Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය PVC නිෂ්පාදන යළි දියත් කරයි

MAIN IMAGE (LBN)

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය වැඩි දියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදි කිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය UPVC සහ CPVC පයිප්ප සහ උපාංග, FAB Bends, Solvent Cements, Cable Management Tubes සහ වෙනත් ගොඩනැගිලි උපකරණ එම නිෂ්පාදන අතර වේ. කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් සහ සාමාන්‍ය ජනතාව වැනි බොහෝ පාර්ශ්ව අතර ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Phoenix නිෂ්පාදනවල ඇති සුවිශේෂ ශක්තිමත් බව, දරා ගැනීමේ හැකියාව සහ කාර්ය සාධනය වඩාත් හොඳින් පිළිබිඹු වන ආකාරයෙන් මෙම නිෂ්පාදන සන්නාමගත කර ඇත.

 



 

සිල්ලර අලෙවිසල් සහ ඔවුන්ගේම වෙළෙඳසල් හරහා PVC නිෂ්පාදන අලෙවි කරමින් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Phoenix සමාගම මේ හරහා සිය සැපයුම් ජාලය වඩාත් ශක්තිමත් කිරීමට සැළසුම් කර ඇත. UPVC, CPVC, උපාංග, සිමෙන්ති සහ අනිකුත් සියලු PVC නිෂ්පාදනවලට අදාළ නවතම PVC ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදු විය. දශක ගණනාවක් පුරා මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ PVC උපාංග නිෂ්පාදනය කිරීමටත්, ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමටත් Phoenix සමාගම කටයුතු කරයි. Super PVC කාණ්ඩයට අයත් නිෂ්පාදන ජල නල කාර්මිකයන්, විදුලි කාර්මිකයන් සහ නිවෙස් හිමිකරුවන් වැනි සියලු දෙනාට ප්‍රයෝජන රැසක් ගෙන දෙනු ඇත. superpvc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ළඟම ඇති Phoenix අලෙවිසලට හෝ අලෙවි නියෝජිත මධ්‍යස්ථානයට ගොස් මෙම නිෂ්පාදන පිළිබඳ සියලු තොරතුරු ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව