NOCSL Next Champ හි රවිඳු ජයසුන්දර ජාත්‍යන්තර තරග ජයග‍්‍රහන සඳහා තමන් සූදානම් බව පවසයි

Image 3_Ravindu Sithum Jayasundara

 



 

 

 

NOCSL Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ කැපී පෙනෙන තරුණ ක‍්‍රීඩක රවිඳු ජයසුන්දර මෙම වසරේ දී නැවත වරක් ලෝක කණිෂ්ඨ ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගී වී පදක්කමක් දිනාගැනීමට අපේක්ෂාවෙන් සිටියි.

2020 ජාත්‍යන්තර කනිෂ්ඨ ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ රවිඳු මේ වන විට දෙස් විදෙස් තරගාවලීන් නියෝජනය කරමින් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමි කර ගෙන ඇති අතර ලෝක කණිෂ්ඨ ක‍්‍රීඩා උළෙලේදී ද ඔහුගේ ඉහළම දක්ෂතාවය පෙන්වන බවට සුබදායී බලාපොරොත්තුවක් තැබිය හැකිය.

තරඟාවලිය පිළිබඳව සිය අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමා රටින් පිටවී ගොස් ජාත්‍යන්තරයෙහි තම රට නියෝජනය කළ ප‍්‍රථම අවස්ථාව මෙම ජාත්‍යන්තර ලෝක කනිෂ්ඨ ක‍්‍රීඩා උළෙල  නිසා එය ඔහුට නවමු අත්දැකීමක් ලබාදුන් බවයි.

”මේ තරම් දුරක් පැමිණීමට ජීවිතයේ මෙන්ම කී‍්‍රඩාවේ ද බොහෝ කැපකිරීම්, පුහුණුවීම් සහ බොහෝ අත්හදාබැලීම් අවශ්‍ය වුණා. ජාත්‍යන්තර කණිෂ්ඨ ක‍්‍රීඩා උළෙලට නැවත සහභාගී වී ලංකාවට පදක්කමක් ගෙන ඒමට මට හැකි උපරිමයෙන් මම බලාපොරොත්තු වෙනවා වගේම කැපවෙනවා.” ඔහු පැවසුවේය.

තවද, තමාට විශ්වාසයෙන් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව සැලසීම පිළිබඳව NOCSL-Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනට ඔහු සිය කෘතඥතාව පළ කළේය.

තව දුරටත් ඔහු මෙසේ පැවසුවේය ” NOCSL-Crysbro Next Champ ශිෂ්‍යත්ව ලැබීම මට විශාල ආශීර්වාදයක් වුණා. විශේෂයෙන් ආර්ථික වශයෙන් අභියෝගාත්මක අවස්ථාවල අපේ පවුලට අපගේ මලල ක‍්‍රීඩා අවශ්‍යතා සඳහා සහයෝගය දැක්වීමට සහ අනුග‍්‍රහය දැක්වීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වල NOCSL-Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන අපට ශක්තියක් වුණා. NOCSL-Crysbro Next Champ වැඩසටහන තුළින් මම මගේ හැකියාවන් පූර්ණ ලෙස අවබෝධ කරගෙන ඇති අතර මගෙන් හොඳම දේ රට වෙනුවෙන් ලබා දීමට ද මට ශක්තියක් වුණේ NOCSL-Crysbro Next Champ වැඩසටහනයි. ජාතික ඔලිම්පික් කමිටුවට සහ ක‍්‍රිස්බ්‍රෝ ආයතනය ලබා දුන් සහයෝගයට මම අවංකවම ස්තූතිවන්ත වෙනවා. මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් ඔවුන් මම වගේ තවත් ක‍්‍රීඩකයින්ට අඛණ්ඩව සහයෝගය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

NOCSL-Crysbro Next Champ වැඩසටහන මේ දක්වා සාර්ථකව ක්‍රීඩා අපේක්ෂාවන්ට සහයෝගය දැක්වීමට මාවතක් සකසා ඇති අතර, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.

යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා 2022, ආසියානු ක‍්‍රීඩා 2022, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා 2022 සහ 2023 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වැනි ප‍්‍රමුඛ පෙළේ ඉසව්වලට ඇතුළත් වීමේ හැකියාව ඇති අඩු වරප‍්‍රසාද ලත් ප‍්‍රදේශවල තරඟකාරී තරුණ තරුණියන්ට මූල්‍ය ආධාර සැපයීම මෙම වැඩසටහනෙහි අරමුණයි. 2019 නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දිනාගත් ජයග‍්‍රාහකයින් ද NOCSL-Crysbro Next Champ ච වැඩසටහන මගින් අනුග‍්‍රහය ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ය.

මෙම ශිෂ්‍යත්ව මඟින් පෝෂණ ආධාර, ප‍්‍රවාහන පහසුකම්, පුහුණු ගාස්තු, නවාතැන් පහසුකම්, ඇඳුම් පැළඳුම් සහ ක‍්‍රීඩා උපකරණ සහ තෝරාගත් සෑම ක‍්‍රීඩකයෙකුගේම පුහුණුව, හැඩ ගැන්වීම සහ සංවර්ධනය සඳහා අවශ්‍ය වෛද්‍ය වියදම් ආදී වූ සියල්ල ආවරණය කෙරේ. විදේශීය පුහුණු විධි ඇතුළුව ඉහළ වටිනාකමක් ඇති මෙවලම් සහ ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයින් සඳහා තරුණ ක‍්‍රීඩකයින් යොමුකරන අතර එමගින් ඔවුන්ව ඔපමට්ටම් කරයි.

NOCSL-CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනෙන් තෝරාගන්නා ලද දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ජයග‍්‍රහණ හිමිකරගත් තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකුට සහයෝගය දැක්වීම සඳහා Crysbro” NOCSL සමඟ එක්වි‘Next Champ’ච’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් ‘Next Olympic Hope’ වැඩසටහන ආරම්භ කළේය.

‘Next Olympic Hope’ වැඩසටහන තුළින් රට තුළ සහ ඉන් පිටත වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට www.nextolympichope.comහරහා මෙම තරුණ හා නැගී එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ආධාර කිරීම සඳහා සුදුසු පරිත්‍යාග ලබාදිය හැකිය.

Crysbro Next Champ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම තරුණ ක‍්‍රීඩා කුසලතා හඳුනාගෙන ඔවුන්ට මූල්‍යමය අනුග‍්‍රහය දැක්වීම පමණක් නොව, නිසි පුහුණුව සහ සුදුසු ආහාර වේලක් වැනි අංශයන් පිළිබඳ ප‍්‍රවීණයන්ගේ මඟ පෙන්වීම ඇතිව විවිධ ක‍්‍රීඩා හැකියාවන්ගෙන් පොහොසත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා පූර්ණ දායකත්වයක් ලබාදෙයි. රටේ ග‍්‍රාමීය ආර්ථිකයේ ප‍්‍රධාන කුළුණක් ලෙස Crysbro”  සැලකිය යුතු සමාජ දායකත්වය ලබාදෙන අතරම එමඟින් ක‍්‍රීඩා අවස්ථා ඇති කරමින් ශාරීරිකව හා මානසිකව ක‍්‍රියාශීලීව සිටීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන ගියේය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව