
මැක්ලරන්ස් සමූහයේ (McLarens Group) අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil ලිහිසි තෙල් බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත සමාගම ද වන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම Mobil Delvac වෙළෙඳපොළට හඳුන්වාදීමේ ශතවර්ෂ පූර්ණය පසුගියදා මහත් අභිමානයෙන් සමරනු ලැබීය. Mobil Delvac යනු ලොව වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනාගත් අධි බලැති ඩීසල් එන්ජින් ලිහිසිතෙල් සන්නාමය වේ.
වර්ෂ 1897දී රුඩොල්ෆ් ඩීසල් ලොව පළමුවරට ඩීසල් එන්ජිමක් හඳුන්වාදුන් අවස්ථාවේදී එය කොතරම් විප්ලවකාරී නිමැවුමක්දැයි බොහෝදෙනෙකුට වැටහීමක් තිබුණේ නැත. වර්ෂ 1925දී “Diesel Engine Lubricant by Vacuum Oil හෙවත් DELVAC නිෂ්පාදනය ලොවට හඳුන්වාදෙන මොහොත වනවිට ඩීසල් එන්ජිම ගෝලීය වාණිජ කටයුතුවල එන්ජිම බවට පත්ව තිබුණි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද සමස්ත ලිහිසි තෙල් වෙළෙඳපොළෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන්නේ ඩීසල් එන්ජින් ලිහිසි තෙල් ය. එනම්, බස්, ලොරි, කන්ටේනර්, ඉදිකිරීම් යන්ත්‍රසූත්‍ර, කෘෂිකාර්මික උපකරණ ආදී රටේ ආර්ථිකයට උරදෙන ක්ෂේත්‍ර ගණනාවකට ඩීසල් එන්ජින් ලිහිසි තෙල් වැදගත් වේ.
Mobil Delvac මේ වන විට ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් වෙළෙඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකළ සන්නාමය බවට පත් වී හමාරය. වර්තමානයේ Delvac Modern සහ Delvac Legend යනුවෙන් නිෂ්පාදන දෙකක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ. ඒ දශක ගණනාවක ඉංජිනේරු සහ ක්ෂේත්‍ර කාර්යසාධන දැනුම මෙන්ම පාරිභෝගික සබඳතා ශක්තිය ද කැටිකරගනිමිනි.
″Mobil Delvac නිෂ්පාදනය ලොවට හඳුන්වාදීමේ සියවස් පූර්ණ සැමරුම, මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ සියලුදෙනාට විශාල අභිමානයක්. මෙය හුදෙක් සන්නාමයක් සැමරීමක් පමණක් නොවෙයි. එය විවිධ අභියෝග මධ්‍යයේ Mobil Delvac වෙත විශ්වාසය තැබූ සෑම ශ්‍රී ලාංකික යන්ත්‍රසූත්‍ර හසුරුවන්නෙකුම, සෑම ට්‍රක්රථ රියැදුරෙකුම, සෑම ඉංජිනේරුවෙකුම සැමරීමක්″, යනුවෙන් මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඩීසල් එන්ජින් ක්ෂේත්‍රය සුවිශේෂී හැරවුම් ලක්ෂයකට අවතීර්ණවන මොහොතක Mobil Delvac සියවසක් සම්පූර්ණ කිරීම ද විශේෂත්වයකි. එනම්, වායු විමෝචන රෙගුලාසි සහ ප්‍රමිතීන් දැඩිවෙමින් පවතින අතර, ඉන්ධන කාර්යක්ෂමතාව සහ නඩත්තු වියදම් කෙරෙහිද ඉහළ අවධානයක් යොමුවී තිබේ. එවැනි නව ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන ලද නව ඩීසල් එන්ජින් සඳහා ඊට සුදුසු ලිහිසි තෙල් වර්ග භාවිත කිරීම වර්තමානයේ අත්‍යවශ්‍යතාවක් වී තිබේ. මෙම නව වෙළෙඳපොළ අවශ්‍යතාව නිවැරදිව වටහාගනිමින් නවෝත්පාදනය සහ තිරසරභාවයට මූලිකත්වය දෙමින් සිය නිෂ්පාදන නවීකරණය කරතිබේ. ඒ අනුව ලිහිසි තෙල් මාරුකිරීමේ කාලසීමා දිගුකිරීම, විමෝචනයෙන් පසු පිරිපහදුකිරීමේ පද්ධතිවලට උචිත වීම, අධික උෂ්ණත්වය සහ අධික සීතල යන තත්ත්ව දෙකටම සරිලන කාර්යසාධනයක් පවත්වාගැනීම ආදී නව ප්‍රමිතීන් රැසක් හඳුන්වාදීමට Mobil Delvac සමත්ව තිබේ.
එහිදී අඩු විමෝචන එන්ජින් තාක්ෂණයෙන් එන Mobil Delvac Modern Full Protection API CK-4 තාක්ෂණය ප්‍රමුඛ වේ. එක තෙල් මාරුවක් තුළින් වැඩි දුරක් පැදවීමට හැකි නිසා තෙල් නාස්තිය අවමවන අතර, ලිහිසි තෙල් පරිභෝජනය ද අවම වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පරිසරයට සිදුවන බලපෑම ද අවම වේ. වසර සියයක් පුරා පැවතුණු සන්නාමයක් ලෙස ඉහළ කාර්යසාධනයක් සහිත මෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වාදීම තම වගකීමක් ලෙස Mobil Delvac සළකයි.
මෙම සියවස් පූර්ණය වෙනුවෙන් වසර පුරා අඛණ්ඩ පාරිභෝගික සහභාගීත්ව වැඩසටහන්, තාක්ෂණික වැඩසටහන් සහ වාණිජ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා දියත් පුරා ක්‍රියාත්මක කිරීමට මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම සැලසුම්කර තිබේ.


