Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

Image 02 - 20 Years (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන  “සේවා අභිමන්” Loyalty Awards සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. මාලඹේ රීජන්ට් කන්ට්‍රි ක්ලබ් හිදී පැවති මෙම උත්සවයේදී වසර 10ක්  සහ 20ක් පුරාවට සමාගම වෙනුවෙන් සිය කැපවීම සහ දායකත්වය ලබා දුන් කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්විය.

වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් 23 දෙනෙකු සහ වසර 20ක් සම්පූර්ණ කළ සේවකයින් 34 දෙනෙකු වෙනුවෙන් මෙහිදී උපහාර පිරිනැමූ අතර ඒ අනුව මෙම වසරේ “සේවා අභිමන්”හි දී සේවකයින් 57 දෙනෙකු ගෞරව ප්‍රශංසාවට පාත්‍ර විය. මෙම සුවිශේෂී සන්ධිස්ථානය තුළින් Ocean Lanka කෙරෙහි සිය සේවකයින් තුළ පවත්නා විශ්වාසය සහ පක්ෂපාතීත්වය පිළිබිඹු වන අතර ධනාත්මක සේවා පරිසරයක් බිහිකිරීමට සමාගමේ ඇති කැපවීමද මැනවින් පෙන්නුම් කරයි.

 



 

Ocean Lanka පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ පක්ෂපාතීත්වය ඇගයීමට ලැබීම අපට විශාල ගෞරවයක්. ඔවුන්ගේ නොසැලෙන කැපවීම අපගේ සාර්ථකත්වයට හේතුවයි. “සේවා අභිමන්” සම්මාන උළෙල අප සමාගමේ අඛණ්ඩතාව, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ විශිෂ්ටත්වය යන වටිනාකම් වලට කදිම සාක්‍ෂියක්. අපට මුහුණ දීමට සිදුවූ විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට මෙම වටිනාකම් අපට බෙහෙවින් උපකාර වුණා. ඒ අතරින් අපගේ කාර්ය මණ්ඩලයේ පක්ෂපාතීත්වය අපව අද සිටින තැනට රැගෙන විත් තිබෙනවා. ඉදිරියටත් ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම සහ පක්ෂපාතිත්වය සමඟින් අපට තව තවත් සුවිශේෂී සන්ධිස්ථානයන්ට ලඟා විය හැකි බව මට විශ්වාසයි”.

Ocean Lanka සමාගම සිය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංවර්ධනය සහ යහපැවැත්ම කෙරෙහි සුවිශේෂී අවධානයක්  දක්වන අතර විවිධ දිරිගැන්වීම් ලබාදීම තුළින් ඔවුන්ට වටිනාකමක් ලබාදෙයි. “සේවා අභිමන්”සම්මාන උළෙල Ocean Lanka සමාගම සහ එහි කාර්ය මණ්ඩලය අතර පවතින සදාකාලික සබඳතාවයන් සැමරීමක් වන අත‍ර Ocean Lanka සමාගම නවීකරණයන් තුළින් ඉදිරියට යන ගමනේදී සෑම විටම සිය කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම සහ තෘප්තියට ප්‍රමුඛත්වය දෙනු ලබයි.

සිය සාර්ථකත්වයට කාර්ය මණ්ඩලයේ දායකත්වය මැනවින් හඳුනාගෙන සිටින Ocean Lanka සමාගම, දක්ෂතා, කැපවීම සහ නොසැලෙන පක්ෂපාතීත්වය වැඩිදියුණු කළ හැකි සේවා පරිසරයක් පෝෂණය කරමින් සමාගමට සහ එහි කාර්ය මණ්ඩලයට දීප්තිමත් අනාගතයක් තහවුරු කිරීමට කැපවී සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව