Nisudha Food Products ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

NISUDHA

 



 

 

ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුරුණෑගල මාඑළියේ පිහිටි Nisudha Food Products සමාගම වසර විස්සකට අධික කාලයක් පුරා උසස් තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුතු ආහාර නිපදවයි. ඔවුන්ගේ නිෂ්පාදන බොහොමයක් පොල් ආශ්‍රිත ඒවා වන අතර ඒවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට අපනයනය තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලැබේ. Virgin Coconut Oil, පොල් තෙල්, සුදු පොල් තෙල්, තැඹිලි තෙල්, Coconut Chips, Coconut Sugar, Coconut Jam, Coconut Flour, කුළුබඩු සහ කුරුඳු ආශ්‍රිත නිපැයුම් ඔවුන්ගේ නිෂ්පාදන අතර වේ. විශාල පිරිසකට රැකියා සපයා ඇති Nisudha Food Products සමාගම සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය සම්පූර්ණ පොල් අවශ්‍යතාව දේශීයව සපයා ගනී. එම සමාගම ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ Virgin Coconut Oil නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කරයි.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Nisudha Food Products සමාගම FSSC 22000, ISO 22000:2018 සහ EU ORGANIC, USDA ORGANIC, KOREAN ORGANIC ආදී කාබනික සහතික ඇතුළු තත්ත්ව සහතික ගණනාවක්ද ලබා තිබේ. “සෞඛ්‍යවත් සහ උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කර ලොව පුරා රටවලට සැපයීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපගේ සෑම නිෂ්පාදනයක්ම සෞඛ්‍යවත් පරපුරක් නිර්මාණය කරන්න උපකාර වෙනවා. ඉතා කැප වීමෙන් සේවය කරන අප සමාගමේ කාර්ය මණ්ඩලයටත්, අපගේ පාරිභෝගික භවතුන්ටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මේ ජයග්‍රාහී ගමන පසුපස ඉන්න ප්‍රධාන පාර්ශ්ව.” සුදේශ් කුලසිංහ මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව