Rado Shoe Industries සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි

RADO (LBN)

 


 

 

දේශීය පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Rado Shoe Industries පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි පාවහන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. වසර ගණනාවක සිට ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුතු පාවහන් නිෂ්පාදනයේ නියුතු Rado Shoe Industries සමාගම නිරන්තරයෙන් අලංකාර මෝස්තරවලින් සපිරි නවීන පන්නයේ පාවහන් වර්ග රැසක් දේශීය වෙළෙඳපොළට නිකුත් කරයි. තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිත කරමින් නවීන තාක්ෂණය නිෂ්පාදන කටයුතුවලට යොදා ගනිමින් විවිධ මාදිලියේ කාන්තා, පිරිමි සහ ළමා පාවහන් නිපදවන Rado Shoe Industries සමාගම දිවයින පුරා පාරිභෝගික විශ්වාසය සහ ආකර්ෂණය ඉහළින්ම දිනා ඇත.

Rado නිෂ්පාදන සඳහා වන පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව ඉහළ යෑමත් සමග මාතර පුරවරයේ රැකියා විරහිත තරුණ තරුණියන් 300කට අධික පිරිසකට රැකියා අවස්ථා උදා කරමින් Rado සමූහය තව දුරටත් ව්‍යාප්ත කරමින් Catalan Industries (Pvt) Ltd නමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුත් නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත නව කර්මාන්ත ශාලාවක් කැකණදුර කර්මාන්තපුරයේ ආරම්භ කරන ලදී. වර්තමානයේදී පාරිභෝගිකයන්ට සෘජුවම RADO නිෂ්පාදන සැපැයීමට මාතර කැකණදුර ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාර දෙකක්ද, මාතර නගර මධ්‍යයේ ප්‍රදර්ශනාගාරයක්ද අරඹා ඇත. දේශීය වෙළෙඳපොළ මෙන්ම විදේශීය වෙළෙඳපොළද අතික්‍රමණය කිරීමට සැරසෙන Rado Shoe Industries අධිපති එස්. වැල්ලහේවා මහතා ඔහුට මේ ගමන් මග ආරම්භයේ සිටම උපදෙස් සහ අනුශාසනා දුන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරි මඬුල්ලටද, මේ සුවිශේෂ ජයග්‍රහණයට දායක වූ සේවක මණ්ඩලයටද, Rado නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබමින් නිරන්තරයෙන් රැඳී සිටින පාරිභෝගික හිතවතුන්ටද සිය කෘතඥතාව පුද කළේය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව