
කොළඹ, ශ්‍රී ලංකාව, 2025 මාර්තු xx: Mastercard වෙතින් එළඹෙන අලුත් අවුරුදු සමය වඩාත් උද්යෝගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑගි දිනා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන ‘Spend and Win’ නමින් අලුත්ම තරගයක් හඳුන්වා දී ඇත.
සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, දුරකථන හා සන්නිවේදන, e-commerce, කුලී වාහන සහ ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන වෙළඳ ආයතන රැසක් ඇතුළත් මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින් අලුත් අවුරුදු සමයේ ඩිජිටල් ගනුදෙනු වඩාත් ඵලදායී කිරීමට අපේක්ෂා කෙරේ. තවද, ලංකාවේ ප්‍රධානතම ජාතික උත්සව සමයකදී, සුරක්ෂිතව මුදල් රහිත ගනුදෙනු සිදු කිරීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කිරීමටත්, කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක් සහ වටිනාකමක් ලබා දෙන්නටත් මෙමඟින් අවස්ථාව උදා වනු ඇත.
මෙම ප්‍රවර්ධන කටයුත්ත සඳහා සම්බන්ධ වන ප්රමුඛ පෙළේ වෙළඳ සමාගම් අතරට Cargills, Cool Planet, Dialog, KOKO, Daraz, PickMe සහ Cinnamon Grand ඇතුළත් වන අතර, ඔවුන් වෙතින් පහත සඳහන් වියදම් පරාසයන් සඳහා සුවිශේෂී ත්‍යාග පිරිනැමෙනු ඇත:
- Cargills – ඕනෑම කාගිල්ස් අලෙවිසැලකින් රු. 5,000කට වඩා භාණ්ඩ මිලදී ගැනීමෙන් රු. 100,000ක් වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව. මෙය ජයග්‍රාහකයන් 5 දෙනෙකු සඳහා අදාළ වේ
- Cool Planet— රු. 5,000ක මිලදී ගැනීම් සඳහා රු. 25,000ක් වටිනා තෑගි වවුචර් දිනා ගැනීමේ අවස්ථාව. මෙය 20 දෙනෙකු සඳහා අදාළ වේ
- Dialog— Mastercard මඟින් Prepaid අංක සඳහා Top up කිරීම හෝ Postpaid සබඳතා බිල්පත් ගෙවීම මඟින් රු. 2,500ක් දක්වා දිනාගැනීමේ අවස්ථාව. මෙය ජයග්‍රාහකයන් 350 දෙනෙකු සඳහා අදාළ වේ
- KOKO— තරගයට අදාළ කාලසීමාව තුළ රු. 10,000ක සමස්ත ගෙවීම් අගයක් සම්පූර්ණ කිරීමෙන් රු. 100,000 ජයග්‍රහණ 5ක් දිනාගැනීමේ දිනුම් ඇදීමට ඇතුළු වීමේ අවස්ථාව හිමි වේ
- Daraz— Mastercard සමඟ අවමය රු. 2,500ක් වැය කිරීමෙන් රු. 100,000 තෑගි 5ක් දිනාගැනීමේ අවස්ථාව
- PickMe— PickMe ගමන් සඳහා පළමු මාසයේ 100%ක cashback දීමනාවක් සහ පළමු PickMe Food orders තුන සඳහා 50%ක වට්ටමක්
- Cinnamon Grand— Mastercard හරහා London Grill, Nuga Gama, හෝ Tea Lounge සඳහා කරන ගෙවීම්වලදී සමස්ත බිල්පතෙන් 20%ක වට්ටමක්
“ව්‍යාපාර සහ ජනතාව අතර ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා Mastercard හැම විටම කැපවී සිටිනවා. Spend and Win වැඩසටහන මඟින් අපගේ මෙම කැපවීම වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙනවා. විවිධ කාණ්ඩවල වෙළඳ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, උත්සව සමයේ සාප්පු සවාරි අත්දැකීම් අතරතුර අපගේ කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක්, ආරක්ෂාවක් මෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම Mastercard අපේ අරමුණයි,” Mastercard ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සඳුන් හපුගොඩ මහතා අදහස් දක්වමින් පැවසීය.
තරගය පැවැත්වෙන කාල සීමාව තුළ අදාළ වෙළඳ සමාගම් සඳහා Mastercard ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සිදු කරන ලද සියලුම වලංගු ගනුදෙනු ස්වයංක්‍රීයව අදාළ දිනුම් ඇදීම්වලට ඇතුළත් වේ. මෙම වැඩසටහන තුළින් සිංහල හා දමිල අලුත් අවුරුදු සමයේ දේශීය ව්‍යාපාරවලට සහයක් වීම මෙන්ම ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා Mastercard මෙහෙවරෙහි අංගයක් ද නියෝජනය කෙරේ.
Mastercard අවුරුදු Spend and Win තරගය පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න : 0771718998.