![Phoenix (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/Phoenix-LBN.jpg)
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ.
විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable Hammock ඒ අතර ප්‍රධාන වේ. එය කොටස් දෙකකට නවා කුඩා ඉඩක වුවත් තැබිය හැකි අතර ආනතිය වෙනස් කර පහසු ආකාරයෙන් ඉඳ ගැනීමට භාවිත කළ හැකිය. භාවිත කරන්නන් සුව පහසුවෙන් තබන ෆැබ්රික් වර්ගයකින් නිපදවා ඇති එය Phoenix සමාගමේ ෆැබ්රික් සහ රෙසීන් මිශ්‍ර පළමු පුටුව වේ. තවත් නිෂ්පාදනයක් වන Cala Foldable Comfort Chair අවශ්‍ය ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි ලෙස සකසා ඇත. කුඩා ඉඩකට ගැළපෙන ලෙස සකසා ඇති Flip Foldable Table පහසුවෙන් නැවීමටත්, දිග හැරීමටත් හැකිය. හැඩකාර සහ ශරීරයට සුව පහසු ලෙස අසුන් ගැනීමට සකසා ඇති Kyo පුටුව ඕනෑම අවකාශයක අපහසුවකින් තොරව තැබිය හැකිය. එය ක්‍රියාකාරිත්වය සහ නවීන සෞන්දර්යය එකට මුසු කරයි. Cocktail Bar Stool අලංකාරත්වය සහ සුව පහසුව කැටි වූ තවත් හඳුන්වා දීමකි. එය අවන්හලකට ඉතා සුදුසු වේ. මෙම නවතම නිෂ්පාදන පෙළට ඕනෑම ආහාර වර්ගයක් ගබඩා කළ හැකි නවීන මෝස්තර සහිත භාජනද ඇතුළත් වේ.
එදිනෙදා ජීවිතය වඩාත් පහසු කර ගැනීමට උපකාර වන නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Phoenix සමාගම සරල බව, ක්‍රියාකාරී බව සහ විශිෂ්ට වර්ණ සංයෝජනය එකට කැටි කරයි. https://shop.phoenix.lk ඔස්සේ මාර්ගගත ක්‍රමයට සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ලේ පිහිටි ශාඛාවලට ගොස් මෙම නවතම නිෂ්පාදන පෙළ මිල දී ගැනීමට හැකිය. ඉහළ ප්‍රමිතිය සහ අලංකාරය ප්රමුඛ කර සළකන එම සමාගම ඉදිරියටත් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනු ඇත.