Resplendent Ceylon සමාගමේ හෝටල් තුනටම 2025 Michelin Key පිළිගැනීම හිමි වේ.

Michelin RC - Horizontal

2025 ඔක්තෝබර් 11, කොළඹ: විශිෂ්ට සත්කාරකත්වය වෙනුවෙන් ලොව පුරා හෝටල්වලට පිරිනැමෙන Michelin Key distinctions හි 2025 අදියර පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණි. එහිදී Resplendent Ceylon හෝටල් සමාගමට අයත් හෝටල් 3 ටම  Michelin Key පිළිගැනීම හිමි විය. ඒ අනුව Ceylon Tea Trails හෝටලයට Michelin Keys 3 ක්, Wild Coast Tented Lodge හෝටලයට Michelin Keys 2 ක් සහ Cape Weligama හෝටලයට Michelin Keys 1 ක් හිමි වී ඇත.

ශ්‍රී ලංකාව තුළ Michelin Keys 3 ක් හිමිකරගත් එකම හෝටලය Ceylon Tea Trails වීම විශේෂත්වයකි. මෙය එම හෝටලය සතු ඉහළම තලයේ පහසුකම් සහ එමගින් පිරිනමනු ලබන විශිෂ්ට සත්කාරකත්වය සඳහා ලැබුණු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඇගයුමක් ලෙස හැඳින්විය හැක.
 



 

“අපගේ හෝටල් තුනටම මෙලෙස Michelin Key පිළිගැනීම හිමි වීම අපට මහත් ගෞරවයක්. ඒ අතරින් Ceylon Tea Trails හෝටලය ශ්‍රී ලංකාව තුළ Michelin Keys 3 ක් හිමිකරගත් එකම හෝටලය බවට පත් වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාවේ විශිෂ්ට සත්කාරකත්වය නිරූපණය වන ඉහළම තලයේ සේවාවක් අමුත්තන් වෙත ලබාදීම අපගේ අරමුණයි. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය දක්වන උනන්දුව හා කැපවීම මෙන්ම, ශ්‍රී ලංකාව ලොව සුඛෝපභෝගී ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙම ජයග්‍රහණය සාක්ෂි දරනවා.” Resplendent Ceylon සමාගමේ සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී  පැවැත්වුණු සමාරම්භක ගෝලීය සම්මාන උළෙලේදී Michelin Key ඇගයුම් නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි. ආපනශාලා සඳහා පිරිනැමෙන Michelin Star වර්ගයේ පිළිගැනීමක් හෝටල් සඳහාද පිරිනැමීමේ අරමුණින් Michelin Keys ඇගයුම් ක්‍රමය හඳුන්වා දෙන ලදි. Michelin Keys නිර්ණායක සපුරාලන විශිෂ්ටතම තලයේ හෝටල්වලට පමණක් එම ඇගයුම හිමි වේ. ගෘහ නිර්මාණ ශිල්පය හා අභ්‍යන්තර නිර්මාණකරණය, සේවා ගුණාත්මකභාවය, ස්වභාවය හා අනන්‍ය ලක්ෂණ, ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමි වීම සහ දේශීය පරිසරයට දක්වන දායකත්වය යන විශ්වීය නිර්ණායක පහක් යටතේ Michelin Keys ප්‍රදානය කරනු ලබයි. Boutique City Hotels සහ Heritage Castles වැනි හෝටල්වල සිට Ryokans, Luxury Tents සහ Remote Retreats දක්වා ඕනෑම කාණ්ඩයකට අයත් හෝටල් මෙම ඇගයුම සඳහා සලකා බැලේ. ඇතැම් හෝටල්වල Michelin Star පිළිගැනීම හිමි ආපනශාලා තිබිය හැකි නමුත් Michelin Keys පිරිනැමීම සඳහා එම සාධකය සැලකිල්ලට නොගැනේ.

මේ අතරින් Michelin Keys 3 ක් හිමි වීම සුවිශාල ජයග්‍රහණයක් වන අතර, ඉන් හැඟවෙන්නේ අදාළ හෝටලය සියලුම සාධක අතින් ඉදිරියෙන්ම සිටින බවයි. හෝටලයේ සැලසුම, නිමාව, පහසුකම් සහ සේවාව ඇතුළු සියල්ල විශිෂ්ට මට්ටමක පවතින බවත්, එහි නවාතැන් ගන්නා අමුත්තන්ට එය සදානුස්මරණීය අත්දැකීමක් වන බවත් එමගින් ගම්‍ය වේ.

Resplendent Ceylon පිළිබඳව

Relais & Châteaux හෝටල් සංගමයේ සාමාජිකත්වය හිමි එකම ශ්‍රී ලාංකික සමාගම වන Resplendent Ceylon, ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථාන කිහිපයක සිත් ඇදගන්නා පරිසරයන් මැද පිහිටි සුඛෝපභෝගී හෝටල් එකතුවක් පවත්වාගෙන යයි.. එම එකතුවට Ceylon Tea Trails, Wild Coast Tented Lodge සහ Cape Weligama යන හෝටල් ඇතුළත් වේ.

Relais & Châteaux යනු ලොව පුරා සංචාරකයන්ට සුවිශේෂී සත්කාරක අත්දැකීමක් සමග ප්‍රණීත ආහාරපාන රසවිඳීමට අවස්ථාව ලබා දීම ඉලක්ක කරගත් සුවිශේෂී හෝටල් සංගමයකි.

Resplendent Ceylon යනු ලොව පුරා ගෞරවය දිනූ ජනකාන්ත තේ සන්නාමයක් වන Dilmah Ceylon Tea හි සත්කාරක සේවා අංශයයි. එහි සමාගම් එකතුවට Ahu Bay සහ Kayaam Wellness ද ඇතුළත් වී තිබේ. එම සමාගම “Luxury with purpose” යන තේමාව යටතේ දිවයිනේ සංස්කෘතික උරුමය හා ජෛව විවිධත්වය සුරකින අතරම රටේ ප්‍රජාවන් සහ පරිසරයේ යහපත වෙනුවෙන් අර්ථවත් දායකත්වයක් ලබාදීමට කැප වී සිටී.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව