MAS KREEDA, සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් RoSPA රන් සම්මාන 10කින් පිදුම් ලබයි

01 (LBN)

ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර ගනිමිනි.

 


 

ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලේදී  MAS KREEDA උපාය මාර්ගික ව්‍යාපාර ඒකකයට ^SBUs& අයත් MAS KREEDA Balangoda, MAS KREEDA Methliya, MAS KREEDA Shadeline, MAS KREEDA Synergy, MAS KREEDA Vaanavil, MAS KREEDA Campus, MAS KREEDA Al Safi Sahab, MAS KREEDA Al Safi Dulayl, MAS KREEDA Al Safi Madaba සහ MAS KREEDA Arya රන් සම්මාන දිනා ගැනීම සමත් විය.

එම රන් සම්මානයන්ට අමතරව MAS හි තවත් අනුබද්ධ ආයතනයක් වන Bodyline පුද්ගලික සමාගම ද RoSPA සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනා ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS KREEDA හි තිරසාර ව්‍යාපාර සාමාන්‍යාධිකාරී එරංග දිල්හාන් මහතා “‘මිනිසුන්ට මුල් තැන’ ලබා දීම වෙනුවෙන් ප්‍රායෝගිකව ඇප කැප MAS රැකියා ස්ථානය තුළ සෑම තරාතිරමකම සාමාජිකයින්ගේ ආරක්ෂාව උදෙසා සිදු කරන කැපවීම මෙම සම්මානයන් තුළින් මනාව ප්‍රදර්ශනය වනවා. ඇඟලුම් නිෂ්පාදනයේදී බොහෝ යන්ත්‍ර සූත්‍ර භාවිත කරන බැවින් ඒවා සමඟ කටයුතු කරන සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම අපගේ වගකීමක් වනවා.” යනුවෙන් පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ එරංග මහතා පැවසූයේ “MAS හා අනුබද්ධ එක් එක් අංශයන් RoSPA හි රන් සම්මානයන් දිනා ගැනීම තුලින් පිළිබිඹු වන්නේ කණ්ඩායම් වෙනුවෙන් සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ සේවා ස්ථානයක් හිමි කර දීම සඳහා අප සිදු කරන කැපවීමයි. එවන් විශිෂ්ටත්වයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සම්මාන ලාභී අංශයන් පිළිබඳව අපි ඉතා සතුටට පත් වන අතර ඉදිරියේදීද අසමසම ආරක්ෂණ සංස්කෘතියක් තුළින් කර්මාන්තයේ ඉහළ මිනුම් සලකුණු සනිටුහන් කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

එක්සත් රාජධානීයේ විශාලතම හා වඩාත් බලපෑම් සහගත සෞඛ්‍ය හා ආරක්ෂණ සම්මාන වැඩසටහන වන RoSPA සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 68 වැනි වරටය. රටවල් 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ආයතන 2000කට අධික සංඛ්‍යාවක් පමණ එක්වන මෙම සම්මාන උළෙල තුළින් මිලියන 7කට අධික සේවක සේවිකාවන් වෙත ඍජු බලපෑමක් එල්ල කරනු ලබයි. සියලු අංශ හරහා සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවන ආයතන හා සංවිධාන හඳුනාගනිමින් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු වේ.

එසේම ඇඟලුම් කර්මාන්තය තුළ ක්‍රියාත්මක ගෝලීය සන්නාමයන් හා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව හා සේවක ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් ඉහළ ප්‍රමිතීන් පවත්වැගෙන යනු ලබන නිෂ්පාදකයින්ගේ මිනුම් සලකුණක් ලෙසද RoSPA සඳහන් කළ හැකිය.

MAS අනුබද්ධ ආයතනයන්හි සේවා ස්ථාන ආරක්ෂණ විශිෂ්ටත්වය සම්බන්ධයෙන් දිනා ගනු ලැබූ නවතම සම්මානය වන්නේ ද RoSPA ය. මීට අමතරව MAS KREEDA විසින් 2023 වසරේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගැනීමටද සමත් විය. ISO 45001 සහතිකය, IOSH, UK, පරිණත ආරක්ෂණ තක්සේරු සංස්කෘතිය සහ විශිෂ්ට යාන්ත්‍රික ආරක්ෂණ මිනුම් සමඟින් වන OSH පරිවර්තනීය නායකත්ව වැඩසටහන දියත් කරමින් ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමට MAS KREEDA නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව