
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයාවන නිව් ඇන්තනීස් සමූහය සිය නවතම Meatlery ශාඛාව පසුගියදා දෙල්කඳ නගරයේදී විවෘත කළේය. උසස් ප්‍රමිතියේ සහ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද මාංශ ආහාර පාරිභෝගිකයින් වෙත ගෙනයාමට නිව් ඇන්තනීස් සමූහය දරන ප්රයත්නයෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැක.
තම හරිතහරි කුකුළුමස් නිෂ්පාදන පෙළත් සමඟ ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළු මස් නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටින නිව් ඇන්තනීස් සමූහය, සියයට සියයක්ම ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් භාවිත කරන අතර සහ වෙනත් ගෝලීය ආහාර සුරක්ෂිතතා මෙන්ම හලාල් සහතික ද එම නිෂ්පාදන සතු ය.
උසස් තත්ත්වයේ, නැවුම් සහ පෙර සැකසූ මාංශ ආහාර පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ අදහසින් ආරම්භ වුණු Meatlery අලෙවිජාලයේ පළමු අලෙවි සැල බත්තරමුල්ල නගරයේ විවෘත කෙරුණි. දෙල්කඳ නගරයේ නව ශාඛාවත් සමඟ සිය ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්, බීෆ්, පෝක්, මට්න්, සොසේජස්, බිත්තර සහ පෙර සැකසූ මාංශ ආහාර ආදී නිෂ්පාදන රැසක් එකම ස්ථානයකින් ලබාගැනීමේ හැකියාව ලැබේ.
″දෙල්කඳ නගරයේ නවතම Meatlery ශාඛාව විවෘත කරමින් නව පාරිභෝගික සමූහයකට සේවා සැපයීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය හුදෙක් නිෂ්පාදන අලෙවිසැලක් පමණක් නොවේ. ඊට එහා ගොස්, නැවුම්, වගකීම් සහගත මාංශ ආහාර සැපයීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් අප ඉදිරිපත් කරන පොරොන්දුවේ තවත් දිගුවක් ලෙස මෙය සැළකිය හැකියි. තමන් පරිභෝජනය කරන නිෂ්පාදනවල ප්‍රමිතිය වගේම ඒවායේ පාරදෘශ්‍යභාවයත් අද දවසේ පාරිභෝගිකයින්ට වැදගත්කොට සලකනවා. නිව් ඇන්තනීස් Meatlery මෙම අවශ්‍යතා දෙකම සපුරාලීමට කටයුතු කරනවා″, යනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ අධ්යක්ෂ එරංග කුරුකුලආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මේ වසර මුලදී PickMe සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට සිය නිෂ්පාදන පෙළ පාරිභෝගිකයාගේ නිවසටම සැපයීමේ කාර්යයට මුලපිරූ නිව් ඇන්තනීස්, මෑතකදී MasterChef Sri Lanka තරගාවලියේ නිල මාංශ ආහාර නිෂ්පාදන අනුග්‍රාහකයා ද විය. ගෝලීය සූපවේදී විශිෂ්ටත්වය මෙන්ම සංචාරක සහ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ නිව් ඇන්තනීස් හිමිකරගෙන ඇති කීර්තිය ඉන් මනාව පිළිබිඹු වේ. මේ අතර 2025 BestWeb.LK සම්මාන උළෙලේදී හොඳම ඉ-වානිජ්‍ය වෙබ් අඩවිය සඳහා වූ රන් සම්මාන දිනාගැනීමට ද නිව් ඇන්තනීස්හි Dorakadapaliya.com ඉ-වානිජ්‍ය වෙබ් අඩවිය සමත්විය.


