PML “දිරියෙන් ඉදිරියට” කාන්තා නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි!

Image 2 (LBN)

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන People’s Micro – Commerce Ltd විසින් කාන්තා දිනය තේමා කරගනිමින් ශ්‍රීලාංකික ව්‍යවසායක කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් සහ ඔවුනට වෙළඳපොල ජයගැනීමට අවශ්‍ය නායකත්ව පුහුණුව ලබා දීමේ අරමුණින්  කාන්තා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා  දියත් කෙරිණි.

 



 

“දිරියෙන් ඉදිරියට” කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන ලෙස නම් කර ඇති මෙම වැඩසටහනේ පළමු අදියර  හෝමාගම සහ සීතාවක ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියත් කළ අතර, ඒ සඳහා People’s Micro – Commerce ආයතනය සමඟ ග්‍රාමීය කාන්‍තා සමිතිවල නායිකාවන් හා කුඩා ව්‍යාපාර වල නියුතු ව්‍යවසායක කාන්තාවන් 300කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයක් හිමිවීම විශේෂත්වයකි. දිවයිනේ ප්‍රවීණ දේශකවරුන් දෙදෙනෙකුගේ සම්පත් දායකත්වයෙන් පවත්වනු ලැබූ මෙම පුහුණු වැඩසටහන අවසානයේදී සහභාගිවූවන් හට People’s Micro – Commerce හි සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා අතින් වටිනා සහතික පත්‍රයක්ද බෙදාදීම සිදුකෙරිණි.

People’s Micro – Commerce යනු, ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ගැමි ආර්ථිකය වර්ධනය කිරීම සඳහා සුවිශේෂී මැදිහත් කාර්යයක් සිදුකරනා ආයතනයකි. දිවයින පුරා විසුරුණු ශාඛා ජාලයකට හිමිකම් කියන මෙම ආයතනය, ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. එහිදී පොදුවේ ව්‍යවසායක සහ විවිධ පරිමාණයේ ව්‍යාපාරික අවශ්‍යතාවය ඇති කාන්තාවන් වෙත තාක්ෂණික දැනුම ලබාදීම, ඔවුන්ගේ නිෂ්පාදන වලට අදාළ දේශීය වෙළෙඳපොළ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම සහ සම්බන්ධතා සකසාගැනීමට අවශ්‍ය පහසුකම් සහ මගපෙන්වීම මෙන්ම මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සුවිශේෂ කාර්යයන් රැසක් මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් People’s Micro – Commerce හි කළමණාකාර රන්ජන් ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේ, People’s Micro – Commerce ආයතනයක් විදිහට අපි කාන්තාවන් සහ ඔවුන්ගේ ශක්තිය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබන ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. අපගේ සභාපතිතුමාගේ සංකල්පයක් ලෙස ඇරඹි මෙම වැඩසටහන මගින් අපේ කාන්තාවන්ගේ තිබෙන විවිධ වූ දක්ෂතා මුවහත් කරගනිමින්, ඔවුන්ට ජීවිතය ජයගැනීමට අවශ්‍ය මාර්ගය විවර කර දීම  සිදුකරයි. මේ නිසාම අප විසින් දිවයින පුරා තිබෙන අපගේ ශාඛා ජාලය ඔස්සේ ප්‍රදේශයේ කාන්තාවන්ගේ ව්‍යවසායක අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට උරදීම ‘දිරියෙන් ඉදිරියට’ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ. කොවිඩ් වසංගත තත්වයත් සමග නැවතුනු කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාව මෙවැනි ආකාරයෙන් නැවත සමාජගත කිරීමට හැකිවීම ආයතනයක් විදිහට අප ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස ද පෙන්වා දිය හැකි බවයි.

ස්වයං රැකියාවල නිරතවන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට තම නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත වෙනස් ආකාරයකින් වෙළඳපොළ වෙත බෙදාහැරීමට අවශ්‍ය දැනුම සහ වෙළඳපොළ තරගකාරීත්වය ජයගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම  මෙම කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන ඔස්සේ සිදුවූ අතර ඔවුන්ගේ නිෂ්පාදන වීඩියෝගත කොට කුඩා වීඩියෝ පට ලෙස සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම මෙන්ම නව මාධ්‍යයන් භාවිතයෙන් තම නිෂ්පාදන වෙළදපොළ පුළුල් කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම පිළිබඳව දැනුම ද මෙහිදී ලබා දීම සිදුවිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව