Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

Image III (LBN)

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත.

මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන් සදහා ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති sushi කලාව, dim sum රසය සහ robata ක්‍රමයේ grilling වැනි උසස් තත්වයේ ආහාර සංස්කෘතීන් මෙන්ම දේශීය රසයට වඩාත් සමීප ක්‍රමවේදයන් බහුලව භාවිත කරනු ලබයි. මුම්බායි. ගෝවා, ඉන්දෝර්, චන්දිගාර් සහ බැංගලෝර් යන නගරයන්හි ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක Yazu සිය අනන්‍යතාව ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමටද මේ තුලින් සමත් වනු ඇත.



Yazu සන්නාමය නිරන්තරයෙන් රසවත් ආහාර ප්‍රමුඛ කොට ගනිමින් සිය මෙහෙයුම් සිදු කරන අතරම සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් වෙනුවෙන් වන බාර් (bar) සේවාවක්ද ඒ තුලින් ක්‍රියාත්මක වීමට නියමිතය. නවීන තාක්ෂණය හා සමබර රසයන් මත පදනම් වී ඇති Yazu හි කොක්ටේල් කලාව නවමු අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට සමත් වනු ඇත්තේ ආසියානු සම්ප්‍රදායේ විවිධ පාන වර්ග රස විඳීමේ අවස්ථාවද උදා කර දෙමිනි. ඔවුන්ගේ High Spirits of Asia වැඩසටහන හරහා wok-smoked spirits, charcoal accents, tea extractions සහ විවිධ රසයන්ගෙන් යුත් නවීන පාන වර්ග රස විඳීමේ අවස්ථාවද මෙහිදී පාරිභෝගිකයින්ට උදා වේ. ආහාරයන්හි රසය තව දුරටත් ඉහළ නැංවීමට සමත් වන මෙම පානයන් මෙන්ම sushi වැනි ආහාර වර්ගයන් සමඟ මනාව ගැලපෙන අයුරින් නිර්මාණය කිරීමට ද Yazu කටයුතු කරනු ඇත.

Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව පිහිටුවීම පිළිබඳව අදහස් දැක්වූ Yazu Hospitality Pvt. Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රන්බීර් සිං නාග්පාල් මහතා “ඉන්දියාවෙන් පිටත ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේදී අපගේ ප්‍රථම ජාතන්තර ශාඛාව ආරම්භ කිරීමට ලැබීම අප ලද සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. සංස්කෘතික වටිනාකමෙන් සහ සංචාරක ආකර්ෂයෙන් ඉහළ ගාල්ල නගරය අපගේ සන්නාමය ලොවට හඳුන්වා දීමට හොඳම ස්ථානය බව මාගේ විශ්වාසයයි. මෙය ශාඛාවක් පමණක් නොව Yazu සන්නාමය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ ආරම්භයයි.” යනුවෙන් පැවසීය.

Sino Lanka Holdings Pvt Ltd හි සභාපති බොබ් කුන්දන්මාල් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ “සෑම විටම ජාත්‍යන්තර තත්වයේ විශිෂ්ට ආහාර සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවට ඉන්දියාවේ විශිෂ්ටතම ආසියානු සත්කාරක සන්නාමය වන Yazu හඳුන්වා දීමට ලැබීම පිළිබඳ ඉතාම සතුටුයි. මෙම සුවිශේෂී සන්නාමය පාරිභෝගිකයා අතරට ගෙන යාමේ හැකියාව ගාල්ල නගරයට තිබෙන අතර ප්‍රදේශයේ ආහාර සංස්කෘතියට නවමු අත්දැකීමක් එක් කරමින් Radisson Blu Resort Galle හි සේවාවන් තව දුරටත් ඉහළ නංවනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.

Yazu Hospitality Pvt. Ltd හි හවුල්කාර අතුල් චොප්රා මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙසේයි.

“ශ්‍රී ලංකාව සතු විශිෂ්ඨ ආහාර උරුමය හා සංචාරක ආකර්ෂණය නිසාම එය ආහාර පිළිබඳ අලුත් අත්හදා බැලීම් සිදු කිරීමට වඩාත් හිතකර ස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි. දේශීය හා ජාත්‍යන්තර රසයන් රැසක් සමඟින් නව්‍ය ආහාර සංකල්පයන් සදහා සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දී ඇති මෙම දියුණු ආහාර සංස්කෘතියත් සමඟ එක් වීමට ලැබීම අපුට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකීමට කැමතියි. ගාල්ලෙහි ඇති සංචාරක ආකර්ෂණය හා සංස්කෘතික විශේෂත්වය Yazu හි නව ගමන ඇරඹීමට කදිම ස්ථානයක් බවට පත් වුණා.”

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ වඩාත් ආකර්ෂණීයම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම සුවහසක් සංචාරකයින්ට උදා කර දීමට Yazu at the Beach සමත් වනු ඇත්තේ ජාත්‍යන්තර තත්වයේ හා ඉහළ ගුණාත්මක අත්දැකීමක් ලබා දීමට කැපවෙමිනි. ඒ සඳහා Radisson Blu Resort Galle හි කැපවීමද අගය කළ යුතුය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව