Radisson Hotel Colombo මගින් අවම වරප්‍රසාද සහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ හෝටල් ක්ෂේත්‍ර පුහුණු පාඨමාලාවක් ආරම්භ කරයි.

pexels-rene-asmussen-3217157

 


 

 

Radisson Hotel Colombo හි පූර්ණ අනුග්‍රහය සහිතව නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම පාඨමාලාව, ක්ශේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති නමුත් අවම වරප්‍රසාද සහිත තරුණ ප්‍රජාවට සහාය වීම සඳහා ගත් කැපී පෙනෙන පියවරකි. මෙහි ආරම්භක ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා සූපශාස්ත්‍ර කලාව සහ මුළුතැන්ගෙයි මෙහෙයුම් පිළිබඳ මාස තුනක පුහුණුවක් සම්පූර්ණ කරන ලදි.

මෙම වසර පුරාවට, ඉතා හොඳින් සැලසුම් කර ඇති දිශානුගත කිරීමේ සහ නිපුණතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් හරහා මුළුතැන්ගෙයි මෙහෙයුම්වල විවිධ අංශයන්ට අදාල මූලික දැනුම සහ කුසලතා මෙම ආරම්භක ශිෂ්‍ය කණ්ඩායම හට ලබා දීමට නියමිතය. Radisson Hotel Colombo හි විධායක සූපවේදියෙකු වන මනුජය එදිරිසිංහ මහතා පාඨමාලා ව්‍යුහය පිළිබඳ විස්තරාත්මකව පවසා සිටියේ පළමු මාස හය තුළ පුහුණුලාභීන්ට මුළුතැන්ගෙයි මෙහෙයුම් සහ ලිපිගොනු හැසිරවීම පිළිබඳ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් සම්මිශ්‍රණයක් ලැබෙන බවයි. මුළුතැන්ගෙවල් හතකින් මෙන්ම ආසියානු, බටහිර, ශ්‍රී ලංකා සහ ඉන්දියානු ආහාර වට්ටෝරු, cold kitchen එකක්, බේකරියක් සහ විශේෂ rooftop බාර් එකකින් සමන්විත සිය හෝටලය තුළ පුහුණු වන්නන් හට පුළුල් පරාසයක අත්දැකීම් ලබා ගත හැකි බවද ඔහු පැවසීය.

ඔවුන්ගේ අභිලාෂයන් සහ මූල්‍ය පසුබිම සැලකිල්ලට ගනිමින් තෝරාගත් සිසුන් සංඛ්‍යාවක් මෙම සමාරම්භක වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී. අවම වරප්‍රසාද සහිත තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන Radisson Hotel Kandy සහ Radisson Blu resort Galle හිදී ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

Radisson Hotel Colombo විසින් ලබා දුන් මෙම අවස්ථාව හරහා සිය ජීවිතය වෙනස් වූ ආකාරය පිළිබඳ අදහස් එක් කරමින් එක් ශිෂ්‍යයෙකු විසින් පවසා සිටියේ ඔහු විසින් මීට ඉහතදී හෝටල් පාසලක මුළුතැන්ගෙයි මෙහෙයුම් අධ්‍යයනය පිළිබඳ හැදෑරීමට සැලකිය යුතු මුදලක් වියදම් කල බවයි. කෙසේ වෙතත්, Radisson Hotel Colombo මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දුන් මෙම අගනා අවස්ථාව නිසා මේ වන විට ඔහු ඉගෙන ගන්නා ආකාරය පිළිබඳ සලකා බැලීමේදී පැහැදිලි වටිනාකමක් මේ හරහා තමන්ට ගොඩ නැගී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය. සිය සමස්ත පවුලම යැපෙනුයේ විදෙස් ශ්‍රමිකයෙකු වන සිය සහෝදරයාගේ ආදායම මත බවද ඔහු විසින් පවසන ලදි. තවද කුඩා කල සිටම තමන්ට තිබූ හෝටල් කර්මාන්තයේ නියැලීමේ සිහිනය සැබෑ කරගැනීමට සුදුසුම තැන තමන්ට හිමි වූ බවද ඔහු පැවසීය. එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙහි  කළමනාකාරිත්වයේ සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය සහ ඔවුන් ලබා දෙන පුහුණුව ඇදහිය නොහැකි තරම් වටිනා බවයි.

ගණේමුල්ල ප්‍රදේශයේ තවත් සිසුවෙක් සිය පවුලේ ආර්ථික දුෂ්කරතා ගැන කතා කළ අතර, දෙමාපියන් දෙදෙනාම අසනීප නිසා ඔවුන්ට දැනට රැකියාවක් කිරීමට නොහැකිව සිටින බව ඔහු පැවසීය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, සිය අරමුණ හෝටල් ක්ෂේත්‍රයට අවතීර්ණ වී තමන්ගේ පවුල නඩත්තු කිරීම බවයි. Radisson Hotel Colombo තමන්ට මිල කළ නොහැකි සම්පතක් වී තිබෙන බවද ඔහු පැවසීය. කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය තමන්ට ඉතාමත් කාරුණිකව සහයෝගය ලබා දී ඇති බවත් මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය තමන්ට විශාල වශයෙන් උදව් කර ඇති බවත් ඔහු පැවසීය.

මීට පෙර හෝටල් කීපයක සේවය කර ඇති නමුත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපහසු වූ අනුරාධපුර ප්‍රදේශයේ එක් සිසුවෙක් මෙම පුහුණුවේ වටිනාකම ඉස්මතු කළේය. ඔහු මේ අවස්ථාව ගැන සිය මිතුරෙකුගෙන් අසා දැනගෙන එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බැවින් වැඩසටහනට සම්බන්ධ වීමට තීරණය කල බව පවසා සිටියේය. විධායක සූපවේදියෙකු විසින් ඔහුට බොහෝ උපකාර කර ඇති අතර බොහෝ දේ උගන්වා ඇති බවද ඔහු පැවසීය.

මීරිගම ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා සිය අදහස් දක්වමින් පැවසුවේ, සාමාන්‍ය පෙළ අවසන් වූ පසු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා ඔහු රැකියාවක් සොයා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි බවයි. සිය ජීවිතයට ලැබුණු ත්‍යාගය Radisson Hotel Colombo බවද ඔහු ඉමහත් සතුටින් පැවසීය. සිය ආයතන කළමනාකරීත්වය සහ මුළුතැන්ගෙය කාර්ය මණ්ඩලය තමන්ට ඉතාම ගෞරවාන්විත තැනක තබා සලකන බව ඔහු පැවසීය. එමෙන්ම මෙවැනි අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබදවද ඔහු ස්තූතිවන්ත විය.

කොළඹ මැරීන් ඩ්‍රයිව් හි අලංකාර ලෙස පිහිටා ඇත Radisson Hotel Colombo සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආගන්තුක සත්කාරයක් පිරිනමයි, එමෙන්ම එය මනා සැලසුමකට අනුව නිර්මාණය කර ඇති සුඛෝපභෝගී කාමර 158 කින් සමන්විත වේ. හෝටලයේ කළමනාකාරිත්වය ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් වලට මුලපුරමින් මේ අයුරින් නොමිලේ නේවාසික පුහුණු පාඨමාලාව පවත්වනු ලබන අතර එය ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් ඔවුන්ගේ සැබෑ කැපවීම පෙන්නුම් කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව