MasterChef Sri Lanka පළමු අදියරෙහි නිල ගෙවීම් සහකරු ලෙස එක්වෙමින් ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට Visa කටයුතු කරයි

Capture

ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමාගම, මෙරට ප්‍රථම වරට පැවැත්වෙන MasterChef Sri Lanka තරගාවලියේ නිල ගෙවීම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. ලොව අතිශය ජනප්‍රිය සූපශාස්ත්‍ර රූපවාහිනී වැඩසටහන් ආකෘතියක් වන MasterChef ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත සමීප කරවීමට මෙලෙස වීසා සමාගම අත්වැල් බැඳගෙන සිටී.



ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව සාර්ථකම සූපශාස්ත්‍ර රූපවාහිනී වැඩසටහන ලෙස පිළිගැනෙන MasterChef, මේ වන විට ජාත්‍යන්තර අනුවර්තන 70කට අධික සංඛ්‍යාවක් හරහා රටවල් 200කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති අතර, ගෝලීය වශයෙන් එහි කථාංග 10,000කට වඩා විකාශය වී ඇත. මෙම වැඩසටහන මෙරටට පැමිණීම, මෙරට සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා. එමඟින් ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර උරුමය සහ නැගී එන දේශීය දක්ෂතාවලට ජාත්‍යන්තර වේදිකාවක කටයුතු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

ආහාර සහ භෝජන අත්දැකීම් යනු වීසා සමාගම ශ්‍රී ලංකාව තුළ විශේෂ අවධානයක් යොමු කරන ක්ෂේත්‍රයකි. පාරිභෝගිකයින් ආහාරපාන තෝරාගැනීමේදී, පරිභෝජනය කිරීමේදී සහ ගෙවීම් සිදුකිරීමේදී ලබන අත්දැකීම් වඩාත් පහසු සහ සුවිශේෂී කිරීම සඳහා වීසා සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. MasterChef Sri Lanka සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ගෝලීය විනෝදාස්වාදය සහ දේශීය සූපශාස්ත්‍ර දක්ෂතා මුසු කරමින්, ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ඩිජිටල් නවෝත්පාදන හරහා අවස්ථා පුළුල් කිරීම අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් වීසාහී ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය කියා සිටියේ, “MasterChef ශ්‍රී ලංකාවට පැමිණීම අපේ රටේ සූපශාස්ත්‍ර උරුමය සහ ජාත්‍යන්තර තලයේ අප අත්පත් කරගනිමින් සිටින බලපෑම ඇගයීමට ලක් කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි. එමෙන්ම අපේ දේශීය ආහාර සංස්කෘතිය තුළ නව්‍ය අත්හදා බැලීම් කිරීමට මීළඟ පරම්පරාව දිරිමත් කරන වේදිකාවක් ලෙස ද මෙය වැදගත් වෙනවා. වීසා සහ MasterChef යන සන්නාම දෙකෙහිම මූලික අගයන් වන නවෝත්පාදනය සහ ඇතුළත් කරගැනීමේ (Inclusivity) සංකල්පය මෙම හවුල්කාරිත්වය තුළින් මැනවින් පිළිබිඹු වෙනවා. අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර දක්ෂතා ලොවට විදහා දැක්වීම සහ ආහාර හා සංචාරක ක්ෂේත්‍රවල නියැලෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට හා ව්‍යවසායකයින්ට නව අවස්ථා උදා කර දීමයි. ශ්‍රී ලංකාවේ සුවිශේෂී සූපශාස්ත්‍ර අනන්‍යතාවය සමරන මෙම ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම සහ අපගේ දීර්ඝකාලීන කැපවීම යළිත් තහවුරු කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා.”

Reality TV Productions පුද්ගලික සමාගමේ සභාපති අජිත් ගම්ලත් මහතා සඳහන් කළේ  “MasterChef Sri Lanka පළමු අදියර සඳහා වීසා වැනි ගෝලීය සන්නාමයක් නිල ගෙවීම් සහකරු ලෙස සම්බන්ධ කර ගැනීමට ලැබීම අපට මහත් ශක්තියක් බවයි. MasterChef වැඩසටහන දැනට රටවල් 200කට අධික සංඛ්‍යාවක විකාශය වන අතර, එම බලපත්‍රය ලබාගත් 72 වැනි රට බවට ශ්‍රී ලංකාව පත් වන අතර ඒ හේතුවෙන් අප ජාත්‍යන්තර සූපශාස්ත්‍ර විශිෂ්ටත්වයේ කොටස්කරුවන් වනවා. ශ්‍රී ලංකාවේ MasterChef වැඩසටහනේ එකම බලපත්‍රලාභියා සහ නිෂ්පාදකයා ලෙස, අපගේ අරමුණ වන්නේ මෙරටට ආවේණික වූ සූපශාස්ත්‍ර විශිෂ්ටත්වය, උරුමය සහ විවිධත්වය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. මේ සඳහා වීසා සමාගම ලබා දෙන සහයෝගය අපි ඉහළින්ම අගය කරනවා.”

MasterChef වැඩසටහන ගෝලීය වශයෙන් මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගන්නා අතරම, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ලොව ජනප්‍රියම සූපශාස්ත්‍ර වැඩසටහනක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. මෙහි දේශීය සම්ප්‍රාප්තිය ස්වාධීන රූපවාහිනී සේවය (ITN) හරහා සිදුවීම මඟින්, ආහාර නැමැති විශ්වීය භාෂාව හරහා ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව සතු සූදානම මනාව පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව තුළ දශක හතරකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී ඇති වීසා සමාගම, මෙම නවතම සහයෝගීතාවය හරහා ආහාර පාන, භෝජන අත්දැකීම් සහ පොදු ජනතාව බෙදාහදා ගන්නා සුවිශේෂී අවස්ථා තවදුරටත් අර්ථවත් කිරීමට සිය කැපවීම නැවතත් තහවුරු කර සිටී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව