MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි

Image 1 (LBN)

ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නොවැම්බර් 28 දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික සෞඛ්‍යය සඳහා සහයෝගය ලබා දීම අරමුණු කරගත් වසරක සහයෝගීතාවයේ ආරම්භය සනිටුහන් කිරීමට මෙම සහයෝගීතාවය සමත් විය.

තවද කාන්තා සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සිදුකරන ආයෝජනය ඉහළ නැංවීමේ ඒකාබද්ධ දැක්මක් තහවුරු කිරීමටද MAS සහ UNFPA අතර වූ මෙම ගිවිසුම තුළින් හැකියාව උදා විය. ඇඟලුම් ක්ෂේත්රයේ නියුතු කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට තමන්ගේ හඬ අවදි කිරීමට මෙන්ම පොදු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එක් වීම වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීම හා දිරි ගැන්වීමේ උත්සාහයක් ලෙසද මෙම සහයෝගීතාවය පෙන්වා දිය හැකිය. ඒ යටතේ මෙම ආයතන දෙක එක්ව වෛද්ය මධ්යස්ථාන දියුණු කිරීමට, දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඇඟලුම් සේවිකාවන් වෙනුවෙන් ආයෝජන කලාපවල සුවතා පහසුකම් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.
 



 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා අවශ්ය සහයෝගය ලබා දීම නිවැරදි මෙන්ම අපගේ ප්රජාවන් හා ව්යාපාර සඳහා සිදු කළ යුතු බුද්ධිමත් ආයෝජනයක් ලෙසයි මම දකින්නේ. ඒ සඳහා අර්ථවත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් මෙම හවුල්කාරීත්වය තුළින් අපට ලබා දෙනවා. ඇඟලුම් කර්මාන්තයේ කොඳු නාරටිය බඳු කාන්තාවන් වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කරමින් මෙම වැඩසහනෙහි කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. යනුවෙනි.

මෙම හවුල්කාරීත්වයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා MAS සහ UNFPA එක්ව සුවතා මධ්යස්ථානයක් වෙනුවෙන් පුලුල් ආකෘතියක් නිර්මාණය කර පරීක්ෂා කිරීමට නියමිතය. ඒ තුළින් ලිංගික හා ප්රජනක සෞඛ්යය, ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වළක්වාගැනීම සඳහා සහාය මෙන්ම මානසික සෞඛ්යය සහ මනෝ විද්යාත්මක සහයෝගය ඇතුලු අත්යාවශ්ය සේවාවන් සපයා ගැනීමේ අවස්ථාව ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කරනු ඇත.

NFPA හි Return on Investment Tool (ROI-T for Her) යන මෙවලම භාවිත කරමින් සෞඛ්ය සම්බන්ධ වැඩසටහන් ක්රියාත්මක කිරීම මඟින් ලබාගත හැකි මූල්යමය ප්රතිලාභ ඇස්තමේන්තුගත කිරීමට මෙහිදී උත්සාහ කරයි. ඒ සෞඛ්ය සම්බන්ධ වැඩසටහන් ක්රියාත්මක කිරීම තුළින් ලබා ගත හැකි මූල්ය ප්රතිලාභ ඇස්තමේන්තු කිරීම වෙනුවෙනි. එමඟින් මෙම වැඩසටහන්වල වටිනාකම ඉහළ නැංවීමට හා කර්මාන්තයේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අවශ්ය සෞඛ්යය, සුවතාව හා ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් විවිධ සමාගම් දිරිමත් කිරීමටද MAS අරමුණු කොටගෙන ඇත.

 ම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ තවත් විශේෂත්වයක් වන්නේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සාමූහික ක්රියාමාර්ගය ලෙස හඳුන්වන වාර්ෂික ගෝලීය වැඩසටහනෙහි ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටු දැකීමේ දින 16 ට අනුකූල වීමයි. එම ප්රචාරණ වැඩසටහන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දිනය වන නොවැම්බර් 25 දින ආරම්භ වූ අතර මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10 වෙනිදායින් අවසන් වේ. මෙම කාලය තුළ හිංසනයට මුහුණ දුන් කාන්තාවන් සමඟ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ප්රධාන ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට මෙන්ම එම ප්රචණ්ඩත්වයට එරෙහිව සාමූහික ක්රියාමාර්ග ගැනීමට දැනුවත් කිරීම වෙනුවෙන් රාජ්ය හා පුද්ගලික අංශ පාර්ශවයන් සමඟ එක් වීමටද MAS කටයුතු කරනු ඇත. ඒ අනුව ‘Orange the World’ ගෝලීය ව්යාපාරයේ පියවරක් ලෙස ශ්රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා ස්ත්රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයට එරෙහි සංසදය එක්ව කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වයට විරුද්ධ ක්රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට හා බලමුලු ගැන්වීමට කටයුතු කරනු ලැබුවේ නොවැම්බර් 25 වන දින කොළඹ මහ නගර සභාව තැඹිලි පැහැයෙන් ආලෝකමත් කරමිනි.

UNFPA සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර දැනුවත් කිරීමේ සැසි 2ක් සංවිධානය කිරීමටද MAS කටයුතු කරන ලදී. එම සැසි පවත්වනු ලැබුවේ කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්රී පුරුෂ භාවය පිළිබඳ UNFPA හි ජාතික වැඩසටහන් විශ්ලේෂිකා බිමලී අමරසේකර විසිනි. සේවා ස්ථාන හා ප්රජාවන් තුළ කාන්තා සෞඛ්යය හා ස්ත්රී පුරුෂ සමානාත්මතාව සඳහා අවශ්ය දැනුම සහ උපදෙස් මෙම සැසි තුළින් සේවක සේවිකාවන් වෙත ලබා දීම සිදු විය. ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටීමට හා කාන්තා සෞඛ්යය හා යහපැවැත්ම ප්රවර්ධනය කිරීම සඳහා MAS විසින් මෙහෙයවනු ලබන අධ්යාපනය, සහයෝගය හා උපදේශනය සඳහාද මෙම සැසි සුවිසල් පිටිවහලක් විය. මෙම වැඩසටහන සඳහා ආයතනය හා සම්බන්ධ අභ්යන්තර පුහුණුකරුවන්, උපදේශකයින් හා ස්වේච්ඡා සේවකයින් ඇතුලු 80කට වැඩි පිරිසක් සහභාගී වූ අතර සිය  සහභාගීත්වය සනිටුහන් කරමින් ඔවුන් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වීමද විශේෂත්වයකි.

මේ අවස්ථාවට එක් වූ UNFPA හි නියෝජිත Kunle Adeniyi මහතා පැවසුවේ සේවා ස්ථානයන්හි මේ ආකාරයේ වැඩසටහන් ආරම්භ කිරීමේදී සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ හැකියාව උදා වනවා. ඉන් ඔබ්බට යාමේදී ආයෝජනයන් තුළින් සෞඛ්යය හා යහපැවැත්ම සඳහා අවස්ථාව සලසා ගැනීමට හැකියි. කර්මාන්ත හරහා කාන්තාවන්ගේ සංවර්ධනයට අවශ්ය සහයෝගය ලබා දීමක් ලෙස එය පෙන්වා දිය හැකියි.

අප විසින් ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් සෑම කෙනෙකුටම ආරක්ෂිත, සෞඛ්ය සම්පන්න පරිසරයක්  නිර්මාණය කිරීමට මෙන්ම අවසානයේදී සමාන සෞඛ්යය හා ස්ත්රී පුරුෂ සමානාත්මතාව ඉහළ නැංවීම සඳහා ආයතනික හා ගෝලීය ප්රයත්නයන්හි එක්වීම තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ කදිම උදාහරණයක් සපයනවා. ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීමෙන් හා සාමූහික ක්රියාකාරකම් පෝෂණය කිරීමෙන් ඇඟලුම් ක්ෂේත්රයේ නියුතු කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ සෞඛ්යය හා යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීමට අවශ්ය ශක්තිය හා දිරි ගැන්වීම් ලබා දීමට අපි කටයුතු කරනවා.

 තවද මෙම හවුල්කාරීත්වය ව්යාපාරය හා එහි කොටස්කරුවන්ගේ ජාලය හරහා තිරසාර පරිවර්තනයක් ඇති කිරීමට කටයුතු කරන MAS හි වෙනසක් සඳහා වූ සැලසුමට අනුකූල වීමද විශේෂත්වයකි. එය MAS හි කාන්තාවන් සවිබල ගැන්වීමේ උපායමාර්ගික පියවරක් වන එක්සත් ජාතීන්ගේ ගෝලීය එකතුවේ (UNGC) ප්රතිපත්ති යටතේ මෙහෙයවනු ලබන Changing Lives for Good යන්න අරමුණු කොට ගත්තකි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ Women Go Beyond වැනි අඛණ්ඩ වැඩසටහන් තුළින් ස්ත්රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් හරවත් බලපෑමක් ඇති කිරීමේ MAS හි දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.

ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය යනු ඉක්මණින් විසඳිය යුතු ගැටලුකාරී තත්වයකි. කාන්තාවන් හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනයට කිසිඳු සමාවක් නොමැත. මෙම ඒකාබද්ධ උත්සාහය තුළින් ශ්රී ලංකායේ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ මෙතෙක් ඉතිහාසය තුළ කතාබහ කළ දේ ප්රායෝගිකව ක්රියාත්මක වන අනාගතයක් දැකිය හැකි වනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව