People’s Leasing & Finance PLC සමාගම අනුරාධපුර මිරිසවැටිය විහාර පරිශ්‍රයේ කසළ කළමනාකරණය වැඩිදියුණු කිරීමට දායක වෙයි

PLC Anuradhapura 1 (LBN)

People’s Leasing & Finance PLC (PLC) සමාගම සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර මිරිසවැටිය දාගැබ් පරිශ්‍රයේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් විය.  මේ යටතේ කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි කසළ බඳුන් ප්‍රදානය කිරීමට PLC සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම වැඩසටහන, පූජනීය ස්ථානවල පාරිසරික තිරසාරත්වය හා පිරිසිදු බව ආරක්ෂා කිරීමට දායක වීම අරමුණු කරගෙන සමාගම විසින් ක්‍රියාවට නංවනු ලබන ආයතනික ප්‍රජා සත්කාර මාලාවක එක් පියවරකි.

 



 

මිරිසවැටිය පරිශ්‍රයේ සවිකරන ලද, කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි බඳුන් ජනතා අයිතියට පත්කිරීම සඳහා PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා විසින් එම විහාරයේ විහාරාධිපති වැලිහේනේ සෝභිත හිමියන් වෙත එම බඳුන් නිල වශයෙන් භාරදෙන ලදි.

PLC සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ජාලය) නීල් තුශාන්ත, එහි ප්‍රධාන කළමනාකරු (ශාඛා ජාලය) සුසිල් ප්‍රියන්ත, අනුරාධපුර ශාඛාවේ ශාඛා කළමනාකරු සාරංග දිසානායක සහ එම ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙන්ම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් දායක වූ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය, සමාජයට යහපතක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට දායක වීම සඳහා PLC සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි.

මෙහිදී අදහස් දැක්වූ විහාරයේ විහාරාධිපති වැලිහේනේ සෝභිත හිමියෝ මෙම කාලීන ප්‍රජා සත්කාර පිළිබඳව සිය කෘතඥතාව පළකළ අතර, පූජනීය ස්ථානවල පවිත්‍රත්වය ආරක්ෂා කරගැනීමේ වැදගත්කමද අධාරණය කළහ. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ මිරිසවැටිය පරිශ්‍රය පිරිසිදුව තබා ගනිමින් එහි සංස්කෘතික හා ආගමික ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම කසළ බඳුන් මගින් වැදගත් කාර්යභාරයක් ඉටු වනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ පැවසී ය. “පරිසරය මෙන්ම අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අප හොඳින් හඳුනනවා. මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ආගමික හා ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන සම්බන්ධයෙන් අප තුළ ඇති ගෞරවය මැනැවින් නිරූපණය කරන ව්‍යාපෘතියක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් අපගේ සේවාවන් ලබන ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් අර්ථවත් ලෙස දායක වීමට අප කැප වී සිටිනවා. මෙම ආදර්ශය අනුව යමින් මෙබඳු පූජනීය ස්ථාන පිරිසිදුව තබා ගැනීම සඳහා අන් අයද දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

PLC සමාගමේ අනුරාධපුර ශාඛාවේ කළමනාකරු සාරංග දිසානායක මහතා සහ මිරිසවැටිය විහාරයේ විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම කසළ බඳුන් පරිත්‍යාග කිරීම සිදුකරන ලදි. මෙය වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවන් වෙනුවෙන් මිරිසවැටිය භූමිය පවිත්‍රව තබා ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් දක්වනු නිසැක ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව