Microsoft Imagine Cup 2023 තරගාවලියේ ආසියානු අවසන් වටය නියෝජනය කළ ශ්‍රී ලාංකික කණ්ඩායම් මෙරට ඇමරිකානු තානාපතිනිය හමුවෙයි

Microsoft SL - Image Two (LBN)

 



 

 

2023 ජූනි 26, කොළඹ: ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි ජේ. චන්ග් මහත්මිය පසුගියදා Microsoft කාර්යාලයේදී Microsoft Imagine Cup 2023  තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වූවා ය.

‘Microsoft Imagine Cup යනු Earth, Education, Health සහ Lifestyle යන කාණ්ඩ යටතේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින කාලීන ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලබාදෙන සුවිශේෂී තරගාවලියකි. මෙවර එම තරගාවලියේ කලාපීය අවසන් වටයට ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන කණ්ඩායම් ඇතුළුව ලොව විවිධ රටවල් නියෝජනය කළ කණ්ඩායම් 48 ක් සුදුසුකම් ලබා තිබිණි. මෙම කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් හමුවීමට තමන් ඉතාමත් උනන්දුවෙන් පසු වූ බව පැවසූ ඇමරිකානු තානාපතිනිය, සමාජය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම සඳහා මෙම කණ්ඩායම්වල අදහස් මගින් ලැබෙන දායකත්වය අගය කළා ය.

Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව – නව වෙළඳපොළවල්) Sook Hoon Cheah මහත්මිය සහ Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා විසින් ඇමරිකානු තානාපතිනිය පිළිගන්නා ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව