ව්‍යාපාර ලෝකයේ සුප්‍රකට වෘත්තීයවේදිනියක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය OrphanCare වැඩසටහනේ භාරකාරිනියක ලෙස පත්කර තිබේ. වෙනස් කොට වෙනම සැලකීම පිටුදකිමින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියේ 2 වැනි වගන්තිය තුළින් පන්නරය ලද OrphanCare ස්වාධීන භාරය, කිසිදු ජාති, ආගම් හෝ වර්ණ භේදයකින් තොරව සියලුම දරුවන්ට එහි ප්රතිලාභ ලැබීමට අවස්ථාව සලසමින් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද්දේ මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සිය වයස අවුරුදු 18 සම්පූර්ණ වී තමන් හැදී වැඩුන ළමා නිවාසවල රැකවරණයෙන් නික්ම ගොස් වැඩිහිටියන් ලෙස සමාජගත වන අවස්ථාවේදී ඔවුන්ට සවිමත් අත්වැලක් ලබාදීම අරමුණු කරගෙනය.
එලෙස OrphanCare වැඩසටහනේ ඉදිරි ගමන ශක්තිමත් කරමින් එහි භාරකාර මණ්ඩලයට එක්වූ කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ හා සිංගප්පූරුවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන 5-hour International Corporation හි ප්‍රධාන විධායක නිලාධරිනිය ලෙස කටයුතු කරයි. 2020 වසරේදී Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීම් ලැබීමත් සමග ඇය මෙරට ලැයිස්තුගත සමූහය ව්‍යාපාරයක සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූ අතර, 2024 මාර්තු මාසය වනතුරු ඇය එම තනතුරෙහි කටයුතු කළාය. මේ වනවිට ලංකා වාණිජ මණ්ඩලයෙහිද සාමාජිකාවක වන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA Sri Lanka), සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය යන ආයතනවලද අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ.
දැල්පන්දු සහ පැසිපන්දු යන ක්‍රීඩා දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 1989 වසරේ ජාතික පැසිපන්දු කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කළ අතර, පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කළා ය. තවද එම මහත්මිය UNICEF Business Council හි සාමාජිකාවක ලෙස ළමා අයිතීන් හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර, එම දැනුම හා පළපුරුද්ද OrphanCare වැඩසටහන තුළ ඇයට හිමි වූ නව තනතුරටද බෙහෙවින් වැදගත් වනු ඇත. Hemas ආයතනය තුළ සේවය කළ කාලසීමාවෙහි ඇය හේමාස් අවුට්රීච් පදනම හරහා ‘පියවර’, ‘අයාති භාරය’ සහ ‘එකසේ සලකමු’ වැඩසටහන වැනි වැඩසටහන් රාශියක් සාර්ථක කරගැනීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදුන්නා ය.
කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය OrphanCare භාරයේ භාරකාරිනියක ලෙස පත්කිරීම සම්බන්ධයෙන්, එම භාරයේ සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ අදහස් පළකළේ ය. “කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය අපගේ භාරකාර මණ්ඩලයට එක්වීම අපට විශාල ගෞරවයක්. ආයතනික හා සමාජ සත්කාර යන අංශ දෙකම සම්බන්ධයෙන් ඇය සතු දීර්ඝකාලීන පළපුරුද්ද, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිත යහපත් කිරීමේ අපගේ මෙහෙවරට අතිශයින් වැදගත් වේවි. සමාජ වගකීම් වැඩසටහන් සම්බන්ධයෙන් කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පෙන්නුම් කර ඇති කැපවීම අපගේ වටිනාකම් සමග මැනැවින් සමපාත වනවා. OrphanCare වැඩසටහනේ අනාගතය හැඩගැස්වීම සඳහා ඇයගෙන් වටිනා දායකත්වයක් ලැබෙනු ඇති බවට සැකයක් නැහැ.”
කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මියට අමතරව OrphanCare වැඩසටහනේ භාරකාර මණ්ඩලය සභාපති රුස්ලි හුසේන් (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), භාණ්ඩාගාරික ජස්රි මැග්ඩන් ඉස්මායිල් (AAT හි හිටපු සභාපති), හර්ෂ අමරසේකර (ජනාධිපති නීතීඥ), කේ. ආර්. රවීන්ද්‍රන් (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), ශරද් අමලියන් (MAS Holdings සම-නිර්මාතෘ), දේශබන්දු තිලක් ද සොයිසා (Helpage Sri Lanka සභාපති), ඔස්මාන් කාසිම් (අමානා බැංකුවේ නිර්මාතෘ සහ හිටපු සභාපති), තයිබ් අක්බරලි (Akbar Brothers හි ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ) සහ මොහොමඩ් අස්මීර් (අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ. එමෙන්ම ‘OrphanCare’ වැඩසටහනේ විශ්වාසනීයත්වය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා එහි භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක්ද ස්ථාපිත කර ඇත.
අමානා බැංකුව නිර්මාතෘ-අනුග්‍රාහකයෙකු වශයෙන් කටයුතු කරමින් ආරම්භ කරන ලද OrphanCare භාරයෙහි ඉලක්කය වන්නේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සමාජයේදී නැවත වරක් අසරණ වීමේ ඉඩකඩ අවම කරමින්, ඔවුන්ට සාර්ථක පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. මෙම වැඩසටහනෙහි විශේෂත්වයක් වන්නේ, මෙහි සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් අමානා බැංකුව මගින් දරනු ලබන නිසා, පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම මුදල් අදාළ ප්‍රතිලාභීන් වෙත හිමි වීම ය. මේ දක්වා දිවයින පුරා ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවක දරුවන් 3,000 කට අධික පිරිසක් OrphanCare වැඩසටහන සමග සම්බන්ධ වී සිටිති.
OrphanCare පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ OrphanCare සමග අත්වැල් බැඳගත හැකි ආකාරය පිළිබඳව දැනගැනීමට කරුණාකර www.orphancare.org වෙත පිවිසෙන්න. නැතිනම් 011 775 6 775 අමතන්න.