Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්

Emerald New Logo (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald International විසින් “Re-Imagine Emerald” නැවත සන්නාමකරණ ව්‍යාපෘතිය දියත් කරමින් Emerald සන්නාමයේ අනගිභවනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරයි.  සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන විලාසිතාවන් මිල දී ගත හැකි ස්ථානයක් ලෙස  ස්ථානගත වෙමින් මෙම නව ව්‍යාපෘතිය යටතේ  Emerald සන්නාමයේ නව ලාංඡනය  එළිදැක්වීය.

දීර්ඝ කාලයක් පුරා  කාර්යාලීය ඇඳුම් සැපයීම සඳහා කීර්තිමත් නාමයක් දිනා සිටින Emerald සන්නාමය, මෙම Re-Imagine Emerald ව්‍යාපෘතිය හරහා අනෙකුත් විලාසිතාවන් වෙත ද සිය අවධානය යොමු කරයි. ඒ අනුව Emerald වෙතින් තවදුරටත්  කාර්යාලීය ඇඳුම් විලාසිතාවන්ට පමණක් සීමා නොවී, ඕනෑම අවස්ථාවකට ගැලපෙන පිරිමි ඇඳුම් සැපයීම සිදු කරයි.
 



 
Emerald International හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අහමඩ් ඉක්‍රම් මහතා, “මෙය Emerald වෙතින් නව පෙනුමකින් යුත් විලාසිතාවන් හඳුන්වා දීමක් පමණක් නොව, අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තවදුරටත් පුළුල්  කිරීමක්.  අපට අවශ්‍ය වන්නේ Emerald යනු කාර්යාලීය ඇඳුම් විලාසිතාවන්ගෙන් එහා ගිය සැහැල්ලු ඇඳුම් විලාසිතා වන කමිස, ඩෙනිම්, Polos, Crewnecks, Utilitech Chinos, සහ කොට්න් Chinos, ඇතුළු පිරිමින් උදෙසා වන විවිධ ඇඳුම් විලාසිතාවන් සපයන සන්නාමයක් බවට ජනතාව දැනුවත් කිරීමටයි” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Emerald විසින් හඳුන්වා දුන් නව ලාංඡනය මඟින් සන්නාමය සතු ගෞරවණීය බව සහ කාලයට ගැලපෙන ලෙස ධනාත්මකව වෙනස් වීමට ඇති හැකියාව පෙන්නුම් කරයි. ඒ අනුව Emerald සිය විශ්වාසනීය  පාරිභෝගිකයන් සඳහා මෙන්ම නව පරපුර වෙනුවෙන් නවීනත්වය මුසු විලාසිතාවන් රැසක් තිලිණ කරයි.

ඔබටත් ළඟම ඇති Emerald ප්‍රදර්ශනාගාරයෙන් විවිධත්වය සහ නවීනත්වය මුසු විලාසිතාවන් මිලදී ගත හැකි අතර සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන පරිදි  Emerald සන්නාමය මෙලෙස  නව මුහුණුවරක් ගෙන ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව