Pick My Pet විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ හා අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන දිනයි

Pick My Pet

සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. 2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල් සතුන් සඳහා වෙන් වූ මෙරට පිහිටි විශාලම නවාතැන් පරිශ්‍රය ඇත. සියලු පහසුකම්වලින් සමන්විත එය මීගමුව ගොඩිගමුව ප්‍රදේශයේ අක්කර 32ක භූමියක පිහිටා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉදි කර ඇති එහි සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් කූඩු ඉදි කර තිබේ. ඒ තුළින් සෑම සතෙකුගේම පහසුව සහ ආරක්ෂාව තහවුරු කෙරේ. ඇවිදින මංතීරු සහ සෙල්ලම් කිරීම සඳහා ස්ථාන තුනක්ද ඉදි කර තිබේ. කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ සැරිසැරීමට සහ සෙල්ලම් කිරීමට සුරතල් සතුන්ට අවස්ථාව සළසා දී ඇත. සුරතල් සතුන් නිවෙස්වල සිට නවාතැන් පරිශ්‍රය වෙත රැගෙන ඒමට සහ නැවතත් නිවෙස්වලට රැගෙන යාමට විශේෂ ප්‍රවාහන සේවාවක්ද ක්‍රියාත්මක වේ.

Pick My Pet කෙටි කාලීන රැකවරණ මධ්‍යස්ථාන තුනක් වත්තල ඉදි කර ඇත. ඒ අතරින් දෙකක් large-breed සහ small breed යන වර්ගවලට අයත් සුනඛයන් සඳහාත්, තවත් එකක් බළලුන් සඳහාත් වෙන් කර තිබේ. සුරතල් සතුන් සඳහා අවශ්‍ය ආහාර, පෝෂණ අතිරේක සහ අනෙකුත් දෑ අලෙවි කරන වෙළෙඳසැළ වත්තල පිහිටා ඇත. එම සමාගම සුරතල් සතුන් සඳහාම වෙන් වූ රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වත්තල සහ පිටකෝට්ටේ ස්ථාපනය කර තිබේ. සාමාන්‍ය අලංකරණ සේවාවල පටන් ඒ ඒ සතුන්ගේ සමට ගැළපෙන විශේෂ තෙරපි ප්‍රතිකාර දක්වා සෑම සේවාවක්ම එහිදී සපයන අතර එම සේවා සපයන්නේ අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ, ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත වෘත්තිකයන්ය. Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නැගී එන සුරතල් සත්ත්ව රැකවරණ සේවා සපයන්නා ලෙසද Pick My Pet සම්මාන දිනා ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව