McLarens Lubricants විසින් ExxonMobil Distributor Excellence Awards හි දී රිදී සම්මානය දිනා ගනී

Image (LBN)

ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ ඕෂනියා කලාපීය බෙදාහරින්නන්ගේ සමුළුවේදී (SAO) සිදුකෙරිණි .

 



 

ව්‍යාපාර සැලසුම් ,නිෂ්පාදන විකුණුම් හා ඒ සඳහා ආයෝජනය සහ ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය මෙන්ම සන්නාම ප්‍රවර්ධනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකදී McLarens Lubricants සමාගම විසින් දක්වන ලද සුවිශේෂී කාර්යසාධනය මෙහිදී ඇගයීමට ලක්විය.අග්නිදිග ආසියා සහ ඕෂනියා කලාපීය වෙළෙඳපලේ සිටින සියලුම ExxonMobil බෙදාහරින්නන් පදනම් කරගනිමින් සිදුකරන ලද මෙම ඇගයීම් ක්‍රියාවලිය මගින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය දක්වන කලාපීය ව්‍යාපාරිකයන්  ඇගයීමට ලක්කරන ලදී.

ලොව ප්‍රමුඛතම  තෙල් හා ගෑස්  අලෙවි සමාගම වන  ExxonMobil සතුව  ලොව පුරා විහිදුණු  සවිමත්  බෙදාහැරීම් ජාලයක් තිබෙන අතර එය Fortune 500 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළම 10 දෙනා අතර නිරන්තරයෙන්ම රැදී සිටින ගෝලීය සමාගමකි. වසර 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමියන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ  විශ්වාසය  දිනාගනිමින් Mobil Lubricants  මෙරට ලිහිසි තෙල් වෙළෙඳපල තුළ ඉහළින්ම රැඳී සිටින අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil Lubricants නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ දිගුකාලීන බලයලත් නියෝජිතයා වන McLarens Lubricants සමාගම   ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපලේ  ප්‍රමුඛතම නිමි ලිහිසි තෙල් ආනයනකරුවා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව