One UI 4 සමඟ එන Samsung Kids යාවත්කාලීන කිරීම් දරුවන්ගේ යහපත් ඩිජිටල් පුරුදු වර්ධනයට සහාය දක්වයි

Webp.net-resizeimage




 

අසීමිත අත්දැකීම් සහිත ලෝකයකට අපව ගෙන යන ප‍්‍රධානතම දොරටුවක් ලෙස අපගේ ස්මාර්ට් ජංගම දුරකතන හ`ඳුන්වාදීම නිවැරදිය. එය එසේ වුවද අසීමිත බව නිසාම smartphone භාවිතයේදී තම දරුවන්ට හානිකර විය හැකි අන්තර්ගතයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් සැලකිලිමත් විය යුතු අතර ඔවුන් එවන් දේ වෙත පිවිසීම වැළැක්වීම අත්‍යාවශ්‍ය වේ. දෙමව්පියන් විසින් තම දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කිරීම සඳහා ඒවා නොදී සිටීමට හේතු වන කරුණු වන්නේද මේවා වේ.

ඔබ දරුවන්ට අසීමිත වූ ඩිජිටල් ලෝකය වෙත ආරක්ෂිතව පිවිසීමට ඉඩකඩ සලසන යම් ආරක්ෂාවක්, පාලනයක්  අවශ්‍ය දෙමව්පියෙකු නම් Samsung Kids ඊට කදිම විසඳුම ඔබ වෙත ගෙන එනු ඇත. දරුවන් සඳහා පමණක් සකස් කරන ලද ගෘහස්ත දියත් කිරීමක් වන Samsung Kids දරුවන් බාහිර සේවාවන් වෙත නිරාවරණය වීම වළක්වාලමින් පවුලේ සියලූ දෙනාට ගැලපෙන apps වලින් සපිරුණු ස්මාර්ට් ජංගම දුරකතනය තුළින් ඔවුන්ගේ සතුට හා  අධ්‍යාපන අවශ්‍යතාවන් මනාව සපුරාලීමට සමත් වේ. Samsung Kids හි One UI 4 නවතම update කිරීම මගින් පවුලේ සියලූ දෙනා බොහෝ විට භාවිත කරනු ලබන විශේෂාංගයන් වෙත වැඩි ආරක්ෂාවක් මෙන්ම විවිධත්වයක් එක් කරනු ලබන්නේ කුමන ආකාරයෙන්දැයි මේ ලිපිය තුළින් ඔබට වැටහෙනු ඇත.

වැඩි පහසුවක් හා ආරක්ෂාවක් වෙනුවෙන් Samsung Kids වර්ධනය වූ අයුරු

වර්තමානයේදී Samsung Kids ලෙස හඳුන්වන විශේෂාංගය 2014 වසරේදී ප‍්‍රථම වරට Kids Mode ලෙස හඳුන්වා දෙනු ලැබීය. මෙම Kids Mode විශේෂාංගය ළමයින්ට වඩාත් ආරක්ෂිත ආකාරයෙන් smartphones භාවිත කිරීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇත. එමෙන්ම ඒ තුළ අන්තර්ගත විශේෂාංගීකරණ සැකසුම් තුළින් දරුවන් Kids Mode සේවාව මගින් ලබාදෙනු ලබන apps වලට පමණක් ප‍්‍රවේශ වන බව දෙමවුපියන්ට සහතික කිරීමටද හේතු වේ. එසේම දරුවන් වඩාත් කැමති විශේෂාංගයන් ලබා දෙනු ලබන සුවිශේෂී හා හිතකර සාධකයන් සහිත නිර්මාණ සමගින් දරුවන්ගේ පළමු වින්දනාත්මක අත්දැකීම ඔවුන් වෙත උරුම කර දීමට ජංගම දුරකතනය තුළ smartphone කටයුතු කරනු ලබයි.

එම හඳුන්වාදීමේ සිට Kids Mode විශේෂාංගය වඩාත් ප‍්‍රචලිත වූ අතර දරුවන්ට තමන්ගේ smartphones සමඟවිනෝද වීමට සහ ඉගෙනීමට හැකිවන බව සහතික කිරීම වෙනුවෙන් එක් එක් වයස් කාණ්ඩ සහ අංශයන් සඳහා විවිධත්වයෙන් යුත් අන්තර්ගතයන්හි එකතුවක්ද ඊට එක් කරන ලදී.

Kids Mode, Samsung Kids බවට පත් වන්නේ වඩාත් පහසු විවිධ වූ අන්තර්ගතයන් ඒ වෙත ඉදිරිපත් කරමිනි. ඒ නිසාම download කිරීමකින් තොරව පැනලය tap කිරීමෙන් පමණක් Samsung Kids සක‍්‍රීය කර ගැනීමේ අවස්ථාව දැන් පරිශීලකයන් වෙත උදා කර දී තිබීම මහත් පහසුවක් වනු නිසැකය. එමෙන්ම ජංගම දුරකතනය unlock කිරීමේදී මෙම විශේෂාංගය ක්ෂණිකව ක‍්‍රියාත්මක කිරීමට හෝ අක‍්‍රීය කිරීමටද හැකියාව ඇත. ඒ වෙනුවෙන්ම වන password අවශ්‍ය නොවන අතර ඒ සඳහා භාවිත කරන patterns පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ඉදිරිපත් කරනු ලබයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ හවුල්කාර සමාගම් සමඟ එක්ව තවත් විවිධ අන්තර්ගතයන් මීට ඇතුළත් කිරීමට සැම්සුන් කටයුතු කර තිබීමයි. ඔබේ දරුවා වෙනුවෙන් කරදරයකින් තොරව අන්තර්ගතයන් තෝරා ගැනීම හා ඒ තුළින් ලබා දී ඇති අනෙකුත් වැඩි දියුණු කළ සේවාවන් සමඟ පරිපූර්ණ smartphone අත්දැකීමක් ඔබේ දරුවාට ලබා දෙන්නේ කෙසේදැයි පහත වීඩියෝවෙන් ඔබට දැක ගත හැකිය.

ප‍්‍ර‍්‍රධාන update කිරීම 1 – වයස් කාණ්ඩ මත පදනම්ව පසුබිම් වර්ණ හා Apps යොදා ගැනීම

ප‍්‍රධාන වශයෙන් අවුරුදු 3 ත් 8ත් අතර දරුවන් විසින් භාවිත කිරීමට අදහස් කොට ඇති Samsung Kids පසුබිම් වර්ණ වෙනස් කිරීම සඳහා වන update කිරීම් සමඟ විකල්ප ඉදිරිපත් කොට ඇත. එසේම තිරයේ දිස්වන apps වයස් කාණ්ඩවලට අදාළ සේවාවන් වෙනුවෙන් භාවිත කිරීමට හැකිය. දෙමාපියන් හට තම දරුවන්ගේ අවශ්‍යතාව මනාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් පෙර ලබාගත් apps මකා දැමීමටත්, ඔවුන් download කර අවසර දී ඇති නිර්දේශිත අන්තර්ගත පිටුවෙන් සහ apps වලින් ප‍්‍රධාන තිරය අන්තර්ගත කිරීමත් සිදු කළ හැකිය.

එහි අන්තර්ගත කර ඇති apps අතර කුඩා දරුවන් සඳහා ප‍්‍රයෝජනවත් වන Bobby’s Canvas (චිත‍්‍ර ඇඳීමේ app එකක්), My Magic Voice (හඬ වෙනස් කිරීමේ app එකක්), සහ Lisa’s Music Band (සංගීතය සම්බන්ධ app එකක්) වැනි දේ ඇතුළත්ය. දෙමව්පියන්ට අවශ්‍ය නම් ඇතැම් apps සහ අන්තර්ගතයන් සැඟවීමේ හැකියාවද මෙහිදී ලබා දී ඇත.

වයස අවුරුදු 8 සිට ඊට වැඩි වයස් දරුවන් සඳහා තරමක් අභියෝගාත්මක අන්තර්ගතයන් තුළින් වැඩි ප‍්‍රතිලාභ ලබා ගැනීමටද මෙහිදී අවකාශ උදා වේ. උදාහරණ ලෙස code block කිරීම හරහා දරුවන්ට තාර්කික චින්තනය පුරුදු කිරීමට ඉඩ සළසන Crocro’s Adventure, ඉංග‍්‍රීසි පුවත් ලිපි විශේෂාංගයන් වන My Browser, හවුල්කාර apps යටතේ වර්ග කර ඇති Pettson’s Inventions වැනි apps හඳුන්වා දිය හැකිය. පරිශීලකයන්ට ඔවුන් කැමති පරිදි පසුබිම් වර්ණය වෙනස් කිරීමේ හැකියාවද මෙහිදී උදා කර දී ඇති අතර ලබන වසරේ මුල් භාගය වන විට home launcher භාවිත කරන දරුවන්ට ඔවුන්ගේම චිත‍්‍රවලින් එහි ප‍්‍රධාන තිරය අලංකාර කර ගැනීමටද අවකාශය උදා වේ.

ප‍්‍රධාන update කිරීම 2 – අධීක්ෂණ ක‍්‍රියාකාරකම් සහ සතිපතා ඉලක්කයන් සකස් කිරීම සඳහා වන ශක්තිමත් දෙමාපිය මැදිහත්වීම

තම දරුවන් බහුලව භාවිත කරන apps මොනවාද, ඔවුන් වඩාත් කැමති apps මොනවාද යන්න පිළිබඳ සෑම දෙමව්පියෙකුම දැන ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. Samsung Kids විසින් update කරන ලද දෙමාපිය පාලන විශේෂාංගය මගින් දරුවන් දිනය තුළ සිදු කළ ජංගම දුරකතන ක‍්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් පමණක් නොව පසුගිය මාසය පුරාම ඔවුන් සිදු කළ දේ පිළිබඳ විස්තර සපයනු ලබයි. Apps භාවිත කිරීමේ වාර ගණන මත ලැයිස්තු ගත කර ඇති ඒ තුළින් එක් එක් කාලය සඳහා වැය කළ තිර කාලය නිරීක්ෂණය කිරීම වඩාත් පහසු කරනු ඇත.

වඩාත් හිතකර smartphones භාවිත කිරීමේ පුරුදු ඇති වන්නේ ඉලක්කයන් ලබා දී ඒවා සාක්ෂාත් කර ගැනීමේදීය. සතිපතා භාවිත කරනු ලබන ඉලක්කයන් සකස් කිරීම වෙනුවෙන් දරුවාගේ smartphone ක‍්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ඔබ සතු වීම වඩාත් ප‍්‍රයෝජනවත්ය. ඔවුන්ගේ තත්වය මත පදනම්ව සෑම දිනකම අනුගමනය කළ යුතු එකම තිර කාල ඉලක්කයක් පරිශීලකයන් හට ස්ථාපිත කළ හැකි අතර එසේ නැතිනම් සතියේ සෑම දිනකම විවිධ ඉලක්කයන් සකස් කිරීමටද අවකාශ උදා වේ.

ප‍්‍රධාන update කිරීම 3 – නිර්දේශිත අන්තර්ගත පිටුව තුළ දැන් AR විශේෂාංග හා හවුල්කාර apps ඇතුළත් වේ

ඡුායාරූප ලබා ගැනීම හා ඇඳීම වැනි මූලික ක‍්‍රියාකාරකම් සඳහා විශේෂාංග සපයන Samsung Kids හවුල්කරුවන් සමඟ එක්ව ගොඩනගන ලද පුළුල් පරාසයක විහිදුණු අන්තර්ගතයන් ද ඊට ඇතුළත් කොට ඇත. ඔබ ප‍්‍රධාන තිරයේ දකුණු පසට swipe කළ හොත් දරුවන් කැමති විවිධ නවතම apps දැක ගැනීමට හැකිවනු ඇති අතර ඒවා පහසුවෙන් මුල් තිරයට එක් කරගත හැකිය.

AR (පවතින දේ වැඩි දියුණු කරන ලද) භාවිත කරන apps ද update කරමින් මෙහිදී හඳුන්වා දෙනු ලබයි. උදාහරණ ලෙස ගතහොත් ක්‍රොකෝ සහ ඔවුන්ගේ මිතුරන් සම`ග වැඩි දියුණු කරන ලද යථාර්තයන් තුළ ඔවුන්ගේම විශේෂ කතාවන් සැකසීමට My AR Theater සහ My Art Studio දරුවන්ට ඉඩකඩ සලසයි. එහිදී ඔවුන්ගේ කතා වීඩියෝ ලෙස සුරැකීමට හැකි අතර පින්තූර ගැනීමටත්, ඔවුන්ගේම චිත‍්‍ර මඟින් නිර්මාණය කරන ලද AR ස්ටිකර්වලින් ඒවා අලංකාර කර ගැනීමටත් හැකි වේ. එසේම මෙම විශේෂාගය ඔවුන්ගේ අදහස් එළි දැක්වීමට මෙන්ම නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමටද දරුවන් දිරි ගන්වනු ඇත. LEGO DUPLO World, Disney Coloring සහ Toca Boca’s වැනි නවතම හවුල්කාර apps සමඟින් විවිධාකාර විනෝදාත්මක ක‍්‍රියාකාරකම් භුක්ති විඳීමේ අවස්ථාවද මේ තුළින් උදා වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව