PNB Holdings අඛණ්ඩව දෙවැනි වරටත් NCE අපනයන සම්මානයෙන් පිදුම් ලබයි

PNB (LBN)

PNB දෙවැනි වරටත් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සපයන PNB වසර ගණනාවක් පුරා අසමසම සේවා සපයමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ. PNB කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය පසුපස සිටින ප්‍රධාන පාර්ශ්වය වේ. ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස වෙළෙඳපොළ වෙනස්වීම් සඳහා ඵලදායි සහ කාර්යක්ෂම ලෙස හැඩගැසීමට ඇති හැකියාව සහ ගනුදෙනුකරුවන් ඔවුන් පිළිබඳව තබා ඇති විශ්වාසය PNB ලැබූ මෙම ජයග්‍රහණයට හේතු වී ඇත. නිරන්තරයෙන් වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වලට අනුවර්තනය වීමට ඇති හැකියාව PNB ලැබූ ජයග්‍රහණය පසුපස ඇති ප්‍රධාන සාධකයක් වේ.

 



 

“PNB මෙම සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීම විශාල ගෞරවයක්. මේ හරහා අපේ කණ්ඩායමේ කැපවීම පිළිබිඹු වෙනවා.” PNB ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත හේරත් සඳහන් කළේය. NCE සම්මානයට අමතරව PNB ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2023 සම්මානයෙන්ද පිදුම් ලැබීය. සමාගමේ කැපී පෙනෙන කාර්ය සාධනය, තිරසාර වර්ධනය සහ ආයතනික සාමාජීය වගකීම උදෙසා ඇති කැපවීම අගයමින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය පිරිනමා තිබේ. PNB මෙම අංශයෙන් ලැබූ ජයග්‍රහණය ව්‍යාපාර කළමනාකරණය, ඔවුන් සතු දැක්ම සහ ප්‍රජාවගේ යහපත උදෙසා සිදු කර ඇති ධනාත්මක බලපෑම ඇගයීමට ලක් කරයි. තවත් බොහෝ ජයග්‍රහණ කරා ගමන් කරන PNB නව්‍යකරණයේ සීමා බිඳිමින්, ගනුදෙනුකරුවන්ට අසමසම සේවා සපයමින් ඉදිරියටත් ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ සමස්ත වර්ධනය උදෙසා දායක වනු ඇත.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව