Medicare 2023 ප්‍රදර්ශනයට SLT-MOBITEL eChanelling සවිබලය

Image 01 (LBN)

 



 

 

නවීන ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් පිරිනැමීම තවදුරටත් පිළිබිඹු කරමින්, මෙරට විශාලතම චැනලින් ජාලයවන eChanelling සේවාව මෙරට ප්‍රමුඛතම සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2023 සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. eChanelling සේවාව සතු ව්‍යාපාරික සහ ඩිජිටල් ජීවන ශෛලීය සේවා ධාරිතාව මනාව පෙන්නුම් කරමින්, පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති මෙම ප්‍රදර්ශනය සඳහා පාරිභෝගික ජනතාව මෙන්ම ව්‍යාපාරික ආයතනද, ඇතුළුව විශාල පිරිසක් සහභාගී වූහ.

ඩිජිටල් සුවසේවා කර්මාන්තයට ප්‍රවේශ වූ මෙරට ප්‍රථම මෘදුකාංග සංවර්ධන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදකයා ලෙස eChanelling සේවාව වසර ගණනක පටන් පුරෝගාමී විසඳුම් හරහා සුවසේවා ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කර ඇත. තවද, ඩ්‍රෝන පද්ධතියකට සම්බන්ධකර ඇති සිරස්පටයක් (Headband) මගින් පුද්ගලයෙකුගේ ආතතිය කළමනාකරණය සහ ස්ථාවරත්ව විශ්ලේෂණයක් සිදු කළ හැකි Mindrone තාක්ෂණය ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ සඳහා රැස්ව සිටි පිරිසගේ විශේෂ අවධානයක් හිමි විය.

මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද, ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. දේශීය සහ ජාත්‍යන්තර රෝහල් හා වෛද්‍ය ආයතන සමග පවතින සබඳතා තවදුරටත් පුළුල්කර ගැනීමටත්, ඩිජිටල් සුවසේවා ක්ෂේත්‍රය තුළ තමන් සතු පුළුල් විශේෂඥ දැනුම විදහා පෑමටත් eChanelling සේවාවට මෙම ප්‍රදර්ශනය මනා අවස්ථාවක් විය.

නිවැරදි මොහොතේ නිවැරදි සුවසේවා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා කැපවන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් සමග අත්වැල් බැඳගනිමින් Medicare සංවිධායක කමිටුව විසින් Medicare 2023 ප්‍රදර්ශනය සංවිධාන කරන ලදි. නූතන සුවසේවා, රෝග නිවාරණය, ඵලදායී ප්‍රතිකාර ක්‍රමවේද, නවීන තාක්ෂණය සහ මෙරට රෝහල් සහ රසායනාගාර සතු නවීන සේවා මෙන්ම ගෝලීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇති නවීන තාක්ෂණික ක්‍රමවේද ද ඇතුළු පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍ර රැසක් මෙම ප්‍රදර්ශනයේදී ආවරණය කෙරිණි.

ඩිජිටල් සුවසේවා විසඳුම් වැඩිදියුණු කිරීම හරහා පාරිභෝගික ජනතාවට භාවිතය පහසුවන ලෙස ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මෙන්ම සුවසේවා සම්පාදකයින් සහ මහජනතාව අතර ඇති පරතරය අවම කිරීම මගින් මෙරට සුවසේවා ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීමට eChanelling සේවාව ආරම්භයේ පටන් කටයුතුකර ඇත. පසුගිය දශක දෙකකට අධික කාලයක පටන් ඩිජිටල් සුවසේවා ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් සිදුකරමින් පුළුල් වෙළෙඳපොළ හිමිකාරිත්වයකට හිමිකම් කියන eChanelling සේවාව, මෙරට සුවසේවා සහ ඩිජිටල් ජීවන ශෛලීය ක්ෂේත්‍රය තවදුරටත් නගාසිටුවීමට කැප වී සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව