Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළි දක්වයි

MAIN IMAGE (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එලි දක්වන ලදී. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල්  පරාසයක විහිදී ඇත.

 




 

නවීන පන්නයේ ජීවන රටාවක් සඳහා අවශ්‍ය පුටු, බහාලුම් සහ වෙනත් ගෘහ භාණ්ඩ 10ක් මෙම නිෂ්පාදන පෙළට අයත් වේ. ඒවා මෙසේය. Duo Chair – සුවපහසු අත්දැකීමක් සහතික කරන ලීවලින් හෝ ලෝහවලින් නිම කළ හුවමාරු කළ හැකි සහ කැරකෙන කකුල් සහිත කුෂන් කළ පුටු. Breeze Chair – විවේකීව අසුන් ගැනීමට කදිම පුටු. Hola Chair – නාගරික පදිංචිකරුවන් සඳහා නවීන සාමාන්‍ය පුටු. POP Stool – ඕනෑම අවස්ථාවකට ගැළපෙන බහුවිධ ප්‍රයෝජන සහිත ගෘහස්ත හෝ එළිමහන් කුඩා මේස. OLI Kids Chair – කෙළිලොල් දරුවන් සඳහා වර්ණවත් පුටු. WAVE Drawers – රෝද සහිත හෝ රහිත, නැවිය හැකි ලාච්චු (ප්‍රමාණ තුනකින්). New 40L & 100L Storage Boxes – වටිනා භාණ්ඩ සුරක්ෂිතව තැබිය හැකි, ඉවත් කළ හැකි තැටිය සහිත ලාච්චු. Button L – ඉහළ නැංවූ ධාරිතාව සහිත සහ හොඳින් වාතය ගලා යන නව රෙදි සේදුම් කූඩ. COCO Basket – බොහෝ දෑ දැමිය හැකි කූඩ. Little Monsoon – ලීටර් පහක ධාරිතාවෙන් යුතු, ගෙවත්තට ප්‍රයෝජනවත් වන ජලය යෙදීමේ බාල්දි. සුවපහසු ජීවන රටාවක් සඳහා Phoenix සමාගම හඳුන්වා දුන් මෙම නිෂ්පාදන  ක්‍රියාකාරිත්වයෙන් සහ සෞන්දර්යාත්මකභාවයෙන් අනූනය. මෙම සම්පූර්ණ භාණ්ඩ පෙළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරවලින් මිල දී ගත හැකිය. අද්විතීය ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් යුතු මෙම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය ගෘහ භාණ්ඩ කලාවට නව අත්දැකීමක් එක් කරයි. shop.phoenix.lk ඔස්සේද මෙම භාණ්ඩ පෙළ දැක බලා ගත හැකිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව