MAS Holdings සහ BAM Knitting අත්වැල් බැඳගනිමින් නව ව්‍යාපාර මාවතකට පිවිසෙයි

Image 1 (LBN Fill)

 



 

 

 

MAS සිය සැපයුම් දාමයේ ආයෝජනය වැඩි කරන අතර ශ‍්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය යළි තහවුරු කරයි

MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන BAM Knitting (Pvt) Ltd. හි වත්කම් අත්පත් කර ගනිමින් නව ව්‍යාපාර මාවතක් වෙත පිවිසෙන ලදී. ඒ අනුව නව ව්‍යාපාරයේ බහුතර කොටස් MAS Holdings සතු වන අතර BAM Knitting එහි ව්‍යාපාර හවුල්කරු ලෙස කටයුතු කරයි. මෙම ආයෝජනය හරහා කපු රෙදි සඳහා ගෙතුම්, වර්ණ ගැන්වීම සහ මුද්‍රණ අවකාශය තුළ MAS හි හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කෙරෙන අතර ඇඟලූම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට ඒවා දේශීයව නිෂ්පාදනය කිරීමට සුදුසු මූලාශ‍්‍ර ශක්තිමත් කරනු ලබයි.

MAS හි ප‍්‍රධාන භූමිකාවන් සඳහා MAS විශේෂඥයින් පත් කිරීමෙන් පසු MAS හි තාක්ෂණික සම්පත් සහ විශේෂඥ දැනුම මෙන්ම MAS හි ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳ පුළුල් ජාත්‍යන්තර අත්දැකීම්වලින් මෙම නව ව්‍යාපාරය ප‍්‍රතිලාභ ලබනු ඇත. මෙම නව හවුල්කාරීත්වය හරහා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම් සහ නව නිෂ්පාදන සංවර්ධනයන් සඳහා සහයෝගීව කටයුතු කිරීම අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් MAS හෝල්ඩින්ග්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ, ”මෙම හවුල්කාරීත්වය MAS සහ ශ‍්‍රී ලංකා ආර්ථිකය යන දෙඅංශය සඳහා ඉතා කාලෝචිත පියවරක් ලෙස මා දකිනවා. එය අපගේ මෙරට තුළ සිදු කෙරන මෙහෙයුම් වල වපසරිය වැඩි කිරීමට MAS හට හැකියාව ලබා දෙනවා. ඒ වගේම මෙම ආයෝජනය හරහා MAS විසින් පද්ධතියට එකතු කරන ලද සමස්ත අගය වැඩි කරන අතරම ගෝලීය සැපයුම් දාමයේ ඇති වන අස්ථාවරත්වයට ශක්තිමත්ව ඔරෝත්තු දෙමින් සැපයුම්වල පිරිවැය අවම කරනවා. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ශ‍්‍රී ලංකාව ඇඟලූම් නිෂ්පාදනයේ තිරසාර හා තරගකාරී ගමනාන්තයක් කරා රැගෙන යාම කෙරෙහි අපගේ අඛණ්ඩ විශ්වාසය ද එමගින් ඉස්මතු වෙනවා.” යනුවෙනි.

”විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම නව ආයෝජනය මෙරට ඇඟලූම් කර්මාන්තය කෙරෙහි MAS හි අඛණ්ඩ විශ්වාසය තහවුරු කිරීමක්. රටේ දිගුකාලීන ආර්ථිකමය වශයෙන් පවතින ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආනයනය අඩු කිරීමට සහ අපනයන ශක්තිමත් කිරීමට උපකාර කිරීම සඳහා මෙවැනි මුලපිරීම් ඉතා වැදගත් වෙනවා. MAS ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයනකරු ලෙස මෙම ප‍්‍රයත්නයන් සඳහා නායකත්වය සැපයීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.” යනුවෙන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.

”MAS විසින් සිදු කළ මෙම අත්පත් කර ගැනීම මගින් BAM හි නිර්මාණය කරනු ලබන නිෂ්පාදනවල ගුණාත්මකභාවය තවත් ඉහළ නැංවෙනු ඇති අතර MAS හි ඵලදායී හා කාර්යක්ෂම නිෂ්පාදන ක‍්‍රියාවලීන්, නිෂ්පාදන ඉහල නැංවීමේ විශේෂඥතාව සහ පුද්ගලයා කේන්ද්‍ර කරගත් ශක්තිමත් ආකල්ප ආදිය නිසැකවම දැනට පවතින මෙහෙයුම් ජාත්‍යන්තර තලයේ ව්‍යාපාර බවට පරිවර්තනය කරනු ඇති.” යනුවෙන් මෙම නව ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන BAM Knitting ප‍්‍රධාන විධායක නිලධාරී අමන්ද ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.

මෙම ආයෝජනය, ඇඟලූම් නිෂ්පාදන සඳහා ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සමාගම සිය අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 50% ක් ලබා ගන්නා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමේ MAS හි උපායමාර්ගයේ කොටසකි. මෙම උපායමාර්ගයේ කොටසක් ලෙස MAS විසින් ඵලදායිතා වැඩිදියුණු කිරීම් සහ කාර්යක්ෂම බව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකාව තුළ සිය ධාරිතාව ප‍්‍රශස්ත කිරීමට සහ වර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.

ශ‍්‍රී ලංකාවේ තුල්හිරිය ප‍්‍රදේශයේ පිහිටි BAM Knitting (Pvt) Ltd. යනු BAM Holdings (Pvt) Ltd හි රෙදි නිෂ්පාදන සහ නිම කිරීමේ අංශයයි. 2005 දී ස්ථාපිත කළ මෙය ශ්‍රී ලංකාවේ flatbed knitting අංශයේ කීර්තිමත් සමාගමකි. එම සමාගම අංගසම්පූර්ණ සහ බහුකාර්ය රෙදි නිෂ්පාදකයෙකු ලෙස ක‍්‍රියා කරනු ලබන අතර නූල් සහ රෙදි යන දෙකම වර්ණ ගැන්වීමට, මැසීමට සහ රෙදි මුද්‍රණය කිරීමට හැකියාව ඇත.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

වැඩි විස්තර සඳහා https://www.masholdings.com/ වෙත පිවිසෙන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව