Mediclinic ආයතනය MyClinic by Hemas Hospitals ලෙස නම්කෙරේ

Hemas Hospitals

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන Mediclinic ආයතනය දැන් MyClinic by Hemas Hospitals ලෙස නම් කර තිබේ. මෙය කලක පටන් හේමාස් රෝහල් ජාලය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මක විය. රෝගීන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා හේමාස් රෝහල් ජාලය දරන උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් මෙම නම් වෙනස් කිරීම සිදුකරන ලදි.
 



 
නව නාමය යටතේ රෝගීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සුපුරුදු විශිෂ්ට සේවාව හා සත්කාරය නො-අඩුව හිමි වනු ඇත. මීට අමතරව ඔවුන්ට මෙරට වැඩිම සම්මානලාභී රෝහල් අතරින් එකක් වන හේමාස් රෝහල් ජාලය පිරිනමන ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාව අත්විඳීමටද හැකියාව ලැබේ. තමන් විශ්වාසයෙන් යුතුව සෞඛ්‍ය සේවාවන් ලබාගත ආයතනයට එවැනි ප්‍රධාන පෙළේ රෝහල් ජාලයක පිටුබලය හිමි වී තිබීම ඔවුන්ට බෙහෙවින් සතුට ගෙන දෙන කරුණක් වනු නිසැක ය.

පෙරවරු 7 සිට රාත්‍රී 7 වන තෙක් ක්‍රියාත්මක වන බාහිර රෝගී සේවාව, පූර්ණ පහසුකම් සහිත ඖෂධ අලෙවිසැලක්, චැනල් සේවා, විශේෂ තුවාල සායන, පරිපූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවන්, උසස් රසායනාගාර සේවා, ECG පහසුකම් සහ විශේෂඥ අක්ෂි සහ දන්ත ප්‍රතිකර්ම සේවා ඇතුළු තවත් සේවාවන් රාශියක් MyClinic by Hemas Hospitals වෙතින් ලබාගත හැකි වේ. එමෙන්ම සාමාන්‍යයෙන් අනෙකුත් රසායනාගාරවලට වඩා ඉක්මනින්, එනම් පැය 2 ක් වැනි කෙටි කාලයක් තුළ MyClinic by Hemas Hospitals හි රසායනාගාර පරීක්ෂණ වාර්තාවන් ලබාගත හැක. මීට අමතරව රෝගීන් වෙතටම පැමිණ සාම්පල ලබාගැනීමේ සේවාවක්ද ක්‍රියාත්මක වේ.

ඔබට අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් සුහදශීලී පාරිභෝගික සේවාවක්ද සමගින් එකම වහළක් යටින් ලබාගැනීමට ඔබත් අංක 36A, ගාලු පාර, කොළඹ 06 යන ස්ථානයෙහි පිහිටි MyClinic by Hemas Hospitals වෙත පැමිණෙන්න. වැඩිදුර තොරතුරු සහ රෝගීන් වෙතටම පැමිණ ලබාදෙන සේවාවන් සඳහා 011 2 593959 දුරකථන අංකය අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව