
2026 මාර්තු 14, කොළඹ, ශ්‍රී ලංකාව :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, දිවයින පුරා විහිදුනු සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 29 වන ශාඛාව පසුගියදා කිරිබත්ගොඩ දී විවෘත කළේය. කිරිබත්ගොඩ, මාකොළ පාරේ පිහිටි Udeshi City සාප්පු සංකීර්ණයේ G-3 හි පිහිටි වර්ග අඩි 21,000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුතු මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය ගනුදෙනුකරුවන් සඳහා වඩාත් පහසු සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන් වර්ධනය වන නාගරික කලාපයක ස්ථාපිත කර ඇති මෙම කිරිබත්ගොඩ ශාඛාව, අවට ප්‍රදේශවල පදිංචි පවුල්, තරුණ වෘත්තිකයන් සහ යෞවන යෞවනියන් ඇතුළු විවිධ පාරිභෝගික කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇත. පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් පැළඳුම්, ආයිත්තම්, පාවහන්, ගෘහ උපකරණ, සෙල්ලම් බඩු, ගමන් මලු මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන එකම වහලක් යටින් මිලදී ගැනීමේ පහසුකම පාරිභෝගිකයන් වෙත පිරිනැමේ.
වැදගත් නාගරික ප්‍රදේශක් වෙත සිය ව්‍යාප්තිය පුළුල් කරමින් NOLIMIT නවතම ශාඛාව කිරිබත්ගොඩදී විවෘත වේ. ප්‍රමාණවත් රථගාල, නවීන සැලැස්ම සහ උසස් පාරිභෝගික සේවාව මගින් පාරිභෝගිකයන්ට නවීන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම මෙහි අරමුණයි. 1992 දී ස්ථාපිත NOLIMIT, අද වන විට ශ්‍රී ලංකාවේ විශාලතම විලාසිතා නිමි ඇදුම් ජාලය ලෙස සහ ජාත්‍යන්තර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) දක්වා සිය ව්‍යාප්තිය පුළුල් කරමින් ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය තහවුරු කරගෙන ඇත.

මෙම අවස්තාව පිළිබඳ NOLIMIT හි කළමනාකාර අධ්යක්ෂ, හෆීස් මුබාරක් මහතා මෙසේ අදහස් දැක්විය. “අපගේ 29 වන ශාඛාව කිරිබත්ගොඩ වැනි සුවිශේෂී ප්‍රදේශයක විවෘත කිරීමට ලැබීම අපට මහත් සතුටක්. විලාසිතා ගැන උනන්දුවක් දක්වන ක්‍රියාශීලී ඔබ සැම වෙනුවෙන්ම, අතිනවීන සාප්පු සවාරි අත්දැකීමක් ඔබේ නගරයටම ගෙන ඒමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්. ඉදිරියේදී කිරිබත්ගොඩ පදිංචි ඔබ සැමට, අපගේ උසස් තත්ත්වයේ නවතම විලාසිතා එකතුව ඔබ අසලින්ම මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.”
වැඩිදුරටත් අදහස් දැක්වූ NOLIMIT හි සහකාර සාමාන්‍යාධිකාරී රනීස් ෂෙරීෆ් මහතා, “කිරිබත්ගොඩ යනු අපගේ ව්‍යාප්ත සැලසුම්වල නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය ලබා දුන් සුවිශේෂී නගරයක්. දැන් ඔබ අසලම පිහිටි අපගේ නවතම ශාඛාව තුළින්, ඔබට වඩාත් පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවාවන් අත්විඳීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම විලාසිතා සන්නාමය ලෙස, උසස් සේවාවක් ඔබ වෙත ලබා දීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.”
මෙම කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීම NOLIMIT හි ව්‍යාප්තියේ තවත් එක් සන්ධිස්ථානයක් වන අතර ගෝලිය තලයේ විලාසිතා ඔබ අසලටම රැගෙන ඒමේ NOLIMIT හි මෙහෙවර, මෙම නවතම ශාඛාව තුළින් තවදුරටත් තහවුරු වේ.


