Retail IT සංවිධානය කළ Retail Technology Trends 2025 ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ

1000148398

POS දෘඩාංග සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Retail IT පෞද්ගලික සමාගම සංවිධානය කළ Retail Technology Trends 2025 සමුළුව වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සුපිරි වෙළෙඳසැල්, ආගන්තුක සත්කාර, රෙදිපිළි, පොත් අලෙවිසැල් වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තිකයෝ ඊට සහභාගී වූහ. ඔවුන්ට නවීන තාක්ෂණය මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි. POS තාක්ෂණය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන Posiflex සහ Retail IT සමාගම් අතර ඇති දීර්ඝකාලීන හවුල්කාරිත්වය මෙහි කැපී පෙනෙන අංගයක් විය. එම සමාගම් පසුගිය වසර 15 පුරා මෙරට සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ සුවිශේෂ අවශ්‍යතාවලට ගැළැපෙන කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ තාක්ෂණික විසඳුම් සපයා ඇත. මෙහිදී Posiflex නාමය යටතේ එන නවතම POS පද්ධතිද එළිදැක්විණි.

Retail IT ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග, ජෝන් කීල්ස් සමූහයේ නාලක උමගිලිය, Moore Aiyar සමාගමේ රුවන් පෙරේරා, WebXPay සභාපති තිලක් පියදිගම ඇතුළු ප්‍රවීණයෝ රැසක් නවීන තාක්ෂණය, නව්‍ය ගෙවීම් ක්‍රම, ව්‍යාපාරවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන උපායමාර්ග ආදියෙන් පිළිබඳව අදහස් දැක්වූහ. සහභාගී වූවන්ට Posiflex POS පද්ධති, Retail IT සමාගමේ ReTech උපාංග, ස්මාර්ට් POS හා ERP පද්ධති වැනි මෘදුකාංග සහ ගිණුම්කරණ හා මානව සම්පත් කළමනාකරණ මෘදුකාංග පිළිබඳව ප්‍රයෝගික දැනුම ලැබීමට හැකි ලෙස මෙම සමුළුව සංවිධානය කර තිබිණි. POS පද්ධති, සහෘද කළමනාකාරීත්ව මෙවලම්, නව්‍ය ගෙවීම් විසඳුම් වැනි පුළුල් පරාසයක විහිදුණු තාක්ෂණික විසඳුම් තුළින් ව්‍යාපාර බල ගන්වන Retail IT සමාගම පාරිභෝගික තෘප්තිය සහ ගුණාත්මකභාවය ප්‍රමුඛ කර සළකයි. පාරිභෝගිකයන්ට මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රමවලින් අවශ්‍ය සහාය සපයන එම සමාගම ඒ ඒ ව්‍යාපාරයට ගැළැපෙන ආකාරයෙන් නඩත්තු සැළැසුම් නිර්මාණය කර ඇත. කීල්ස්, සරසවි, නෝලිමිට් වැනි දැවැන්ත ව්‍යාපාර සමඟ හවුල් වී ඇති ඔවුන් තරගකාරී වෙළෙඳපොළ අභියෝග ජය ගැනීමට ව්‍යාපාරවලට සහාය වීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයා වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව