OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

Otto

මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International පෞද්ගලික සමාගම – www.ottobathware.com) යටතේ ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ වර්ග අඩි 435,000ක නවීන කර්මාන්තශාලාව බණ්ඩාරගම පිහිටා ඇත. දකුණු ආසියාවේ විශාලතම සෙරමික් විසිතුරු නිෂ්පාදකයා සහ අපනයනකරු වන එම සමාගම මෙරට දෙවැනි විශාලම නාන කාමර උපාංග නිෂ්පාදකයා වේ. දිවයින පුරා 500කට අධික පිරිසක් OTTO නාන කාමර උපාංග අලෙවි කරති.

ඇතැම් නාන කාමර උපාංග නිෂ්පාදකයන් පිරිවැය අඩු කිරීමට ඒවායේ බර, පිළිස්සීම අඩු කිරීම බරපතල ගැටළුවකි. එයින් නිෂ්පාදනවල ශක්තිමත්භාවයට සහ කල් පැවැත්මට බලපෑමක් වේ. උසස් තත්ත්වයේ නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සාධක දෙකක් වන්නේ අමුද්‍රව්‍ය සහ LP ගෑස්ය. 1240Coක ඉහළ උෂ්ණත්වයක් නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වේ. බරින් අඩු නිෂ්පාදන අඩු උෂ්ණත්ව යටතේ නිෂ්පාදනය තුළින් සියුම් ඉරිතැලීම් ඇති විය හැකිය. කොමඩ්වල ජලය රැඳී තිබෙන බැවින් මෙම ඉරිතැලීම් තුළට ජලය කාන්දු වන අතර අවසානයේ ඒවා කැඩී යයි. එවැනි කැඩී යාමකදී තියුණු සෙරමික් කැබලි, රසදිය Lead (Pb) සහ කැඩ්මියම් Cadmium (Cd) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය නිසා බරපතල තුවාල සිදු විය හැකිය. නාන කාමර උපාංගවල බර දරා ගැනීමේ ධාරිතාව, පීඩන ප්‍රතිරෝධය, කාන්දුවීම්, ෆ්ලෂ් කිරීමේ ක්‍රියාකාරිත්වය, රසායනික ප්‍රතිරෝධය සහ වෙනත් දෝෂ පිළිබඳව පුළුල් පරීක්ෂණ කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැප වී සිටී. OTTO නාන කාමර උපාංග අදාළ සියලුම පරීක්ෂණවලින් සමත් වී ඇති බැවින් SLS සහතිකය ලැබී ඇත. “මිල පිළිබඳව පමණක් නොසිතා ප්‍රමිතිය තහවුරු කළ, කල් පැවැත්මෙන් ඉහළ නිෂ්පාදන මිල දී ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.” OTTO සමාගමේ සභාපති එස්. එච්. බී. කරුණාරත්න මහතා පැවසීය..
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව