්ට ලැබේ. ආයෝජකයන්ට ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ සැපයීමටද එම සමාගම කටයුතු කරයි. එම සමාගම් ජාලයටම අයත් රිච්වින් ප්ලාසා පෞද්ගලික සමාගම ලොව පුරා පිළිගත් සන්නාම යටතේ ජංගම දුරකතන සහ විදුලි උපාංග අලෙවි ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සමාගමේ ශාඛා මීගමුව, කටාන සහ ජා ඇළ පිහිටා ඇත. ණය කාඩ් හෝ ඇපකරුවන්ගෙන් තොරව පහසු ගෙවීමේ ක්‍රමයට එම සමාගමෙන් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රිච්වින් ප්ලාසා සමාගම ණය කාඩ් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම සපයන මෙරට එකම සමාගමද වේ. ගුණාත්මක බව සහ පාරිභෝගික පහසුව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම අලෙවියන් පසු විශිෂ්ට සේවාවක් සපයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව