
ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ වෙත නව Nissan මැග්නයිට් සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්‍ෂණය සමඟින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත් දීප්තිමත් හා ශක්තිමත් පෙනුමෙන් කැපී පෙනෙන අතර ඉන් පාරිභෝගිකයාට විශ්වාසය ද ඇති කරයි.
නව Nissan මැග්නයිට්, නවෝත්පාදනය සහ පාරිභෝගිකයා පදනම් කරගත් නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරයි. 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ගෝලීය වශයෙන් මෙය දියත් කළ දිනයේ පටන් අද දක්වා, ලොව පුරා ඒකක 190,000කට වඩා වැඩි අලෙවියක් නව Nissan මැග්නයිට් වාර්තා කරයි. Nissan මැග්නයිට් හි ගෝලීය සාර්ථකත්වය, ලොව පුරා සියලුම ප්‍රභේද සහ මාදිලිවල උසස් තත්ත්වයේ, විශ්වසනීයත්වය සහ ජපන් ඉංජිනේරු විද්‍යාවේ මහිමය ලබා දෙන, සන්නාමයේ ‘One Car, One World’ ක්‍රමෝපාය පිළිබිඹු කරයි.
ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩෘ බොන්තියස් මහතා, “ශ්‍රී ලංකාවේ වසර 5ක වාහන ආනයන තහනමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත Nissan මැග්නයිට් රථය හඳුන්වා දීම, Nissan වාහන සඳහා නව පරිච්ජේදයක් සනිටුහන් කරනවා. එය දැනටමත් නව ප්‍රමිතීන්ට අනුව සකසා ඇති අතර ගෝලීය වෙළෙඳපොළ තුළ ශක්තිමත් පාරිභෝගික විශ්වාසයක් දිනා ගෙන තිබෙනවා. මෙම දියත් කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ අපගේ පාරිභෝගිකයන්ට සේවය කිරීම සඳහාත් අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා. නව මැග්නයිට් ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා විසින් ද හොඳින් පිළිගනු ඇතැයි අපට විශ්වාසයි.” යනුවෙන් පැවසීය.
Nissan මෝටර් කෝපරේෂන් හි දකුණු ආසියානු ව්‍යාපාර ඒකකයේ ප්‍රධානී රඝුනාත් නායර් මහතා, “මැග්නයිට් රථය රටවල් 65 කට අධික සංඛ්‍යාවක නව ප්‍රමිතීන් සකසා ඇති අතර විශාල පාරිභෝගික ආකර්ෂණයක් ද සතු කර ගෙන තිබෙනවා. ආරක්ෂාව සහ උසස් නව විශේෂාංග කෙරෙහි අවධානය යොමු කරමින්, නව මැග්නයිට් රථයට විශාල වටිනාකමක් ලබා දෙනවා. ලොව පුරා සිටින පාරිභෝගිකයන් මේ කෙරෙහි දැක් වූ ආදරයට හා විශ්වාසයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම සෑම රටකම මැග්නයිට් හි සාර්ථකත්වය වෙනුවෙන් අපි කටයුතු කරනවා. නව Nissan මැග්නයිට් මෝටර් රථය ශ්‍රී ලංකාවේ අපගේ වටිනා පාරිභෝගිකයන් විසින් ද පිළිගනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
උසස් ජපන් තාක්ෂණය කාර්යක්ෂම නිෂ්පාදනයක් සමඟ ඒකාබද්ධ කරමින්, . නව Nissan මැග්නයිට් රථය විශිෂ්ට විශේෂාංගයන් සහ ආකර්ෂණීය කාර්ය සාධනයක් ලබා දෙයි. මාර්ගවලට හොඳින් ගැලපෙන සේ නිර්මාණය කර ඇති මෙය ඇතුළතින් හා පිටතින් ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වේ. එහි lightsabre-style turn indicators, සහිත sleek LED හෙඩ් ලෑම්ප්ස්, honeycomb රටාවක් සහිත 3D LED ටේල් ලෑම්ප්ස්, L-හැඩැති DRL අන්තර්ගත වේ. අලුත් කරන ලද සැලසුමට උස් වූ floating skid තහඩුවක්, විශාල ග්‍රිල් එකක්, නව dual-tone16 ,diamond-cut alloy wheels, functional roof rails හා හොඳම ground clearance ඇතුළත් වේ. තනි වර්ණ 6කින් සහ ද්විත්ව විකල්ප වර්ණ 5කින් යුතු විචිත්‍රවත් වර්ණ 11කින් ලබා ගත හැකි නව Nissan Magnite පාරිභෝගිකයින්ට තම කැමැත්ත පරිදි ගැලපෙන සහ අද්විතීය රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.
නව Nissan මැග්නයිට් රථයේ ඇතුළත උසස් නිමාවකින් යුක්ත වේ. සම්පූර්ණයෙන්ම ලෙදර් මගින් හැඩ වූ එය තැඹිලි පැහැය මිශ්‍ර දුඹුරු පැහැයෙන් ආවරණය කළ ලෙදර් ඩෑෂ් බෝඩය,honeycomb හැඩැති ක්විල්ටඩ් ලෙදර් ආසන සහ දොරවල්වල ලෙදර් ට්‍රිම්, සුක්කානම්, අත් තිරිංග සහ ආම්ස්රෙස්ට් ඇතුළත් අද්විතීය නිමාවකින් යුක්ත වේ. ඉඩකඩ සහිත කැබින් එක, වැඩිදියුණු කළ ආසන සුවපහසුව සහ 60:40 බෙදුණු පසුපස ආසනයක් සහිත 336L සිට 540L දක්වා පුළුල් කළ හැකි ඇරඹුම් අවකාශයෙන් ද යුක්ත වේ. සුවපහසු රිය පැදවීමේ ස්ථානයක්, ඉදිරිපස ආම්ස්ට්‍රෙස්ට් ගබඩාවක් සහ සිසිල් කළ අත්වැසුම් පෙට්ටියක් (cooled glove box) සමඟින්, එය සුවපහසුව සහ විලාසිතාව පරිපූර්ණ ලෙස මුසු කරයි.
නව Nissan මැග්නයිට් රථය රිය පැදවීම වඩාත් සුවපහසු හා ආරක්ෂිත කරන ආකර්ෂණීය විශේෂාංග 20කට අධික සංඛ්‍යාවක් සමඟින් පැමිණෙයි. Heat Guard තාක්ෂණය සහිත ක්විල්ටඩ් ලෙදර් ආසන මෙහි ඇති අතර එය සිසිල්ව තබා ගනියි. විවිධ වර්ණයන්ගෙන් සමන්විත ආලෝකකරණ පහසුකම ද මෙහි වේ. Plasma Cluster air ionizer හේතුවෙන් ඇතුළත පිරිසිදු වාතය ඇත. මීටර් 60 දක්වා දුරක සිට වාහනයේ එන්ජිම පණ ගැන්විය හැකි අතර, ඉන් ඉවතට යන විට හෝ සමීප වන විට මෝටර් රථය අගුළු දැමීමට හෝ අගුළු හැරීමට හැකි ස්මාර්ට් යතුරක් මෙහි වේ. එහි සෑම තැනකම දීප්තිමත් LED ආලෝකකරණයෙන් යුක්තය. ස්වයංක්‍රීයව අඳුරු වන ස්මාර්ට් පසුපස දර්ශන දර්පණයක් සහ වාහනය නැවැත්වීමේ දී සම්පූර්ණ 360° දර්ශනයක් ලබා දෙන කැමරාවලින් ද යුක්තය. (Full LED exterior pack (Headlamp, taillamp, DRLs, Indicator, Front fog lamp), Around View Monitor) ඇතුළත, 17.78 cmක පැහැදිලි ඩිජිටල් තිරයක්, රැහැන් රහිතව Android හා Apple දුරකථන සමඟ ක්‍රියා කරන 20.32 cmක විශාල ස්පර්ශ සංදර්ශකයක් ( floating touchscreen) ARKAMYS 3D සවුන්ඩ් සහ පහසු දිගු ධාවන සඳහා කෲස් පාලනයක් (cruise control) ඇත. ඩෑෂ් කැමරාවක්, කේබල් නොමැති දුරකථන චාජරයක්, JBL සහ puddle lamp වැනි අමතර විශේෂාංග සහිත අමතර තාක්ෂණික පහසුම් ද ඇත. මෙම ආකර්ෂණීය විශේෂාංගයන් තුළින් නව Nissan මැග්නයිට් හොඳම සහ වඩාත්ම විශේෂාංග සහිත මෝටර් රථවලින් එකක් බවට පත් කරයි.
නව Nissan මැග්නයිට් රථය ආශ්වාදජනක සහ සුමට රිය පැදවීමක් සඳහා නිර්මාණය කර ඇත. එය ඉන්ධන කාර්යක්ෂමතාවය වඩාත් හොඳ HRA0 1.0 ටර්බෝ එන්ජිමක් සමඟ එන අතර එය ලීටරයකට කිලෝමීටර 20ක් දක්වා (B-SUV කාණ්ඩය) විශිෂ්ට ධාවනයක් ලබා දෙයි. මෙය අඩු වේගයකදී පවා ශක්තිමත් බලයක් ලබා දෙන අතර එමඟින් ධාවනය කිරීම ඉක්මන් හා සුමට වේ. මෙම එන්ජිම GT-R වැනි Nissan ස්පෝර්ට්ස් මෝටර් රථවල advanced Mirror Bore Coating Cylinder Block තාක්ෂණය භාවිතා කරමින්, ඉන්ධන ඉතිරි කර ශබ්ද දූෂණය අඩු කරමින් වඩා හොඳ කාර්ය සාධනයක් ලබා දෙයි. B4D 1.0-ලීටර් එන්ජිමක් සහිත Nissan මැග්නයිට් රථය, මැනුවල් සහ ඔටෝ මාදිලිවලින් (EZ-Shift) ලබා ගත හැකිය.
Nissan සමාගම නව මැග්නයිට් රථයේ ආරක්ෂක විශේෂාංග වෙනුවෙන් ද ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති අතර, මෝටර් රථයේ සිටින සියලු දෙනා ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක විශේෂාංග 55කට වඩා එකතු කර ඇත. මේවාට Air බෑග් 6ක්, කඳුකරයේ හෝ ලිස්සන සුළු මාර්ගවල රිය පැදවීමේදී වඩා හොඳ පාලනයක්, තිරිංග අගුළු දැමීම වැළැක්වීමේ පද්ධතියක් සහ ටයර් පීඩනය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ඇතුළත් වේ. මෙම සියලු විශේෂාංග පාරිභෝගකයා ඇතුළු පවුලේ සෑම දෙනා මාර්ගයේ ආරක්ෂිතව තබා ගැනීමට එකට ක්‍රියා කරයි.
නව Nissan මැග්නයිට් රථය සෑම මාදිලියක්ම වැදගත් ආරක්ෂක විශේෂාංග සමඟින් පැමිණේ, සියලුම මගීන් සඳහා ආසන පටි, ආසන පටි පැළඳීමට මතක් කිරීම්, ළමුන් සඳහා child locks, ළමා ආසන සඳහා විශේෂ ආසන ඇමුණුම් (ISOFIX) සහ ආපසු හැරවීමේ දී උපකාරී වන සංවේදක වැනි දේ මෙහි සමන්විතය. අනතුරක දී මගීන්ව වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ද්‍රව්‍ය භාවිතා කර මෝටර් රථය නිර්මාණය කර තිබේ. ඊට අමතරව, එයට වසර 3ක හෝ 100,000KMක වගකීමක් ඇතුළත් වේ.
සුවිශේෂී විශේෂාංගයන් සමගින් අලුත් කරන ලද Nissan මැග්නයිට් මඟින් පාරිභෝගිකයින් වැය කරන මුදලට වටිනාකමක් ලබා දීම සඳහා Nissan හි කැපවීම පෙන්නුම් කරයි. එය මනා විශේෂාංගවලින් පිරුණු වාහනයක් සොයන ඕනෑම කෙනෙකුට හොඳ තේරීමකි. නව මැග්නයිට් මෝටර් රථය පරීක්ෂා කර එහි ආකර්ෂණීය දීමනා අත්විඳීමට ළඟම ඇති Nissan ප්‍රදර්ශනාගාරයට පැමිණෙන ලෙස ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම සැමට ආරාධනා කරයි.
ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම පිළිබඳව
ශ්‍රී ලංකාවේ Nissan මෝටර් සමාගමේ බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම 1950 දී සිය මෙහෙයුම් ආරම්භ කරමින් Nissan සමඟ සහයෝගිතාව ඇති කරගත් අතර, 1957 දී ජපානය, තායිලන්තය සහ ඉන්දියාවේ Nissan කර්මාන්ත ශාලාවලින් වාහන ආනයනය කිරීම ආරම්භ කළේය.
වැඩි විස්තර සඳහා https://www.nissanlk.com/ වෙත පිවිසෙන්න.