‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ හිදී අනාගත ව්‍යාපාර ලෝකයට ගැලපෙන තාක්ෂණික විසඳුම් රැසක් ඉදිරිපත් කරයි

Final_Sinhala_ Retail IT Industry Technology (LBN)

සුමති හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ආයතනයක් වන Retail Information Technologies (RIT) සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ ව්‍යාපාරික හා තාක්ෂණ විශේෂඥයින් රැසක් ඒකාබද්ධ කර ගනිමින් ‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිදී මෙරට ව්‍යාපාරික අංශයේ ඉදිරි අනාගතය තාක්ෂණයෙන් සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කරනු ලැබූ ඔවුනගේ නවතම මෘදුකාංග විසඳුම් රැසක් ද RIT විසින් හඳුන්වා දෙන ලදී.

 



 

කෘත්‍රීම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අනන්‍යතා හඳුනාගැනීම, smart shelf systems, cloud තාක්ෂණය මත පදනම් වූ (POS) උපාංග සහ ජංගම තාක්ෂණීක විසඳුම් ඇතුළු උසස් මට්ටමේ ව්‍යාපාරික තාක්ෂණ විසඳුම් පරාසයක් ඒ අනුව ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවේ දී Anvin Infosystems විසින් නිර්මාණය කරනු ලැබූ AdlER ඩිජිටල් සැකසුම ද හඳුන්වා දුන් අතර, ගෝලීය තාක්ෂණික ප්‍රමුඛයින් පිරිසක් වන Posiflex, Sam4s, Zonerich, Zebra සහ Anviz වැනි සමාගම්වල දෘඩාංග සහ උපාංගයන් ද ප්‍රදර්ශනය කරන ලදී. එමෙන්ම සජීවී නිරූපණයන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් ඔස්සේ නව තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට මෙහි පැමිණ සිටි පිරිසට අවස්ථාව උදා කිරීමෙන් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම තාක්ෂණික හවුල්කරුවෙකු වශයෙන් RIT හි කාර්යභාර්ය ද මැනවින් පිළිබිඹු විය.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Retail IT හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සැවියෝ ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘‘සියලුම පරිමාණයේ ව්‍යාපාරයන්හි වර්ධනය උදෙසා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වටිනාකමක් එකතු කිරීම සඳහා RIT හි අප අඛණ්ඩ සේවාවක් ලබා දෙමින් සිටිනවා. මෙකී මෙහෙවරට සහාය වීම සඳහා අප RIT Trends හඳුන්වා දුන් අතර, එය මෙරට ව්‍යාපාරික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකට එකතු වී දැනුම බෙදාහදා ගනිමින් ව්‍යාපාරික ඩිජිටල් අංශය ධනාත්මක අයුරින් පරිවර්තනය කරන සන්ධිස්ථානයක් බවට පත්ව තිබෙනවා. අපගේ නවතම පද්ධතින් හා ගෝලීය හවුල්කාරීත්වයන් තුළින් ශ්‍රී ලංකාව අනාගත ලෝකයට සූදානම් වැදගත් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කරමින්, අපගේ ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම අපගේ ප්‍රධානතම අරමුණයි’’

මෙහිදී අදහස් දැක්වූ Anvin Infosystems හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු Shammel Sheriff මෙසේ සඳහන් කළේ ය. ‘‘ව්‍යාපාර කටයුතුවලදී එදිනෙදා මුහුණු දෙන විවිධාකාර අභියෝගයන් හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් පිණිස අප AdlER ERP තාක්ෂණික පද්ධතිය නිර්මාණය කර තිබෙනවා. එය හුදෙක් ව්‍යාපාර වලට පමණක් නොව, ආගන්තුක සත්කාර, නිෂ්පාදන හා බෙදාහැරීමේ කර්මාන්ත, මුල්‍ය, සැපයුම් දාම, මානව සම්පත් කළමනාකරණය සහ ජංගම මෙහෙයුම් යන අංශයන් සඳහා ද භාවිතයට පහසු මොඩියුලයන් අප ලබා දෙනවා. එම විසඳුම් පද්ධති ඔස්සේ ව්‍යාපාරයන්හි ක්‍රියාවලිය මෙන්ම ඵලදායිතාවය වැඩි දියුණු කිරීමට මනා හැකියාක් ලැබෙනවා’’

ඊට අමතරව, Retail IT හි උපාංග කාණ්ඩය භාර නිලධාරිනි දිනේෂා විජේසිරි ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික් ලේබල් (SEL) සජීවී ලෙස භාවිතා කිරීම සජීවීව නිරූපණය කළ අතර, ව්‍යාපාරික වෙළඳුන්ට POS උපාංග පද්ධතිය හරහා අලෙවිසැල් හි මිල ගණන්, නිෂ්පාදන තොරතුරු සහ ප්‍රවර්ධනයන් පිළිබඳව ක්ෂණිකව යාවත්කාලීන විය හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා ය.

විශ්වාසනීය මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට නවතම තාක්ෂණික පද්ධති හඳුන්වා දීමේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති RIT සිය උපාමාර්ගික හවුල්කාරීත්වයන් සහ ඩිජිටල් විසඳුම් තුළින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය සමෘද්ධිමත් කිරීමට කැප වී ඇති අතර, පාරිභෝගික කේන්ද්‍රීය සේවවාවක් හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශය පුරාවට පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉදිරියටත් ඔවුන් කටයුතු කරනු ඇත.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව