Ravana Pool Club, Ella Sri Lanka, 8 වෙනි වරටත් පවත්වනු ලබන World Luxury Awards හිදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි.

logo

2024.02.12, ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort & Spa සමග අනුබද්ධ ආයතනයක් වන මෙම Ravana Pool Club, සිය ආගන්තුක සත්කාරයන් සහ ඔවුන් සතු අසමසම ආගන්තුක අත්දැකීම්වල සුවිශේෂීත්වය මේ තුළින් විදහා දැක්වීය.

 



 

මෙහිදී Ravana Pool Club ආසියානු මහද්වීපයේ හොඳම සුඛෝපබෝගී විනෝදාස්වාද අවන්හල (Best Luxury Entertainment Restaurant – Asian Continent) , නිරිත දිග ආසියාතික  කලාපයේ හොඳම පරිදර්ශක දසුන් සහිත ස්ථානය (Best Panoramic Views in the Region – South West Asia), සහ නිරිත දිග ආසියාතික කලාපයේ හොදම සහ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පය සහිත අවන්හල (Best Outstanding Architecture in the Region – South West Asia) යන අංශ සදහා සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලදී.  World Luxury Awards සම්මාන උළලේ ලබාගත් මෙම ත්‍රිත්ව ජයග්‍රහණයන්, Ravana Pool Club සුඛෝපභෝගී විනෝදාස්වාදයේ කලාපීය ප්‍රමුඛයා බවට පත් කර ඇත. එලෙසම මෙම විශිෂ්ට ජයග්‍රහණ තුළින් Ravana Pool Club සිය පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීම් ලබා දෙන ස්ථානයක් හා වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයක් අපේක්ෂා කරන අය පැමිණිය යුතු ම ස්ථානයක් බවට තව දුරටත් තරවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Ravana Pool Club හි හිමිකරුවන් වන අබේරත්න සහ සහෝදරයන් ප්‍රකාශ කර සිටියේ, “මෙම සම්මානයන් දිනා ගැනීමට සමත් වීම, අපට ගෞරවයක් සහ නිහිතමානී සතුටක් ලබා දෙනවා. මෙම සම්මනයන් අපගේ කැපවීමේ සහ අප විසින් ලබා දෙන්නා වූ සේවාවන්වල පිළිඹිබුවක්. අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ කණ්ඩායමට, ඔවුන්ගේ කැපවීම සඳහා අපි අපගේ කෘතඥතාව පුද කරනවා. අපගේ පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් නිර්මාණය කිරීමට අපගේ කැපවීම නොවෙනස්ව පවතින අතර, සෑම සංචාරයකදීම අසාමාන්‍ය අත්දැකීමක් ලබා ගැනීමට අප හා එක්වන ලෙස අපි ආරාධනා කරනවා” යනුවෙනි.

Ravana Pool Club,  බාලි ආභාෂය ලත් ගෘහ නිර්මාණ ශිල්පයෙන් නිම වූ අංග සම්පූර්ණ බාර් එකක් සහ මුළුතැන් ගෙ‍යක් සමගින් නිර්මාණය වී ඇත. එමඟින් පැමිණෙන්නන්ට අත්විතීය අත්දැකීමක් මෙන් ම විවේකය බාධාවකින් තොරව ගත කිරීමට අවශ්‍ය වාතාවරණයක් සපයා දෙයි. එලෙසම මෙහි ඇති තටාකයන් (infinity pool), දිවා ඇදන් (day beds), උණුසුම් ජැකුසි (heated jacuzzis) සහ පරිදර්ශක දසුන් (panoramic views) සෑම සංචාරයක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට සමත් වෙයි. අවන්හල් ගෘහස්ථ සූපවේදීන් විසින් සකස් කරන විවිධ රසයන්ගෙන් යුක්ත ආහාර සහ ජර්මනියේ කොලෝන් හි ටෝඩි ටැපර් හි ඉන්දික ද සිල්වා විසින් නිර්මාණය කරන සුවිශේෂී කොක්ටේල් සමගින් නවමු වූ ආස්වාදයක් ලැබීමටත් හැකියාව පවතී. දේශීය, ආවේණික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලද විවිධ අහාර පානයන්ගේ අත්දැකීමක් ලබා ගැනීමටද මෙමඟින් අවස්ථාව උදා වේ. Ravana Pool Club හිඳී දවස පුරාවටම DJ සංගීතය, සන්සෙට් පූල් පාටි (Sunset Pool Parties) සහ ඇල්ල Swing (Ella Swing) ආදිය මඟින් විවේකීව සිටින අමුත්ත්න්ට අමතක නොවන අමතර විනෝදාස්වාදයක් සහිත  අලුත් අත්දකීම් ලබා ගැනීමට ඉඩ හසර වෙන් කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව