Prima KottuMee විසින් සිය ‘Hot N Spicy Kricket’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරයි

IMG_9424B (LBN)

 



 

 

Prima KottuMee සිය පාරිභෝගිකයින්ට දිනපතා, සතිපතා සහ මාසිකව සුපිරි ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පිරිනමමින් 2022 ඔක්තොම්බර් 01 දින සිට නොවැම්බර් 30 දක්වා දියත් කෙරුණු 8 වැනි Prima KottuMee ‘Hot N Spicy Kricket’ ප්‍රවර්ධන වැඩසටහනේ  ජයග්‍රාහකයින් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි.

මෙවර ප්‍රවර්ධන වැඩසටහන 20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන  තරගාවලියට සමගාමීව පැවැත්වුණු අතර, එමඟින් ක්‍රිකට් උණුසුම වැඩි කිරීම සඳහා  Prima KottuMee එක් කිරීම සිදු කෙරිණි. ඒ අනුව Prima KottuMee සැචෙට් පැකේජය තුළ ඇති කේතය 2343 ට කෙටි පණිවුඩයක් එවූ පාරිභෝගිකයින්ට සුපිරි ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමි විය.

මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ රුපියල් 500 බැගින් රීලෝඩ් ජයග්‍රාහකයෝ 300 දෙනෙක්, ජයග්‍රාහකයෝ 08 දෙනෙක් රුපියල් 50,000 බැගින් සහ ජයග්‍රාහකයෝ 16 දෙනෙක් නවතම ස්මාර්ට් ජංගම දුරකථන ආදී වශයෙන් ත්‍යාග රැසක් දිනා ගැනීමට සමත් වූහ.

Hot N Spicy Kricket 2022 පළමු ත්‍යාගය වශයෙන් පිරිනැමුණු රුපියල් 250,000 මුදල් ත්‍යාගය හම්බන්තොටින් H. A. භාෂිනී වරුණිකා සහ මාවනැල්ලේ ඩිලානි විමලවර්ධන, යන Prima KottuMee පාරිභෝගිකයෝ දිනා ගත් හ.

රටේ සෑම තැනක ම බාල, තරුණ, මහලු සියලු දෙනා අතර වඩාත් ජනප්‍රිය වී ඇති Prima KottuMee සන්නාමය මෙරට ජනතාව වෙත ලබා දුන් මෙම සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව නිසා ම ‘Hot N Spicy Kricket’ ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථකත්ව අවසන් කිරීමට හැකි වූ බව සඳහන් කළ යුතු ම ය.

ප්‍රීමා කොත්තුමී එක්ක ෆන් තමයි !

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව