PLC හි ‘එක්ව බාධක පරදමු, එක්ව අරමුණු වෙත යමු’ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ

IMG-20230906-WA0006 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන People’s Leasing & Finance PLC (PLC), සිය නිෂ්පාදන කළඹ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහනක් ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ යන තේමාව යටතේ 2022 ජනවාරි මාසයේ දී සාර්ථකව පවත්වනු ලැබීය. එවකට පැවැති අභියෝගාත්මක ආර්ථික තත්වය හා වෙළෙඳපොළ තත්වය හේතුවෙන් මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන තාවකාලික නැවැත්වූ අතර, වර්තමානය වන විට ආර්ථිකය නැවත ප්‍රකෘති තත්වයට පත්වීම සහ පාරිභෝගික ජනතාව නැවත වසංගතයට පෙර පැවති අභිලාෂයන් නැවත දිනා ගැනීමට කැපවෙන තත්වයක් තුළ PLC සමාගම විසින් ‘එක්ව බාධක පරදමු, එක්ව අරමුණු වෙත යමු” යන තේමාව යටතේ දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට යොමු වී ඇති බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.

පීපල්ස් ලීසිං සමාගම ලෙස සිය පාරිභෝගික ජනතාව වෙත ආකර්ෂණීය පොලී අනුපාත ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත උසස් කිරීමට සිදුකරන දායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරීමේ මූලික අරමුණින් දියත් කරන මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන සැප්තැම්බර් මස 02වන දින සිට පුරා මාස තුනක කාලයක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් මස 2වන දින ආයතනික කළමණාකාරිත්වය ඇතුළුව 2000කට අධික PLC කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මහජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රවර්ධනාත්මක වැඩසටහන නිරත වූ අතර, එහිදී සිය නිෂ්පාදන සහ තරඟකාරී පොලී අනුපාත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ද සිදුවිය.

සිය පාරිභෝගිකයන් වෙත නව අගයක් එක් කරමින් දියත් කරනු ලබන මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන තුළින් ආකර්ෂණීය වාසි රැසක් ලබාදීමට මෙම සමාගම කටයුතු කර ඇති අතර, එහිදී මෙම ප්‍රචාරක කාලය තුළ විවෘත කරනු ලබන සෑම නව ගිණුමක්ම ස්වයංක්‍රීයව දිනුම් ඇදීමකට සම්බන්ධ වනු ඇත. එහිදී සෑම කලාපයකින්ම එක් වාසනාවන්තයෙකුට ආකර්ෂණීය ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙයට අමතරව ප්‍රචාරක කාලසීමාව (සැප්තැම්බර්, ඔක්තොම්බර් සහ නොවැම්බර්) අවසානයේදී නව ගිණුම් හිමියන් වෙනත් දිනුම් ඇදීමකට ඇතුළත් කරන අතර, එහිදී ද සෑම කලාපයකම එක් පාරිභෝගිකයෙකු වෙත වටිනා තෑගි වවුචරයක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවේ.

සමාගමක් වශයෙන් පාරිභෝගික ජනතාවට සිය කැපවීම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සලීන් මහතා මෙසේ අදහස් දැක්වීය. “PLC ආයතනය විදිහට අපි නිතරම ජනතාව සමඟ සිටිමින් ඔවුන්ගේ සිහින සැබෑකරගැනීමට අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබා දෙනවා. වාහනයක් මිල දී ගැනීම හෝ වැඩිදියුණු කිරීම, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීම වැනි ජීවිතයේ සෑම අවස්ථාවකදීම PLC ඔබට සහායවීමට කැපවී සිටිනවා. විශේෂයෙන් වඩාත්ම අභියෝගාත්මක කාලවලදී පවා, මහ බැංකුව විසින් නියම කර ඇති ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රතිලභ ලබාදෙමින් අපේ ගනුදෙනුකරුවන්ට සහයෝගය ලබාදීමට අපි කටයුතු කලා. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රියතම මූල්‍ය සේවා සහකරු විදිහට ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල සහතික කිරීම සඳහා නම්‍යශීලිව කටයුතු කිරීමට අප යොමු වුනා. මේ ආකාරයට අපි අපගේ ගනුදෙනුකරුවන්ට හෙට දිනයේදිත්, හොඳම දේ ලබාදීමට අපේක්ෂා කරනවා.”

රටක් විදිහට අභියෝගාත්මක කාලවලදී වගේම, අපේක්ෂාවන් සහ දරාගැනීමේ හැකියාවන් වර්ධනය වන විට PLC සමාගම නිරන්තරව ඔවුන් වෙත සහාය දැක්වීම වෙනුවෙන් කැපවී සිටියි. මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන විශේෂයෙන් අභියෝගාත්මක කාලවලදී එකම වහලක් යටින් සිය ගනුදෙනුකරුවන්ට වටිනා මූල්‍යාධාර පිරිනැමීම සම්බන්ධයෙන් PLC හි කල්පවත්නා පොරොන්දුවට මනා වූ සාක්ෂියකි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර එය එහි නවෝත්පාදනයන් සහ ගැලපෙන මුල්‍ය විසඳුම් සැපයීම සඳහා වූ නොසැලෙන කැපවීම ප්‍රකට කරවන ආයතනයකි. ශක්තිමත් පදනමක් ගොඩනගා ගනිමින්, විවිධ නිෂ්පාදන කළඹ සහ විශිෂ්ටත්වය සඳහා ඇති කැපවීමක් සමඟින් PLC සමාගම මූල්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියට පැමිණ ඇත. විශේෂයෙන් මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස PLC සමාගම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ දියුණුව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරමින් විශ්වාසනීය සහ ගෞරවනීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස සිය ස්ථාවරය අඛණ්ඩව ශක්තිමත් කරගැනීමට සමත්ව ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව