Parallax Technologies කෘතිම බුද්ධිය භාවිතයෙන් නිපදවූ Ecommerce Delivery Management මෘදුකාංගයට 2024 තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී රන් සම්මාන

Curfox

ශ්‍රී ලංකාවේ නැගී එන මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන Parallax Technologies සමාගමේ නව්‍ය නිෂ්පාදනයක් වන Curfox – Ecommerce Delivery Management මෘදුකාංගය 2024 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී සැපයුම් දාම ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. පාරිභෝගිකයන් Online ක්‍රමයට ඇණවුම් කරන භාණ්ඩ විවිධ හේතු මත ආපසු හරවා යැවීම අදාළ ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන අතර Curfox මෘදුකාංගයෙන් මෙම අභියෝගය විසඳීමට යොදා ඇති නව්‍ය තාක්ෂණය ඇගැයීමට ලක් කරමින් සමස්ත රිදී සම්මානය දිනා ගැනීමටද Parallax ආයතනය සමත් විය. තවද, ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නාමල් අත්තනායක මහතා 2024 වසරේ විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂ ජයග්‍රහණය ආයතනයේ ශ්‍රම බලකාය සතු දක්ෂතාව, කැපවීම සහ නිරන්තරයෙන්ම ඉහළ ප්‍රමිති පවත්වා ගෙන යාම මනාව පිළිබිඹු කරන සන්ධිස්ථානයකි.
 



 
සියලු පරිමාණවල delivery සේවා වෙනුවෙන් නිපදවා ඇති Curfox මෘදුකාංගය මෙරට ප්‍රධාන පෙළේ courier සමාගම් රැසක් ඔවුන්ගේ ක්‍රියාවලි සරල, පහසු සහ වඩාත් කාර්යක්ෂම කර ගැනීමට භාවිත කරන වඩාත් විශ්වාසදායකම මෘදුකාංගය වේ. පාරිභෝගිකයන් තමන් ඇණවුම් කළ භාණ්ඩයක් ආපසු හරවා යැවීම, courier  සේවාව සපයන ආයතනයට මෙන්ම online ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දන්ටද ඉමහත් පාඩු ඇති කරන ක්‍රියාවලියකි. කෘතිම බුද්ධිය භාවිතයෙන්  දත්ත මිලියන ගණනාවක් විශ්ලේෂණය කරමින්  නිපදවා ඇති Curfox මෘදුකාංගයෙන් පාරිභෝගිකයා යම් භාණ්ඩයක් ආපසු හරවා යැවීමට ඇති ප්‍රවණතාව පෙර හඳුනා ගෙන වළක්වා ගැනීමට හැකියාව සළසා දී ඇත. Delivery Management මෘදුකාංගයෙන් එවැනි පහසුකමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වේ. 2014දී  ඇරැඹූ Parallax සමාගම රටවල් රැසකට සේවා සපයන විශ්වාසනීය මෘදුකාංග සමාගමක් ලෙස කීර්ති නාමයක් දිනා ඇත. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද සම්මාන දිනා ඇති Curfox  මෘදුකාංගය 2023 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වීම තවත් එක් සුවිශේෂ ජයග්‍රහණයකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව