PAYable පදනම තුළ සිදු වූ ගනුදෙනු වල වටිනාකම රු. බිලියන 15 ඉක්මවයි

PAYable 1

 




 

 

  • 2020 දෙසම්බර් මාසයේ පමණක් රු. බිලියන 1.2 ක්
  • මසකට සාමාන්‍ය ගනුදෙනු වටිනාකම රු. මිලියන 950 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුදල් රහිත ගෙවීම් විසඳුම් (Cashless Payment Solutions) සම්පාදකයා වන PAYable තුළ මේ වනවිට සිදු වී ඇති ගනුදෙනු වල මුළු වටිනාකම රු. බිලියන 15 ඉක්මවා ඇත.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් PAYable හි සම-නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ පැවසී ය. “PAYable 2016 වසරේදී මුදල් රහිත ගෙවීම් ක්ෂේත්‍රයට පිවිසීම මගින් එම ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති වුණා. එතෙක් පැවති සීමාවන් වෙනස් කරමින්, ඒ දක්වා බැංකු වෙතින් මුදල් රහිත ගෙවීම් පහසුකම් ලබාගැනීමට සුදුසුකම් නොලැබූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත එම පහසුකම් ලබාදීමට අප කටයුතු කළා. මේ ආකාරයට එම ව්‍යවසායකයන් සවිබල ගැන්වීම මගින් ඔවුන් සිය ආදායම කළමනාකරණය ආකාරය වෙනස් කරමින්, ඔවුන්ගේ දියුණුවට මංපෙත් විවර කරදීමට අපට හැකිවී තිබෙනවා.”

ව්‍යාපාරයේ අවශ්‍යතාව පරිදි පහසුවෙන් පුළුල් කළ හැකි සුරක්ෂිත සේවාවක් වන PAYable ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. ඉදිරියේදී ශ්‍රී ලංකාව මුදල් රහිත ගනුදෙනු තාක්ෂණයන් වෙත වැඩි වැඩියෙන් යොමුවීමේදී මෙම සේවාව විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බව සමාගම විශ්වාසය පළකරයි.

“ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව, අපගේ බැංකු හවුල්කරුවන් සහ වෙළඳුන් යන දෙපාර්ශ්වයම ශක්තිමත් කිරීම සඳහා පුරෝගාමී විසඳුම් පෙළක් හඳුන්වා දීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම විසඳුම් අතරට නව PAYable PRO සහ PAYable MINI, Android  ගෙවීම් භාරගැනීමේ පර්යන්ත, Android සහ iOS උපාංග සමග සම්බන්ධ කළ හැකි Keypad MPOS සහ, අලෙවිකරුවන්ට මාර්ගගත අලෙවිසැල් නිර්මාණය කරගැනීමට සහ විධිමත් ඉන්වොයිසි ක්‍රමවේදයක් තුළ සමාජ මාධ්‍ය විකුණුම් ක්‍රමය භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන PAYable Online ආදිය ඇතුළත්. මේ නිර්මාණශීලී නව විසඳුම් අපගේ දැනට ක්‍රියාත්මක ‘card-present’ සහ ‘card-not-present’ විසඳුම් තවදුරටත් පුළුල් කිරීමට බෙහෙවින් උපකාරී වේවි.”  යොහාන් විජේසිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන සිටින PAYable, සෑම ශ්‍රී ලාංකිකයන් 1,000 කට 2.0 මට්ටමේ පැවති මුදල් රහිත ගෙවීම් භාරගැනීමේ ස්ථාන සංඛ්‍යාව 3.8 දක්වා වැඩි කිරීමට දායක වෙමින්, මෙරට තුළ මුදල් රහිත ගෙවීම් සම්ප්‍රදාය පුළුල් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව