Orzone සමාගම අනුරාධපුරයේ ජලය ලීටර් ලක්ෂයක පොසොන් පැන් දන්සැලක් පවත්වයි

ORZONE IMAGE - 1

අනුබුදු මිහිදු නාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය දින අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ගේ පවස නිවීමට Orzone සමාගම පිරිසිදු පානීය ජල දන්සැලක් පැවැත්වීය. රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අතර මැද මාවතේ පැවැත්වූ මෙම ජල දන්සැලේදී ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැදැහැවතුන් වෙත පරිත්‍යාග කරන ලදී. Orzone සමාගම පොසොන් පොහොය දින සහ ඊට පසු දින පැවැත්වූ මෙම ජල දන්සැලෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පවස නිවා ගත් අතර මෙම සත්කාර්යය පිළිබඳව Orzone සමාගමට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළහ. Orzone සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ උපුල් සෙනරත් මහතාගේ සංකල්පයක් අනුව හය වන වරටත් සංවිධානය කළ මෙම ජල දන්සැල සඳහා Orzone සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නීල් එන්. සෙනරත්, මූල්‍ය අධ්‍යක්ෂ අරුණ සෙනරත්, සාමාන්‍යධිකාරි සම්පත් වේරගොඩ ඇතුලු සමාගමේ කාර්ය මණ්ඩලය සුවිශාල දායකත්වයක් සැපයීය. මේ පිළිබඳව උපුල් සෙනරත් මහතා පැවසුවේ Orzone සමාගම මෙවැනි සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් සිය උපරිම දායකත්වය සපයන බවයි. මෙවර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස පැවැති බවත් අති විශාල ජනකායක් ඊට සහභාගී වූ බවත් ඒ මහතා පැවසීය.

 



 

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අපනයනකරුවෙකු වන Orzone සමාගම සෞඛ්‍යාරක්ෂිත ලෙස ජලය බෝතල් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ජල බෝතල් ඇසුරුම් කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි හේතු නිසා ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සහ ඌව අභිමානී සම්මාන උළෙලේදී රන් සම්මාන සහ විශිෂ්ටම අපනයනකරු සම්මානය දිනා ඇති එම සමාගම FCCISL සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. මේ වන විට විශිෂ්ට ව්‍යවසායකත්වය වෙනුවෙන් රන් සම්මාන 7ක් ඇතුළුව ජාතික සහ ජාත්‍යන්තර සම්මාන 22ක් දිනා ගැනීමට Orzone සමාගම සමත් වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව