NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී Ocean Lanka සමාගමට ක්‍ෂේත‍්‍රයේ ඉහළම සම්මාන 03 ක් හිමි වෙයි

Ocean Lanka Wins Big at the NCE Annual Exports Awards

NCE විසින් පසුගිය දා පවත්වන ලද 27 වන වාර්ෂික අපනයන සම්මාන 2019 හි දී මෙරට විශාලතම Weft-knitted නිෂ්පාදන සමාගමක් වන Ocean Lanka Pvt Ltd ඉහළම සම්මාන 03 ක් දිනා ගැනීමට සමත් විය. ඒ ‘අපනයන අංශය වෙත සැපයුම්කරුවන්’ සඳහා වූ ස්වර්ණ සම්මානයද, පර්යේෂණ හා සංවර්ධන අංශය යටතේ හොඳම කාර්යසාධනයට හිමි ස්වර්ණ සම්මානයද එම සමාගම වෙත පිරිනමන ලදි. එපමණක්ද නොව, අතිශය පිළිගැනීමක් ඇති ‘ඉහළම අපනයන පිරිවැටුම්’ විශේෂ සම්මානයද එම සමාගම වෙත හිමි වීම සුවිශේෂී කරුණකි. පසුගිය දා කොළඹ Shangril-La හෝටලයේදී පැවැති විශේෂ සම්මාන උළෙලකදී මෙම සියලූ සම්මාන ප‍්‍රදානය කිරීම සිදු කෙරිණ.

මෙම සම්මාන පිළිබඳව අදහස් පළ කරමින් Ocean Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි. ‘‘අතීතයේ පටන් අපගේ ව්‍යාපාරික ගමන් මග නිවැරදි පථයෙහි විහිදී තිබීම සතුටට කරුණක් වන අතරම ශ‍්‍රී ලාංකීය ආර්ථික වර්ධනය ආශ‍්‍රිත අඛණ්ඩ සංවර්ධනය විෂයෙහි ප‍්‍රමුඛ භූමිකාවක නිරත වීමටද Ocean Lanka සමාගමට හැකි වී තිබෙනවා. ආර්ථික, පාරිසරික හා සමාජ තිරසාරතාව වෙනුවෙන් දැඩි කැපකිරීමක් දැක්වීම තුළින් සමාගම ක‍්‍රියාත්මක වන ප‍්‍රජාවන් ආශ‍්‍රිත දැවැන්ත සංවර්ධනයක් උදා කිරීම වෙනුවෙන් අප නිරන්තරයෙන් කැප වී සිටිනවා. මේ නිසා, අපගේ ඉතාම ඉහළ සාර්ථකත්වය හා නවෝත්පාදනාත්මක ප‍්‍රගතිය වෙනුවෙන් ලැබුණු විශිෂ්ට ඇගයීමක් වශයෙන් මෙම සම්මාන සලකන්න පුළුවන්’’.

ආචාර ධාර්මික ව්‍යාපාරික පරිචයන්ට නිසි අනුකූලතාව දක්වමින් Ocean Lanka සමාගම ඉහළම වෘත්තීමයභාවයකින් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ‘‘අපගේ සියලූම නිෂ්පාදනයන් සිදු කරනු ලබන්නේ ඉහළම දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන් අනුගමනය කරමිනුයි. ඊට ඇති හො`දම උදාහරණය වශයෙන් GOTS (Global Organic Textile Standard) සහතිකකරණය සහ The Better Cotton Initiative (BCI) ක‍්‍රියාදාමය සමගින් අප සමාගම ඉතා සමීපව කටයුතු කිරීම සඳහන් කළ හැකියි. එසේම, ISO 50001 (Energy Management system) සහ ISO 14064-1 (Greenhouse gases) ජාත්‍යන්තර තත්ත්ව සහතිකකරණයන්ද ලබා ගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සැකසෙමින් පවතින අතර අප නිෂ්පාදනය කරනු ලබන සෑම ඇඟළුම් කිලෝවක් ආශ‍්‍රිතවම ජනනය වන ඣ2 ප‍්‍රමාණය අවම කිරීම එහි අරමුණයි’’.

මෙම වාර්ෂික අපනයන සම්මාන උළෙල NCE හි ඉහළම පිළිගැනීමක් ඇති සාක්‍ෂාත්කරණය වන අතර ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික පසුතලයේ වැඩිම ඉල්ලූමක් ඇති වැඩසටහනද එය වීම විශේෂයකි. නිර්ණායක කිහිපයක්ම පදනම් කරගෙන මෙම සම්මානලාභීන් තෝරාගනු ලබන අතර මූල්‍ය කාර්සාධනය, අපනයන කාර්යසාධනය, ශුද්ධ විදේශ විනිමය ඉපැයීම්, රැුකියා අවස්ථා සහ ආයතන තුළ රඳවාගත් සේවක සංඛ්‍යාවන්, පර්යේෂණ හා සංවර්ධනය ආශ‍්‍රිත කාරණා මෙන්ම පෙරටුගාමී ව්‍යාපාරික පරිචයන් හා තිරසාරතාව අරමුණු කරගත් ආයතනික පරිචයන් ආදිය ඒ අතර වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව