Pure World Technical Services ශ්‍රී ලංකාවේ පෙරළිකාර වෙනසක් කිරීමට සූදානමින්

IMG_4552 (LBN)

 



 

 

ව්‍යාපාරික හා ගෘහස්ථ නඩත්තු සේවා සැපයීමේ ආයතනයක් වන Pure World Technical Services (PWTS) සිය ඒකාබද්ධ නඩත්තු, කළමණාකරන සේවා ශ්‍රී ලංකාව තුල ආරම්භ කරයි.

වඩාත් පහසු හා විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට PWTS පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා දී තිබේ. මෙහි සුවිශේෂී තත්ත්වය වන්නේ PWTS සිය සේවාවන් පැය 24 පුරාම සැපයීමයි. ජලනල, විදුලි, වායුසමීකරණ, පිහිනුම් තටාක නඩත්තු කිරීම, තොරතුරු තාක්ෂණ, CCTV යන සේවාවන් මේ අතර ප්‍රමුඛ වේ. IRATA පුහුණු සහතික ලත් පලපුරුදු සේවක මඩුල්ලක් සමග උස් ගොඩනැගිලිවල නඩත්තු කටයුතු කරනු ලැ‌බේ. පාරිභෝගිකයින් හට තම සේවාවන් ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පාරි‌‌‌භෝගික සේවා ඇමතුම් දුරකතන සේවාව (24X7 Technical Helpdesk) වෙබ් අඩවිය (www.pwts-lk.com) ජංගම දුරකතන සඳහා වන “engage” මෘදුකාංග විවෘතව පවතී. Engage ජංගම මෘදුකාංගය Apple store සහ Google Play Store හරහා ලබන නොවැම්බර් මස සිට බාගත හැක. එක් එක් පාරිභෝගිකයා හට ගැලපෙන Platinum, Gold, Silver සහ General යන සේවා කාණ්ඩ යටතේ ලබාගත හැක.

PWTS හි විශේෂත්වය වන්නේ පුහුණු, පලපුරුදු කාර්‍ය මණ්ඩලයක් හරහා වගකීමක් සහිත ගුණාත්මක සේවාවක් ලබාදීමට නිරන්තරයෙන් කැපවී සිටීමයි. PWTS හි මෙහෙයුම් අධ්‍යක්ෂක හිරාන් පෙරේරා අදහස් දක්වමින් “ශ්‍රී ලංකාව නැවතත් ධනාත්මක j¾Okhla ලබමින් සිටින අවස්ථාවක මැදපෙරදිග ස්ථාපිත තම සේවාවන් ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන් හට ලබාදීමට හැකිවීම ඉතා සතුටුදායකයි. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබාදීම අපේ අරමුණයි. පසුගිය කෙටිකාලය තුල ‌මෙවන් ගුණාත්මක සේවාවක් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වැටහී ගියා.”

ඉහළ මට්ටමේ ගුණාත්මක, ld¾hlaIu, සුහදශීලි සේවාවක් පවත්වාගෙන යාම සඳහා තම කාර්‍ය මණ්ඩලය නිරන්තරයෙන් පුහුණු කරමින් යාවත්කාලීන සේවාවක් ලබාදීම PWTS හි අධිෂ්ඨානය යි. PWTS සිය සමාජීය වගකීම ඉටුකරමින් රොෂාන් මහානාම පදනම හා එක්ව ශ්‍රී ලාංකීය ළමා පරපුර වෙනුවෙන් සිය ආදායමෙන් කොටසක් ලබාදීමට කටයුතු කරයි‍. තම උසස් ගුණාත්මක සේවාවන් ලබාගැනීම සඳහා PWTS හා එක්වන මෙන් එහි සමස්ථ කාර්‍ය මණ්ඩලය ඔබට ඇරයුම් කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව