Meta ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් සහ ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

facebook

 



 

 

 

පෙර Facebook සමාගම ලෙසින් පැවති Meta, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, #BreakTheBias යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ ප්‍ර‍ජා නායිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය සමරනු ලබයි.

කොවිඩ් 19 වසංගතය කාන්තාවන්ගේ සාමාජීය සහ ආර්ථිකමය ජීවන රටාවන්ට අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කර තිබේ. ගෝලීය කුඩා පරිමාණ ව්‍යාපාර තත්ත්ව වාර්තාවට අනුව කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන කුඩා ව්‍යපාර, පිරිමි පාර්ශවය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරවලට වඩා වැඩි වශයෙන් වසා දැමීමට සහ අළෙවි ප්‍ර‍තිශතයේ සැලකිය යුතු අඩුවීම්වලට මුහුණ පා ඇති අතර කාන්තාවන් විසින් මෙහෙයවන ලද ව්‍යාපාර 20%ක් සහ පිරිමි පාර්ශවය විසින් පවත්වාගෙන යන ලද ව්‍යාපාර 16%ක් ඒ අනුව වසා දමා ඇති බව වාර්තා වේ.

එකිනෙකට වෙනස් වූ විවිධාකාර අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලාංකික කාන්තාවෝ අන්‍යයන් සවිබල ගැන්වීමටත් ඔවුන්ගේ ප්‍ර‍ජාව තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමටත් අන්තර්ජාලය ඔස්සේ පෙළ ගැසෙමින් සිටිති. Meta විශ්ලේෂණයට අනුව, වසංගත තත්ත්වය ආරම්භයේ පටන් කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරවලින් 60%කට වැඩි ප්‍ර‍මාණයක ව්‍යාපාර අඩවි/ පිටු  Facebookහි නිර්මාණය කර ඇති අතර කාන්තාවන්ගේ හිමිකාරිත්වය ඇති Instagram ව්‍යාපාර 75%කට වැඩි ප්‍ර‍මාණයකින් ඉහළ ගොස් තිබේ. 2021 වසරේ පටන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය පිළිබද Facebook සමූහවලින් 50%ක් නිර්මාණය කර ඇත්තේ කාන්තාවන් විසිනි.

“කාන්තාව සතු පුදුමාකාර වූ දරා ගැනීමේ හැකියාව ඉතිහාසය පුරාවට අපි දැකලා තිබෙනවා. ඒ වගේම පසුගිය වසර 2 පුරාවට කොවිඩ් 19 ලෝක අරගලය හමුවේත් ඒ බව අපි යළිත් දුටුවා. ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යාපාරවලින් අඩක පමණ හිමිකාරිත්වය කාන්තාවන් විසින් දරනු ලැබීමත් සමගින්, වැඩි ශක්තියක් ඔවුන්ට ලබාදෙමින්, සමානාත්මතාවයෙන් යුත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන්ගේ ව්‍යාපාරික ශක්‍යතාවයන්ගේ අගුළු බිඳ දැමීමට අපගේ සහාය ලබාදීම තවත් වැදගත් වෙනවා. ” යනුවෙන් Metaහි ආසියා ශාන්තිකර කලාපීය ප්‍ර‍ජා සහයෝගිතා අධ්‍යක්ෂ ග්‍රේස් ක්ලැෆම් මහත්මිය ප්‍ර‍කාශ කළාය.

පසුගිය වසර පුරා Meta ආයතනය ආසියා ශාන්තිකර කලාපයේ ව්‍යවසායිකාවන් 20,000කට වැඩි පිරිසකට පුහුණු සැසි වාර 275කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා ප්‍ර‍ජා සංවිධාන සහ රාජ්‍ය නියෝජිත ආයතන 18ක් සමග සහයෝගිතාවලට එළැඹ තිබේ. කාන්තා හිමිකාරිත්වය ඇති දේශීය ව්‍යාපාරවලින් මිලදී ගැනීම් සඳහා ජනතාව පෙළඹවීමට මෙම සමාජ මාධ්‍ය සමාගම  Facebook සහ Instagram ඔස්සේ පැවැත්වෙන #BuyFromHer (ඇයගෙන් මිලදී ගනිමු) වැඩසටහනට සහභාගි වන ලෙස ශ්‍රී ලාංකික ජනතාව දිරිමත් කර සිටියි.

කාන්තාවන් සතු ව්‍යාපාරවලට සම්පත් මූලාශ්‍ර‍ සහ පුහුණුව සඳහා Meta ප්‍ර‍වේශය ලබාදෙන ආකාරය පිළිබඳ වැඩි විස්තර සදහා බලන්න. https://www.facebook.com/business/shemeansbusiness

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව