Orzone සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පානීය ජලය අපනයනය කරයි

IMAGE-1

මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම මිලිලීටර් 600 පානීය ජල බෝතල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අපනයනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වේ. සිඩ්නි නගරයට මිලිලීටර් 600 පානීය ජල බෝතල් මිලියනයක් සැපයීම සඳහා ඔවුන්ට මෑතකදී ලැබුණු ඇණැවුමක ආරම්භක අදියර ලෙස මිලි ලීටර් 600 පානීය ජල බෝතල් අඩංගු බහාලුමක් මෙලෙස පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට නැව් ගත කරන ලදී. එම සමාගම මීට වසර 30කට පමණ පෙර ජල බෝතල් අපනයනය ඇරඹීය. ඔවුන් ඕස්ට්‍රේලියාවට ජල බෝතල් අපනයනය ඇරඹුවේ සිය ව්‍යාපාර වපසරිය පුළුල් කිරීමේ අරමුණෙනි.

 



 

සෞඛ්‍යාරක්ෂිත ලෙස ජලය බෝතල් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ජල බෝතල් ඇසුරුම් කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි හේතු නිසා Orzone පානීය ජල බෝතල් සඳහා විශාල ජාත්‍යන්තර ඉල්ලුමක් ඇත. පසුගිය කාලය පුරා නියමිත වේලාවට ඇණැවුම් සපයා ඇති එම සමාගම ජාත්‍යන්තර පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා තිබේ. සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් Orzone Mineral Water Exports සමාගම සම්මාන උළෙල කිහිපයකදී සම්මාන දිනා ඇත. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ ඌව අභිමානී සම්මාන උළෙල ඒ අතරින් ප්‍රධාන වන අතර ඔවුන් දිනූ සම්මාන අතරට රන් සම්මාන දෙකක් සහ විශිෂ්ටම අපනයනකරු සම්මානය අයත් වේ. “ලොව පුරා සිටින පාරිභෝගිකයන් සහ කැපවීමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නිසා අඛණ්ඩ සාර්ථකත්වයක් ලැබීමට අපට හැකි වුණා. නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අපගේ ප්‍රධාන ඉලක්කය වන අතර ඊට අදාළ සැළසුම් මේ වන විටත් සකසා තිබෙනවා. ඒ හරහා අපනයන පරාසය පුළුල් කරමින් රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන්න අපට හැකියාව ලැබේවි.” Orzone සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපුල් බී. සෙනරත් මහතා පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව