MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

MASEDB1 (LBN)
  • වසරේ විශිෂ්ටතම අපනයනකරු සහ වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ඇතුළු සම්මාන 7ක් දිනා ගනී
  • තිරසාර අපනයන, නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල ව්‍යාප්තිය වෙනුවෙන් ඇගයීමට ලක් වෙයි

ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් ලැබීය-

මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 7 වන දින කොළඹ BMICH හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට ලබා දෙන කැපී පෙනෙන දායකත්වය පිළිබිඹු කරමින් සමස්ත සහ ආංශික යන සම්මාන ද්විත්වයම තමන් සතු කරගනිමින් MAS අනෙකුත් ජයග්‍රාහකයින් අතර විශේෂයෙන් කැපී පෙනුණි. මෙම සම්මාන උළෙලේදී MAS විසින් එහි ඉහළම සම්මානය වන වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළුව වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා විශිෂ්ටතම අපනයනකරු, අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය, අපනයන සැපයුම් දාමයට කලාපවලින් දැක්වූ විශිෂ්ට දායකත්වය සහ නැගී එන වෙළෙඳපොළවල හොඳම ක්‍රියාකාරී අපනයනකරු යන සම්මාන දිනා ගන්නා ලදී. මීට අමතරව ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රයේ මහා පරිමාණ කාණ්ඩය යටතේ විශිෂ්ට අපනයනකරු ලෙසද MAS සම්මානයට පාත්‍ර විය.




මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ “මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපගේ කණ්ඩායම් සාමාජිකයින් 70,000 කගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීමේ ප්‍රතිඵලයක්. අපගේ සෑම තරාතිරකම සිටින MAS සාමාජිකයින්ගේ ඇති දැඩි ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන හැකියාවන්වල විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකයට දායක වීමට මෙන්ම සදාචාරාත්මක සහ ජාත්‍යන්තර තලයේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති කීර්තිය තව තවත් ශක්තිමත් කිරීමට හැකි වීම ගැන අප ආඩම්බර වනවා.” යනුවෙනි.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙල අපනයන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම අවස්ථාව වෙයි. රටේ අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් මෙහිදී ඇගයීමට ලක් කරනු ලබයි.

MAS Holdings හි ව්‍යාපාර ඒකක මීට පෙර 2022/23 සහ 2021/22 යන මූල්‍ය වසර වලදී ද වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මාන දිනා ගෙන ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව